ඉඳ හිට අපූරු ප්‍රවෘත්ති මෙරටින් වාර්තා වේ.මේ අපට අද ගාල්ල පොලීසියෙන් වාර්තා වූ වාර්තාවකි.පසුගිය 9/9 ප්‍රහාරයෙන් පසුව රට පුරා ඇවිලුන විරෝධතාවන් සමග පොදුජන පෙරමුණට සම්බන්ධ දේශපාලන ක්‍රියාකාරීන්ගේ ගෙවල් ගිණි තැබීම් ගණනාවක් සිදු විය.ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ රමේෂ් පතිරණ ගේ පෞද්ගලික නිවසද එම ගිණි තැබීම් වලදී විනාශයට පත් විය.
පාම රමේෂ් පතිරණගේ නිවස ගිණි තැබීමට සම්බන්ධ වූයැයි සැළකෙන තරුණයන් තිදෙනෙකු ගාල්ල පොලීසිය මගින් අද දින (6)අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප පිට මුදා හැරිණි.මෙම තරුණයන් පොලිස් අත් අඩංගුවට පත් වීම සිදුවූ ආකාරයද අපූරු පුවතකි.ඔවුන්ගෙන් එක තරුණයෙකුට එරෙහිව පොලීසියට පැමිණිලි කරන්නේ එම තරුණයාගේ බිරිඳගේ මවය.ඇය ගාල්ල පොලීසියට පැමිණිලි කර ඇත්තේ තමන්ගේ දියණියගේ සැමියා පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණගේ ගේ ගිණි තැබීමට සම්බන්ධ වූ බවත් එහිදී එම නිවසේ තිබූ මුදල් තොගයක්ද පැහැර ගෙන විත් තිබුණ බවටය.එම පැමිණිල්ල මත පොලීසිය සැකකාර තරුණයා අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්ණ කිරීම් වලදී ඒ සිද්ධියට සම්බන්ධ වූ තවත් තරුණයන් දෙදෙනෙකු පිළිබඳව අනාවරණය කරගෙන තිබේ. මෙම සැකකරුවන් පොලීසියට කියා ඇත්තේ තමන් පාම රමේෂ් පතිරණගේ ගේ ගිණි තැබීමට පෙර එම නිවසේ පිටුපස කොටසකට ගිය විට ඒ කොටසේ සඟවා තිබූ පන්දාහේ නෝට්ටු මිටි නවයක් තිබුණ බවත් තමන් තිදෙනා ඉන් නෝට්ටු මිටියක් පමණක් ගත් බවත්ය.තමන් ගත් නෝට්ටු මිටියේ රුපියල් කෝටියක පන්දාහේ නෝට්ටු තිබූ බවද තමන් තිදෙනා පසුව එම මුදල් බෙදා ගත් බවත් ඔවුන් පවසා ඇත. මෑතක් වන තුරුම තමන් තිදෙනා එම මුදල් සඟවාගෙන සිට ඒ සම්බන්ධයෙන් පොලීසිය විමර්ෂනය නොකරන බවට වටහා ගත් බැවින් මෑතකදී ඒවා වියදම් කර තම නිවාස වලට ගෘහ භාණ්ඩ ආදිය ගත් බවත් වැඩි දුරටත් ඔවුන් ප්‍රකාශ කර තිබේ.එහෙත් ගාල්ල පොලීසියෙන් අපට ලැබෙන ආරංචි මාර්ග අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ සිය නිවස ගිණි තැබීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර ඇතත් මෙවැනි විශාල මුදලක් එහි තිබුණ බවට පැමිනිල්ලේ සඳහන් කර නැත.සැකකාර තරුණයන් විසින් පොලීසියට ලබා දී ඇති කට උත්තර අනුව ඔවුන් විසින් ගත් රුපියල් පන්දාහේ නෝට්ටු මිටිය හා සමාන තවත් නෝට්ටු මිටි අටක් එහි තිබී තිබේ. ඒ ප්‍රකාශය පිළිබඳව අවධානය යොමු කළ විට එහි කෝටි අටක මුදල් නෝට්ටු මිටි තිබූ බව තහවුරු වේ.එම සැකකරුවන් ගත් නෝට්ටු මිටිය සමග ගණන් හැදූ විට සම්පූර්ණ මුදල කෝටි නවයකි.පාම රමේෂ් පතිරණ දේශපාලන ක්ෂේත්‍රයේ පෙනී සිටින්නේ පිරිසිදු එළ කිරි චරිතයක් විදියටය.එහෙත් මේ වන තුරුම තම නිවසේ එතරම් විශාල මුදලක් තිබූ බවට ඔහු පොලිසියට පැමිණිලි කර නැත.මේ වන විට ඔහු මෙම සිද්ධිය යටපත් කිරීමට පොලීසියට බලපෑම් කරමින් සිටින බවද වාර්තා වේ.මිල්ටෙරි නන්දසේන සතුව තිබූ කෝටි හතක මුදල් නෝට්ටු තොගයක් අරගලකරුවන්ට හමුවූ බවටද ඒ දිනවල ප්‍රචාරය විය.මිල්ටෙරි නන්දසේන ගේ පාලන කාලයේදී දිගින් දිගටම පන්දාහේ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ලද අතර මෙසේ මුද්‍රණය කරන ලද මුදල් මිල්ටෙරි නන්දසේනට සමීප පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් අතර තොග ගණනේ බෙදා දී ඇතැයි අපට සැකයක් මතුවෙි.එම සැකය තහවුරු වන්නේ කිසිදු ව්‍යාපාර කටයුත්තකට සම්බන්ධ නැති රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාගේ නිවසේ මෙලෙස කෝටි නවයකට ආසන්න පන්දාහේ නෝට්ටු මිටි තොගයක් තිබීම නිසාය.රමේෂ් පතිරණ මන්ත්‍රීවරයා මේ සිඳුවීම යටපත් කිරීමට පොලීසියට බලපෑම් කරමින් සිටින බවට වාර්තා වීම තුළ අපට ඔහුගෙන් අසන්නට තියෙන්නේ ඇයි ලැජ්ජද මන්ත්‍රීතුමා කියාය.
රමේෂ් පතිරණ මන්ත්‍රීවරයාගේ නිවසේ කෝටි ගනනක මුදල් නෝට්ටු ගබඩාවක් තිබිලා