යට ඇඳුමත් නැතුව බේරේ වැවෙන් ගොඩ ආපු ඇතමුන් අද රනිල් වික්‍රමසිංහ මහතාට පින්සිද්ධ වෙන්නට පාර්ලිමේන්තු යන බවත් දැන් වීරයන් වී වේදිකාවල කතා කරන බවත් එජාපයේ මහ ලේකම් පාලිත රංඟෙ බණ්ඩාර මහතා සඳහන් කරයි.රනිල් පුනුරුත්ථාපනය වෙලා යැයි මහින්ද ඇතුළු පොහොට්ටුවේ අපතයන්වේදිකාවල පවසන බවත් පැවසූ ඔහු සත්‍ය වශයෙන්ම සිදුවී ඇත්තේ රනිල්පැමිණ මේ අයගේ යට ඇඳුම බේරාදුන් බව යැයිද ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.මේ රට රනිල් වික්‍රමසිංහ මහතා බාර ගත්තේ රාජපක්ෂලා රකින්න නොවන බවත් එක එක අපතයන් කියන ප්‍රකාශ වලට එජාප පාක්ෂිකයන් පිලිතුරු දිය යුතු නැති බවත් ඔහු කියා සිටියේ එජාප ජන හමුවකට සහභාගි වෙමිනි.පොදුජන පෙරමුණ පසුගියදා කළුතරදීපැවරත්වූ නැවත නැගිටිමු රැස්වීමේදී මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශකයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කරන ලදී.මහින්ද රාජපක්ෂ මහතා විසින් එම රැස්වීමේදී කියා සිටියේ දැන් රනිල් වික්‍රමසිංහ නිවැරිදි වී ඇති බවය.කෙසේ වෙතත් එජාප මහ ලේකම් රංඟෙ බණ්ඩාරගේ පොදුජන පෙරමුනේ ක්‍රියාකාරීන් අපතයන් ලෙස හැඳින්වීම පිළිබඳව එහි ක්‍රියාකාරිකයන් ගේ දැඩි විරෝධයක් ප්‍රකාශයක් වී ඇත.මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා ජනපතිවරයාට දන්වා ඇත්තේ රංඟෙ බණ්ඩාර එජාපයේ මහ ලේකම් වරයා වශයෙන් තව දුරටත් තබා ගත හොත් ජනපති තනතුර පිළිබඳව නැවත සිතා බලන්නට සිදුවන බවය.බැසිල් රාජපක්ෂගේ මේ අනතුරු ඇඟවීම ජනපතිවරයාට දන්වා ඇත්තේ පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්ය.මින් බියට පත් වූ ජනපති රනිල් රාජපක්ෂ එජාප මහ ලේකම් තනතුරෙන් රංඟෙ බන්ඩාර ඉවත් කොට එම තනතුර රවි කරුණානායක වෙත ලබා දීමට කටයුතු කරමින් පවතී.ඒ අනුව නුදුරේදීම රවි කරුණානායක එජාපයේ මහ ලේකම් තනතුරට පත්වීමට නියමිතය .