උණුසුම් පුවත්

පාදඩ මාධ්‍ය වලට රැවටී අපි රට බේරා ගැනීම අත් හරිමුද

Also available in: English (English)

Spread the love

මැතිවරණයක් පැවැත්විය යුතු දින කාල වකවානු ආසන්න වෙමින් පවතින විට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ටත් ඔවුන්ගේ ඔඩොක්කු කුක්කන් ගෝපයියන් හා මැක්කන් ගේ බඩ පපුව දන්නට පටන් ගෙන තිබේ.රනිල් රාජපක්ෂගේ රතු තොල් ගැන්සියේ අකිල විරාජ් කාරියවසම් ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කීවේ ඡන්ද වලට වියදම් කර පසුව පැට්‍රල් ගෑස් නැති යැයි දෙස් දෙවොල් තබන්න⁣ට එපා කියලාය.ප්‍රතිභා මහනාම පෙරකදෝරු උන්නැහේ කීවේ මේ ඡන්ද පවත්වන වෙලාවක් නොවන බවය.ආණ්ඩුවේ තව කටුස්සෙක් මොර ගෑවේ ඡන්ද ඔිනෑ වී ඇත්තේ විපක්ෂයට මිස ජනතාවට නොවන බවය.

ඒ කොහොම වෙතත් ඡන්දයක් පැවැත්වු⁣වහොත් ආණ්ඩුව කුජීත වන බව දන්නා නයි දෙරණ හා කුඩු හිරු නාලිකා විවිධ හැඩයේ ගේම් ගසා මහජනතාව බිය වද්දමින් සිටී.රට පුරා අයිස් නාඩගමක් නිෂ්පාදනය වන්නේ ඒ සඳහාය.ආණ්ඩුවට එරෙහිව සටන් කරන තරුණ අරගලකරුවන් හා භික්ෂූන්ටද එරෙහිව විවිධ මඩ ප්‍රචාර දියත් වෙමින් තිබේ .ආසන්න දිනයකදී බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ වැසිකිලි වලකින් මත්පැන් හිස් බෝතල් තොගයක් හමුවූ බවට මේ මාධ්‍ය වැසිකිළි වලින් අනාවරණය කෙරිණි.නයි දෙරණ හා කුඩු හිරු තළු මරමින් විකාශනය කළ මේ ප්‍රවෘත්තිය සැළසුම් සහගත මඩ ⁣ගැහිල්ලක් බව අපට නිරීක්ෂණය වී තිබේ.වැසි සමයක ගලි වලකින් මඩ නොගෑවුන පොහොර උර හිස්  බෝතල්  හා  බියර් කෑන් හමුවීම මාරම සිද්ධියකි.මෙම ගලි වලට දැමූ හිස් බෝතල් එකක්වත් කුඩු වී නැති වීම ඊට වඩා පුදුම සහගතය. ගලි වල වටා ඊයේ පෙරේදා දවසක තණ කොල උදලු ගා පිරිසිදු කර ඇත්තේ හිස් බෝතල් නාඩගම රඟ දැක්වීමේ අපේක්ෂාවෙන්    බව තේරුම් ගත හැකිය.එම නාඩගමේ බඩ කොරවන තරමේ විහිළුව වන්නේ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ ගිහි පැවිදි  ශිෂ්‍යයන් අවුරුදු ගණනාවක් එකම බ්‍රෑන්ඩ් එකක් බීමට  හා ඒ බීම පානය කිරීමෙන් පසුව හිස් බීම බෝතල් සියල්ලම මූඩිය ගසා එම ගලි වලට දැමීමට තරමේ විනය ගරුක වී තිබීමය.නයි දෙර⁣ණ හා කුඩු හිරු වාහිනී වල හම ගහන මේ බේබදු  ශිෂ්‍යයන් ගැන මල්වතු අස්ගිරි අමරපුර මහා නායක උන්දැලාට පස්වනක් ප්‍රීතියටද පත් වීමටද පුළුවන.ඒ අපගේ ගෝල හිමිවරු වැරැද්දක් සිදු කෙරුවද එය විනය පිටකයට අනුගතව සිදු කරන ලද බව ජනතාවට පෙන්වා දීමෙනි.  
නයි දෙරණ ලැජ්ජාවක් හිරිකිතයක් නැතුව මේ රටේ ජනතාවගේ නාසය විද මී හරක් පට්ටියට කැඳවාගෙන යන වාහිනියකි.මේ වාහිනී තක්කඩියන් රොත්ත කවදා හෝ අමුඩ අන්දා ගාලු මුව දොර පිටියේ දණ ගස්සා කැන්ගරු දඬුවමකට ලක් කළ යුතු අමුම අමු පාදඩයන්ය.මුන්ට හා මුන්ගේ දරු මල්ලන් පණ පිටින් විඳවන දවසක් ළඟ ළඟම  එන බව නම් සහතිකය.කැළණි නයා පෙන්වූ පාදඩ බහිරවයා අද ඇඳ උඩ මල මුත්‍ර රහ බලමින් සිටින්නේ එදා  සිදු කළ පාප කර්ම⁣ය මේ ආත්මයේදීම පල දීම නිසා බව කවරෙකු හෝ කිව හැකිය.චතුර අල්විස්ලා හා චමුදිත සමරවික්‍රමලා,සුදේව, රංඟන වැනි පාදඩයන්ට  වැහි නැති හෙණ පාත් වෙන දිනයක් කවදා හෝ උදාවන්නටද ඉඩ ඇත.
