සමාජ ජාලා ඔස්සේ සිඳු කළ දේශපාලනික මත විමසුමකදී ශ්‍රී ලංකාවේ ඉදිරි නායක්වයට සුදුසුම පුද්ගලයා ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඉහළම මනාප ලබා ගෙන ඇතැයි වාර්තා වේ.මෙම අන්තර්ජාල මත විමසුම ඇරඹී පැය ගනනකදී ඡන්ද 12000කට ආසන්න ප්‍රමාණයක් අනුර කුමාර දිසානායක වෙත හිමි වී තිබේජාතික ජන බලවේගයේ නායකයා ලෙස අනුර කුමාර දිසානායක මෙම මත විමසීමේදී ඉන් ඡන්ද සියයට 90ක ප්‍රතිශතයකට හිමි කම් කියද්දී දෙවන ස්ථානයට පත් වී ඇති රනිල් වික්‍රමසිංහ ලබා ගෙන ඇත්තේ සියයට සියයට 4කට අඩු චන්ද ප්‍රතිශයකි.සමගි ජන බලවේගයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම මත විමසුමේදී තුන්වන ස්ථානයේ රැඳී සිටින අතර ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශය සියයට 3 ට අඩුය.මෙම මත විමසුම තුළින් ආණ්ඩු විරෝධී දේශපාලන නායකයන් අවධානයට ගත යුතු දේශපාලන සංඥාවන් ගණනාවක් ඇති බව අපට අවබෝධ වේ.එහිදී මෙරට බලය ලබා ගැනීම සඳහා වූ බහුතර ඡන්ද බලය ලබා ගැනීම වෙනුවෙන් ජනවාර්ගික ආගමික පන්තිමය සමාජ ලිංගික යන සබඳතා වෙත සමීප විය යුතු බවද අපට අමතක කළ නොහැකිය.ඒ තුළ පැන නැගෙන ප්‍රශ්ණය වන්නේ ජාතික ජන බලවේගය මෙම සියළු සබඳතාවන් සපුරා තිබේද යන්නය.නාගරික හා අර්ධ නාගරික දේශපාලනහැසිරීම තෙල් හා ගෑස් සැපයුම මත තක්සේරු වන විට ග්‍රාමීය කම්කරු ජනතාව එදා වේල පිරිමසාගත හැකි දේශපාලන ක්‍රමයක් පිළිබඳව කල්පනා කරමින් සිටී.ආණ්ඩු බලය ලබා ගැනීම සදහා පවතින පීඩාකාරී දේශපාලනය තුළින් ගලවා ගැනීමේ පොරොන්දුව ඉතා වැදගත් යැයි සමහර විපක්ෂ දේශපාලඥයන් ගේ අදහස වී තිබේ.මේ සියල්ල තුළින්ම පැහැදිලි වන ප්‍රධාන කාරණය වන්නේ ආණ්ඩු වෙනසක් හා දේශපාලන ක්‍රමයේ වෙනසක් සඳහා දැන් සමාජය විවෘතව පවතින බවය.පොදුජන පෙරමුණට ආකර්ශණය වී සිටි ඡන්ද දායකයන් ඉන් ඉවත්ව යමින් තිබේ.ඔවුන් කිසි විටක රනිල් වික්‍රමසිංහ ගේ මිල්ටෙරි ආධිපත්‍යය යටතේ ගොනු නොවන බව පෙනී යයි.ඒ ඔවුන්ගේ නායකයා වූ මිල්ටෙරි නන්දසේන සමාජය වෙත මුදා හරින ලද හමුදා පරිපාලනය තුළින් තහවුරු වූ නොහැකියාව පිළිබඳව ඔවුන් අත්දැකීමෙන් ලද නිගමනයයි.හමුදා ජනරාල් වරුන් විහිළු කාරයන් බවට පත්ව වේදිකාවෙන් ඉවත් වී ගිය ආකාරය ගැන ඔවුන්ට අත්දැකීම් තිබේ. රනිල් රාජපක්ෂ ජනපතිවරයා මෙහිදී ආරක්ෂක හමුදා යොදවා ගනිමින් සිටින්නේ ප්‍රඡාතන්ත්‍රවාදී සමාජය තලා පොඩි පට්ටම් කිරීම සඳහාය.ඒ අරුතෙන් ගත් කළ මිල්ටෙරි නන්දසේන ගේ භාවිතය හා රනිල් රාජපක්ෂගේ අරමුණ අතර පැහැදිලි වෙනසක් පවතී.එහෙත් සමාජය තුළ ආරක්ෂක හමුදා යාන්ත්‍රණය සමග ගණුදෙනු කිරිිමට කැමති නැති වටපිටාවක් දැන් නිර්මාණය වී තිබේ.රාජපක්ෂවරුන්ගේ දේශපාලනයද දැන් බිමට පාත් වී හමාරය.