උණුසුම් පුවත්

රඹුක්කන වෙඩි තැබීමේ අට පාස් මිනිමරු ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  කීර්තිරත්න වැටුප් හා සියළු දිමනා සමඟ පොලිසියට

Spread the love

පසුගියදා මෙරට මහත් ආන්දෝලනයට ලක් වූ රඹුක්කන වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධව අත් අඩංගුවට පත්ව සිටි අට පාස් ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී  කීර්තිරත්නට ඇප පිට මුදාහැරීමෙන් පසුව  පොලිස් සේවයේ රාජකාරි කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.⁣මිනීමැරීමේ චෝදනාවට අත් අඩංගුවට ගෙන සිටි අට පාස් ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්ති රත්න නැවත සේවයේ පිහිටුවීම පිළිබඳව  විමසීමට ලක් කරන විට මෙරට පොලිස් සේවාව කෙතරම් ජරාජීර්ණ වී ඇද්ද යන්න සිතා ගත හැකිය.මේ ජරාජීර්ණ වීම හේතුව වී ඇත්තේ පොලිස් ඡ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු ආණ්ඩු පක්ෂයේ මස් කටු ලොවින්නන් බවට පත් වීමය. 

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පක රණවක විසින් සිදු කරණ ලද රිය අනතුරක් පිළිබඳව විධිමත්ව රාජකාරි නොකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පොලිස් ස්ථානාධිපතිවරයා වැඩ තහනම් කොට  තවමත් ගෙදරය.මිල්ටෙරි නන්දසේන ගෙදර යැවූ අරගලයේ ඡායාරූප සිය මුහුණු පොතේ ගිනුමට ඇතුළත් කළ පොලිස් නිළධාරියකුද මේ වන විට වැඩ තහනමකට ලක් කර තිබේ.
ආණ්ඩුවට දේශපාලනික පක්ෂපාත කමක් නොදක්වන පොලීසියේ බොහෝ නිළධාරීන්ට දැන් පොලීසිය වෙතින් හිමි වී ඇත්තේ කුඩම්මාගේ සැළකිලිය.ආණ්ඩු බලය හිමි දේශපාලඥයන්ට කඩේ යන පොලිස් නිළධාරීන් නීතිය හා සාමය ආරක්ෂා කිරීම පසෙක ලා  විවිධ අපචාර වලට සම්බන්ධ  ජාවාරම්කාරයන් බවට පත් වී සිටී.විශේෂ කාර්ය බලකාය පවා පාතාල අපරාධ කරුවන් හා ගනුදෙනු කරමින් ඔවුන්ගේ කොන්ත්‍රාත් ඉටු කරමින් සිටින බවට අනාවරණය වේ.පසුගියදා අහුංගල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය  මගින් අත් අඩංගුවට ගත් පුද්ගලයකු ආයුද පෙන්වීමට ගොස් පොලීසියට ප්‍රහාරයක් එල්ල කිරීම නිසා මරා දැමූ බවට වාර්තා කරන ලදී.
විශේෂ කාර්යය බලකාය මගින්  මරා දමන ලද්දේ අහුංගල්ල වෙඩි තැබීමට සම්බන්ධ  පාතාල අපරාදකරු බවද  පොලීසියේ ගිරා පෝතක මාධ්‍ය ප්‍රකාශක විසින් ප්‍රකාශ කෙරිණි.එහෙත් ඊට දින කිහිපයකට පසු පොලීසිය මගින් ප්‍රචාරය කරන ලද්දේ අහුංගල්ලේ වෙඩි තැබීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු අත් අඩංගුවට ගත් බවය.තවදුරටත් මෙම සිදුවීම පැහැදිලි කරමින් පොලීසිය ප්‍රකාශ කරන ලද්දේ අහුංගල්ල සිද්ධියට සම්බන්ධ යැයි ⁣අත් අඩංගුවේ සිටියදී වෙඩි මිය ගියේ රියදුරකු බවය.එම රියදුරා අහුංගල්ල වෙඩික්කරු රැ⁣ගෙන ආ කාරයේ රියදුරුද බවද පැවසිනි.
අපට ලැබී තොරතුරු අනුව එම රියදුරා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් මරා දමන ලද්දේ අහුංගල්ල සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පාතාල නායකයකුගේ  ලැබුණ කොන්ත්‍රාතුවකටය.එහිදී පසුව අත්අඩංගුවට ගැනුන සැබෑ අපරාදකරු මයිලකට හානියක් නොකර අධිකරණයට ඉදිරිපත් කරන ලද්දේද ඒ සැළසුමේ ඉතිරි කොටස ලෙසය.දැන් පොලීසියේ වැඩ සිද්ධ වෙන්නේ එහෙමය.පොලිස් දෙපාර්තමේන්තුව පාතාල මැරයන් හා ගනුදෙනු කරන සීමිත සමාගමක් බවට පත් වී හමාරය.
රඹුක්කන සිදුවීමට සමිබන්ධ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න පොලිස් සේවාවට සම්බන්ධ වී ඇත්තේ ව්‍යාජ අධ්‍යපන සුදුසුකම් ඉදිරිපත් කර බව අප මීට ඉහතදී අනාවරණය කර තිබේ.එහෙත් ඒවා ගැන සොයන්නේ නැතුව නිහඬව සිටින පොලිස් පතිවරයා කීර්තිරත්නලා වැනි දේශපාලන කුක්කන් ඉදිරියේ නිවට නියාළුව සිටින බව නමි  පෙනෙන්නට තිබේ. 

Spread the love

Leave a Comment

You may also like