තමන්ගේ දේශපාලන ස්වාමිවරුන් වෙනුවෙන් සිය ආත්මය පාවා දෙන මේ වාහෙලා ගේ ජාතකය ගැන පවා අපට ඇතිවෙන්නේ හිරිකිතයකි.අපුලකි.
ලැජ්ජාවකි.මොවුන් ජනතාවට පෙන්වන හාස්කම් හා නාඩගම් මොවුන්ගේ අසික්කිත ⁣ගෝත්‍රික දේශපාලනයේ එක් කොටසකි.
කෞටිල්‍ය නැතහොත් විෂ්ණු ගුප්ත නම් අර්ථ සාස්ත්‍රඥයා ජීවත්වූයේ මීට වසර දෙදාහකට පමන ඈතදීය.ඔහු විසින් රචිත අර්ථ ශාස්ත්‍ර නම් කෘතියේ දක්වා ඇති උපදෙස් නයි දෙරණ හා කුඩු හිරු ජනතාව විශ්මයට පත් කරවා දැන් පෙන්වන නිවුස් අතර ඇත්තේ අපූරු සමාන බවකි.කෞටිල්‍ය මේ උපදෙස් දුන්නේ මයුර අධිරාජයාගේ රාජ්‍ය බලය තහවුරු කිරීමටය. මෙහිදී ජනතාව රැවටීමට කෞටිල්‍ය මෙසේ ලියා තිබේ.
“….අඥානයන් රැවටීමට මැජික් ,ගුප්ත දේ සහ විශ්ම කර්ම යොදා ගන්න.නාගයෙක්
හෝ වරුණ (ජල දෙවියා) යැයි මවා පෑමට ඒජන්තයන් යොදා ගන්න.ඔහු සුදු පාටින් පිරියම් කර රහසිගත ක්‍රමයකින් ජලයෙන් මතුවීමට සලස්වන්න.
එමෙන්ම ගං ඉවුරේ ඇති රහසිගත උමගකින් ආපසු ⁣යන බව අඟවන්න.
අනතුරුව තවත් රාජ සේවකයන් නාගයාගේ සතුරා පසුපස පන්වන බවත් ඕනෑම දෙයක් කළ හැකි වරමක් නාගයාගෙන් රජුට ලබා ගන්නා බවත් මවා පෙන්වන්න.
සඳ සම්පූර්ණයෙන්ම බැබලෙන හෝ නව සඳ ඇති රැයෙහි රාක්ෂයකු පැමිණ මිනිසුන් පණ පිටින් ගිල දමන බවට කට කතාවක් පතුරන්න.අනතුරුව රාක්ෂයා පෙනී සිටිමින් රාජ සේවකයකු මිනිස් බිල්ලක් ලෙස ඉල්ලා සිටිය යුතුය.
ඉන්පසු එතැන පසුකර යන ඕනෑම  කෙනෙකුට යකඩ දණ්ඩකින් පහර දී ඝාතනය කොට එය රාක්ෂයා පිටින් යැවිය යුතුය.තවද රහස් ඔත්තු කරුවන් සහ සාස්ත්‍රකරුවන් ලවා තැන තැන යක්ෂයන් දැක ඇති බව ප්‍රචාරය කළ යුතුය.
එක රැයකින් හෝ එකවරම වාගේ හාස්කමක් ලෙස පන්සලක් හෝ දේවාලයක් බිහිවූ බව පෙන්වන්න. පොළක් හෝ උත්සවයක් පවත්වා මුදල් ගරා ගන්න .නැතිනම් හිස් ගනනාවක් ඇති නාගයකු ඉපිද ඇතැයි මැජික්කාරයකු ලවා පෙන්වන්න. නැතිනම් අකලට මල් පීදීමක් සොයා ගන්න.එය දිව්‍යමය සිඳුවීමක් බව ප්‍රචාරය කරන්න.එහෙමත් නැතිනම්  අද්භූත රෝගයට ප්‍රතිකාර යැයි බොරු බෙහෙතක් අලෙවි කරන්න.හාස්කම් ප්‍රශ්ණ කරන අය බය වද්දන්න.මේ හාස්කම් නොපිළිගන්නා අයවළුන් බිය ගන්වා ඒවා පිළිගැනීමට පෙළඹවිය යුතුය.රහස් ඔත්තුකරුවන් ලවා මේ ප්‍රශ්ණකරන්නන්ට වස මිශ්‍ර වතුර බොන්නට දී ඔවුන්ට වැළඳුන රෝගය⁣ට හේතුව දේව සාපයක් යැයි ප්‍රචාරය කරන්න.වස කැවූ අය එම විසෙන්ම මරා දමා එය දෙවියන්ගේ පලි ගැනීමක් බව ප්‍රචාරය කරන්න….” 
දැන් මේ ආණ්ඩුවේ තක්කඩියන් රට තුළ නිර්මානය කරමින් සිටින්නේ කෞටිල්‍ය ගේ උපදෙස් අනුව යමින් නූතන හැඩයට
නිෂ්පාදනය කරන ලද ජනතාව බිය වද්දන හා තැති ගන්වන පන්නයේ  නාඩගම් බව හොඳ සිහියෙන් සිතා බලන්නෙකුට වටහා ගත හැකිය. 

Spread the love

Leave a Comment

You may also like