ලැබී ඇති තොරතුරු අනුව අපරාදේ (අපරාධ) පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ හිටපු අධ්‍යක්ෂකයකු සහ දැනට කොළඹ දිසාව භාර වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති කෙනෙකු වන කුප්‍රකට රොහාන් ප්‍රේමරත්න හෙවත් තුප්පහි රොහාන් CID එකේ අධ්‍යක්ෂක වරයාව සිටි කාලයේදී නයිජීරියානු උන්ඩියල් ජාවාරම්කරුවන් සමග දේශීය උන්ඩියල් ජාවාරම්කරුවකු සහ සැකකරුවන් දෙදෙනෙකු වන උමර් නමැත්තා සහ රම්සි නමැත්තන් ගෙන් රු. 7,543,110/=ක මුදලක් සමග ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන තිබුනේ පැලියගොඩ කොට්ටාස අපරාධ ඒකකයේ IP ලින්ටන් විසින්ය.
රොහාන් ප්‍රේමරත්න හෙවත් තුප්පහි රොහාන්………
මේ පිළිබඳව ඔහු විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 05හි නඩු අංක 4736/05/21 දරන නඩුකරය ගොනුකර ඇත.මේ පිළිබඳව කරුණු සැලවූ වහාම එවකට CID අධ්‍යක්ෂක ව සිටි රොහාන් ප්‍රේමරත්න නොහොත් තුප්පහි රොහාන් විසින් තර්ජනාත්මකව සිදුකරනු ලැබ ඇති නියෝග මත මෙම විමර්ශන කටයුතු සහ මුදල් ඔහු භාරයට ගෙන ඇත. රම්සි නමැත්තා සතුව තිබු රු. ලක්ෂ 15 ක්ද එම අවස්ථාවේම තුප්පහි රොහාන් විසින් මංකොල්ලා කාගෙන අධිකරණයේ නඩු භාණ්ඩයක් ලෙස පවතී රු. 7,543,110/=ක මුදලද (ලක්ෂ 75පමන) සොරාගෙන ඇත. ඊට අමතරව විදේශිය ගණිකාවන් දෙදෙනෙකුගේ පහසද මෙම සැකකරුවන්ගෙන් ඔහු ලබාගෙන ඇත. තවත් විදේශීය ගණිකාවන් දෙදෙනෙකු සහ ලක්ෂ 30ක මුදලක් දේශබන්දු වෙත සහ අධිකරණයේ විනිසුරුවරයෙකුට යැවීමට අවශ්‍යයි කියා නැවත වරක් දින 8කට පසුව ඔවුන්ගෙන්ම ඉල්ලාගෙන යවා ඇත.
පසුව තුප්පහි රොහාන් විසින් අධිකරණයට අසත්‍ය වාර්තාවක් ඉදිරිපත්කර නඩු භාණ්ඩ එම සැකකරුවන්ට මුදා හැරීමට කටයුතු කරන මුවාවෙන් එම මුදල් ඔහු විසින් සොරාගෙන ඇත. සැකකරුවන්ගේ නීතිඥයන්ටවත් නොදන්වා සැකකරුවන්ගේ විදේශගතවීමේ තහනමද අධිකරණය නොමග යවා ඉවත්කරගෙන ඔවුන්ව ගුවන් තොටුපොලටද පොලිස් ආරක්ෂාව සහිතව ඇරලවා ඇත්තේද රොහාන් ප්‍රේමරත්න විසිනි. ඔහු විසින් සකකරුවන්ටද කියා
ඇත්තේ……”මේක ඔබලාගේ නීතිඥවරුන්ට දැන්වුවහොත් ඔවුන් මේ නඩුව ඇදගෙන යනවා එතකොට වසර ගණනක් ඇප නැතිව රක්ෂිත භාන්ධනාගාර ගතවෙනවා සහ නීතිඥවරුන් මේ මුදල වගේ 10 ගුණයක් උඹලගෙන් කඩාගන්නවා ඒ නිසා ඔහුටත් දෙෂබන්දුටත් විනිසුරුවරයාටත් මේ මුදල් සහ රුසියානු ගණිකාවන් ලබාදීලා වැඩේ ශේප් කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ මම ආරක්ෂාව සහිතව ගුවන් තොටුප්ලටම ගිහින් බස්සනවා කියාය…… “
අධිකරණයට ඉදිරිපත් කර තිබු එම නඩු භාණ්ඩ වන සම්පුර්ණ මුදල වන රු. ලක්ෂ 75කට අධික මුදල් රොහාන් ප්‍රේමරත්න විසින් ජේ.නි.පො. දේශබන්දු තෙන්නකෝන් සමග බෙදාගත් බව හෙළිවී ඇත. දේශබන්දු සහ තුප්පහි රොහාන් යනු බල්ලෝ මරා හරි සල්ලි ලබාගන්න තරම් මුදලට ඇබ්බැහි වුන දුෂිතයන් සහ සල්ලාලයන් දෙදෙනෙකි. අපරාධ නීතිය යනු අපරාධකරුවන් බේරා ගැනීමේ නිතිය බවට මොවුන් දෙදෙනා පරිවර්තනය කරගෙන ඇත.
