ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතෙන් දින අනූවක රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත් වරයෙකුට ඉදිරිපත් කරන්න යැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.ඒ වසන්ත මුදලිගේ විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදීය.එසේම ඔහු වහාම කරාපිටිය රෝහළෙහි අධිකරණ වෛද්‍ය වරයා වෙත යොමු කර සෞඛ්‍ය තත්වය ගැන පරීක්ෂා කෙටෙ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
ඔහුගේ පවුලේ ඥාතීන්ට හා නීතිඥවරුන්ට ප්‍රමාණවත් කාලයක තුළ ඔහු හමුවීමට අවස්ථාව සලසා දෙන ලෙසද වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය
නියෝග කර තිබේ.
මෙම පෙත්සම් විභාගයේදී වසන්ත මුදලිගේ වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත කරුණු දැක්වූ නීතිඥ කණ්ඩායම කියා සිටියේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති වරයාද මග හරිමින් වසන්ත මුදලිගේ ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් තිදෙනාට එරෙහිව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කටයුතු කරන ලෙසට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවය.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ජනවාරි 31 දින විභාගයට ගැනීමට නියමිතය.නොවැම්බර් මස 18 වන දිනට වසන්ත මුදලිගේ හා ගල්වැව සිරි ධම්ම හිමියන් රඳවාගෙන දින අනූවක කාලය සම්පූර්ණ වේ.තවදුරටත් මෙම රඳවා තබා ගැනීමේ කාලය දීර්ඝ කරන්නේද යන්න ගැන පොලීසිය මෙතෙක් අනාවරණය කර නැත.