උණුසුම් පුවත්

පොලිස් කොමිෂමේ සභාපති ගුවන් තොටුපොලේදී බැසිල් රාජපක්ෂට වැඳ සමාව අරගෙන

Spread the love

ශ්‍රී ලංකා ස්වාධීන පොලිස් කොමිෂමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු ඊයේ (20)දිවයිනට පැමිණි පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පිළිගැනීමට ගුවන් ප්‍රභූ පර්යන්තයට ⁣යාම පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්ණ කෙරිණි.

අද දිින (21)පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව කතානායක වරයාගෙන් ප්‍රශ්ණ කරනු ලැබුවේ සමගි ඩන බලවේගයේ පාම නලින් බණ්ඩාරය.
ඔහු එහිදී මෙසේ පැවසුවේය.
අපි සේරම එකතු වෙලා 21 ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තා.එහි පැහැදිලිවම තියෙනවා අපේ කොමිෂන් සභා ස්වාධීන කිරීම ගැන
මම මේ කතාවට අදාලව සීඩී එකක් සභාගත කරනවා.ගරු කතානායක තුමණි, පොලිස් කොමිෂමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු,එහි සාමාජික එම්.පී.පෙරේරා ඊයේ බැසිල් රාජපක්ෂ පිළිගන්න ගුවන් තොටුපොළට ගිහින් තියෙනවා.එහෙනම් කොහෙද මේ ස්වාධීන කොමිෂම්.ඔබතුමා මූලික වෙලා මේ හාදයො දෙන්න කණෙන් ඇදලා එළියට දාන්න කටයුතු කරන්න.
එහෙම නැතිනම් 21 ව්‍යවස්ථා සංශෝධනය කළාට වැඩක් නැහැ.මේ වගේ කොමිෂම් දාගෙන කෙහොමද රටක් ඉස්සරහට යන්නෙ.එදා ගුවන්තොටුපොළෙන් එළියට 
ගුවන් තොටුපොළේ මිනිස්සු තමයි හොරාව කපුටව අල්ලගන්නේ.දැන් කපුටව   පිළිගන්න  පොලිස් කොමිෂමේ සභාපතිවරයා යනවා.මෙතැනත් ඉන්නවා.ලැජ්ජ නැති මිනිස්සු.ඒ නිසා කරුණාකරල මේ පොලිස් කොමිෂමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දුයි ,එම්.පී පෙරේරායි කණෙන් ඇදලා එලියට දානින කියල බොහොම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලනවා.
මේ අවස්ථාවේ කතානායක වරයා ප්‍රකාශ කරන ව්‍යවස්ථා සංශෝධනය පරිදි කොමිෂන් සභා අලුතෙන් පත් කිරීම හෙට අනිද්දාට පත් කරන බවය.
මෙම පාර්ලිමේන්තු රැස්වීම් වාරයේදී සමගිජන බලවේගයේ මන්ත්‍රී එස්.එම්.මරික්කාර් ප්‍රශ්ණ කෙරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් තබා ප්‍රාදේශීය සභාවකවත් නියෝජනයක් නැති බැසිල් රාජපක්ෂ ගුවන් තොටුපොළ අති විශේෂ ප්‍රභූ පර්යන්තයෙන් එලියට පැමිණියේ කෙසේද හා ඔහු ගුවන් තොටුපොලේ සිට පොලිස් ආරක්ෂක රථ යොදා ගනිමින් කොළඹට රැගෙන ආවේ කවර පදනමක් මතද යන්න ගැනය.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් 
ගේ ප්‍රශ්ණයට සභානායක වරයෙගෙන් පිළිතුරු නොලැබුණි.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා සිය ට්විටරයේ  සඳහන් කර තිබුණේ පොලිස් කොමිෂමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු ඊයේ බැසිල් රාජපක්ෂ පිළිගැනීමට පැමිණ ඔහු පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණීමට අපොහොසත්වීම ගැන වැඳ වැටී සමාව ඉල්ලූ බව ගුවන් තොටුපොළ සේවකයන් තමන්ට පැවසූ බවය.
  
   

Spread the love

Leave a Comment

You may also like