CID හිටපු අධ්‍යක්ෂ සහ දැනට වැඩබලන නියෝජ්‍ය පොලිස්පකීර් රොහාන් ප්‍රේමරත්න විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ වශයෙන් රාජකාරි කල කාලය තුල සිදුකරන ලද වංචා සහ දුෂණ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිදුකල මෙම විමර්ශනයේදී හිටපු අධ්‍යක්ෂ වරයා නඩුවට අදාළ නිලධාරීන්ට අයුතු බලපෑම් කරමින් අධිකරණයට අසත්‍ය වාර්තා ඉදිරිපත්කිරීම සඳහා එම නිලධාරින් තර්ජනාත්මකව පෙළඹවා ඇති බවත් ඒ මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 05හි නඩු අංක 47361/05/21 දරන නඩුවේ නඩු භාණ්ඩයක්ව පැවති රු. 7,543,110/=ක මුදලක් සැකකරුවන්ට මුදාහරිමින් දුෂිත ක්‍රියාවක යෙදී ඇති බවට අනාවරණය වන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ මූලහ්‍ය අපරාධ විමර්ශන ඒකක 02හි ස්තානාධිපති පොලිස් පරීක්ෂක බී. එස්. ජයරත්න මහතා සහ පොලිස් සැරයන් (14719) ප්‍රියන්ත අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
රොහාන් ප්‍රේමරත්න සහ දේශබන්දු……..

මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමෙන්තුවෙන්ම විමර්ශනයක් ආරම්භ කරන ලදී. එම විමර්ශනය පොලිස් අධිකාරි N. V. ලෝරන්ස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කර තුප්පහි රොහාන්ට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ කරුණු වාර්තා කිරීමෙන් පසුව කුපිතවී ඇති රොහාන් ප්‍රේමරත්න සහ දේශබන්දු තෙන්නකෝන් විසින් පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමෙන් පසු SP ලෝරන්ස් මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමෙන්තුවෙන් ඉවත් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර ඇත. මෙම අපරාධයට අදාළ ලිපිගොනුව පොලිස්පතිවරයා වෙත යවා මාස 6කට අධික කාලයක් ගතවී තිබුනද ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කිසිදු පියවරක් ගෙන නොතිබීමත් සැකයට කරුණකි. ඉදිරියේදී පොලිස්පතිවරයාද තුප්පහි රොහාන් සහ කුප්‍රකට දේශබන්දු මෙන් හොරකමට දුෂණයට සල්ලාලකමට ඇබ්බැහි වෙයිදෝ කියා ජනතාව අතර විශාල සැකයක් පැනනැගී ඇත.
පාස්කු බෝම්බ ප්‍රහාර සටහන්……..
මෙහි ඇති ශෝකතම කාරණය වන්නේ එම තුප්පහි රොහාන්ගේ වංචාව විමර්ශනය කරන නිලධාරීන්ගෙන් පලිගැනීම උදෙසා ඔවුන්ව එම විමර්ශන කටයුතුවලින් ස්ථාන මාරු කිරීමය. භයානකම කාරණය වන්නේ මෙම විමර්ශන කටයුතු වල සටහන් යොදා ඇති RIB නොහොත් දයිනික සටහන් පොත් (පොත් 4ක්ම) සියල්ලම දේශබන්දු වෙත ලබාගැනීමය. මෙම සටහන් පොත්වල පාස්කු බෝම්බ ප්‍රහාර පිළිබඳවද දේශබන්දුගේ සහ තුප්පහි රොහාන්ගේ මැදිහත්වීම පිළිබඳව ඉතා වැදගත් තොරතුරු ලියවී ඇති නිසා ඔවුන්ගේ ප්‍රධාන පරමාර්ථය මෙම සාක්ෂි විනාශ කිරීම සඳහා මෙම RIB පොත් දේශබන්දු භාරයට ගැනීමය.
01 ස්ථානාධිපති අයි.පී. ජගත් නිශාන්ත……….
ඒවා විනාශ කිරීමය එම තොරතුරු සටහන් පොත් 03ක් මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාශයේ යුනිට් 01 ස්ථානාධිපති අයි.පී. ජගත් නිශාන්ත භාරයේ ඇති බවත් එවා දේශ බන්දු ගේ උවමනාව මත විනාශ කිරීමට සුදානම් බව පඉඅට ඉතාම වැදගත් තොරතුරු ලැබී තිබේ , බොහෝ විට මෙය සිදු කිරීමට සුදානම් වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමට බවත් තතු දත්තෝ පවසති. ඒ නිසා වහාම ඊට මැදිහත් වෙන ලෙසට ලංකා දවසේ අපි මැල්කම් රංජිත් හිමිපානන්ගෙන් ඉල්ලා සිටිමු. එසේ නොවුන හොත් අශ්වයා පැන ගිය පසු තාලය වසා වැඩක් නැති බවත් උන්වහන්සේට ඉතාම ගෞරවයෙන් සිහි ගන්වන්නෙමු.
වැලිකඩ හිරගෙදර……..
දැනට හෙළිවී ඇති ආකාරයට අම්බලන්ගොඩ පැත්තේ කට්ටඩියෙකු වරක් කියා ඇත්තේ කවදා හෝ දෙෂබන්දුට මියැදෙන්නට වෙන්නේ වැලිකඩ හිරගෙදර බවය. එම තත්වය වලක්වා ගත හැකි ක්‍රමවේදයක් ඇත්නම් එකම ක්‍රමවේදය පොලිස්පති වී තමාට ඇති සියලු දුෂිත චෝදනා වන්චනීක ක්‍රමයකින් ඉවත්කර ගැනීම පමණයි කියාය.