ඔවුන් කවර නාඩගම් නැටූවද නැවත එය උස්සා තැබීමට ඇට්ලස් යෝදයාටත් නොහැකිය.එහෙත් මෙරට සමාජ සංස්කෘතික වටපිටාව තුළ සිදු විය හැකි “හදිසි පරිවර්ථනයක්” ගැන අපට අදහසක් තිබේ.හදිසියේවත් මහින්ද රාජපක්ෂ මිය ගිය හොත් එය මෙරට සමාජයේ සංස්කෘතික හෘද සාක්ෂිය කම්පනය කරන සිදුවීමක් බවට රූපාන්තරනය කරවීමට මෙරට අධිපතිවාදී ජනමාධ්‍යය කටයුතු කරන බව නිසැකය. ඒ තුළින් මේ මිය ගොස් ඇත්තේ රට බේරාගත් වීරයා යනුවෙන් නැවත දේශප්‍රේමී තුරුම්බුව පිටියට වැටිය හැකිය.එය එසේ සිදු වුව හොත් රාජපක්ෂ පවුල නැවත මෙරට දේශපාලනයේ ඉහලට එසවෙන්නේ මහින්ද රාජපක්ෂගේ තුන් මාසයේ දානයටත් පෙරය.මෙය වටහා ගත හොත් රාජපක්ෂ පවුලේ සිත් පිත් නැති මෙලේච්ඡයන් මහින්ද රාජපක්ෂගේ මරණය ඉක්මන් කරවීමට බලපෑමි කරවන තරමේ සත්වයින් විය හැකි බවද අප අමතක කළ යුතු නැත.ජාතික ජන බලවේගය පිළිබඳව සමාජය තුළ යම් අදහසක් පවතී.ඒ මේ වතාවේ කොල්ලන්ට ඡන්දය දී බලන්න ඕනෑය කියන අදහසයි.ඒ අදහස සමග සිටින බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව දූෂිත ගනුදෙනු වලින් තොර සමාජයකි.විදේශගතව සිටින බොහෝ ශ්‍රී ලංකික තරුණයන්ද ආරක්ෂක හමුදා වල සාමාන්‍ය සෙබළුන්ද පොලීසියේ පහල නිළධාරීන් තුළද ජාතික ජන බලවේගය ගැන ඇගයීමක් පවතින බව අපට තේරුම් ගොස් තිබේ.මෙම ඇගයීම මෙරට කවර ආකාරයේ හෝ මැතිවරණයක් පැවැත්වීමට දින නියම කිරීමෙන් පසුව තව දුරටත් ඉහළ යාමට හැකි ප්‍රවණතාවකි.කවුරු මොන ආකාරයේ තක්සේරුවක සිටියද ජාතික ජන බල වෙිගය මෙරට දේශපාලනයේ ප්‍රබල බලපෑම් කණ්ඩායමක් බවට පරිවර්තනය වීමට බොහෝ ඉඩකඩ පවතින බව කිව යුතුමය.එහෙත් ඔවුන් හට මෙරට බලය ලබා ගැනීම සඳහා තව බොහෝ කැපකිරීම් හා අභ්‍යාස කරන්නට සිදු වෙනු ඇත.අප එසේ ලියන්නේ උතුරු නැගෙනහිර හා මධ්‍යම කඳුකරයේ වතු ආශ්‍රිත ඡන්ද පදනම සළකාය.එහිදී ඔවුන් හට ජාතිකත්වය සමග බැඳුන දේශපාලන පක්ෂ සමග අන්‍යයෝන්‍ය මිත්‍රශීලී ආමන්ත්‍රණයක නිරත වීමට සිදු වෙනු ඇත.තවමත් සිඳුවී නැත්තේ එය බව පෙනේ.විරුද්ධ පක්ෂය තුළ ආණ්ඩු විරෝධී දේශපාලන නායකයන් තවමත් දේශපාලන රැස්වීම් වලට සහභාගි වන්නේ ආරක්ෂක භටයන් පිරිවරාගෙනය.මේ ආදර්ශය පවා සමාජයේ දැඩි කතාබහට ලක්වෙමින් පවතින බව මෙම නායකයන් දැන ගත යුතුය.මෙරට සමාජයට දැන් අවශ්‍ය වී ඇත්තේ මුරකාවල් දමා ගත් නායකයන් නොවේ.සමාජය දැන් එය විග්‍රහ කරන්නේ ජාතික ජන බලවේගයේ නායකයන් උදාහරණයට ගනිමිනි.පරාණ බය නම් දේශපාලනය කරන්නේ මොකටදැයි සමාජය ප්‍රශ්ණ කරන වටපිටාවක් නිර්මාණය වී තිබේ.මේ කාරණා ඇතැම් විට නොවැදැගත් ඒවා යැයි ඇතමකුට සිතෙන්නට පුළුවන.එහෙත් ආණ්ඩු විරෝධී සියළු දේශපාලන නායකයන් දැන් සිටින්නේ ටෙස්ට් ටියුබ තුළ බව ඔවුන් වෙත අප සිහිපත් කරන්නට කැමතිය.