ජනාධිපතිවරයාගේ විශේෂ නියෝගමත හා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විධි විධාන අනුව අත් අඩංගුවට ගෙන දැනට රදවා ඇති අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමයේ කැදවුම්කරු වසන්ත මුදලි ගේ හා පුජ්‍ය සිරිදම්ම හිමි දින 90 ක් රදවා තිබේ.
මේ වන විට වසන්ත මුදලි ගේ රදවා ඇත්තේ කොහේදැයි කීමටවත් ලංකාවේ ප්‍රධාන පක්ෂ නායකයන් හෝ නිතිවේදීන් වත් නොදනි.
රදවා සිටින වසන්ත මුදලිගේ හට වහාම ප්‍රතිකාර ලබාදිය යුතු යැයි වෛද්‍යවරු නිර්දේශ කල එම ප්‍රතිකාර හිතාමතාම නොදි මගහරින බව අප වෙතට ඉතාම රහසිගතව දැනුම් දී ඇත. ඔහු දැඩි ශාරීරික හිංසනයකට ලක්ව ඇති බවත් ඔහුව බැලීමට කිසිදු දේශපාලකයෙකුට ඉඩ ලබානොදෙන ලෙසට බන්ධනාගාර බලධාරින්ට දැනුම් දී ඇත්තේ කමල් ගුණරත්නයි.