පසුගියදා පොදුජන පෙරමුණේ මදාවියන් පිරිස නාකි මහින්ද රාජපක්ෂ නැවත වෙළඳපොළට ගෙන ආවේය.ඒ කළුතරින් නැවත නැගිටිමු තේමාවෙනි.
නැවත නැගිටිමු සංවිධානය කර තිබුණේ කළුතර රත්තරන්ය.ඒ කිව්වේ රෝහිත අබේගුණවර්දන හිටපු ඇමතියාය.මේ රෝහිත අබේගුණවර්දන ගේ සමාජයේ බවුතීස්ම වී තියෙන නම රත්තරන්ය.නැවත නැගිටිමු රැස්වීමේදී මේ රත්තරන් රෝහිත නාහෙන් අඬමින් තමන්ට ඒ තරම් අධ්‍යාපනයක් නැති අයෙක් බවද පිළිගත්තේය.ඔහු ඒ රැස්වීමේ ඉකිබිඳ හඩා වැටුනේ 9/9 අරගලයදා සිය මෑණියන් පිලිස්සී නොමැරී බේරුනේ හාස්කමකින් කියාය.එදා රැස්වීමේදී සිය අම්මා ගැන පවසා රත්තරන් රෝහිත හොටු පෙරාගෙන අඬන්නට පෙර සූදානමකින් ආ බව පෙනී යන්නේ ලේන්සුවක් කමීසයේ උඩ සාක්කුවේ දමා ගෙන ඇවිත් තිබුණ නිසාය.
රත්තරන් රෝහිත චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ වරාය නියෝජ්‍ය අමාත්‍ය එදිරිවීර ප්‍රේමරත්නගේ රියදුරාය.නියෝජ්‍ය ඇමතිට රත්තරන් රෝහිත පංගාර්තු කෙරුවේ බේරුවල නලින් හජ්ජියාර් මුදලාලිය.රත්තරන් රෝහිත ඒ දවස්වල නලින් හජ්ජියාර් මුදලාලිගේ ගෙදර මුරකාරයාය.පස්සෙ කාලෙකදී රත්තරන් රෝහිත බෙන්තොට සංචාරක කළාපයේ සුද්දන් එහෙ මෙහෙ ගෙනියන වෑන් එකක රියදුරු වශයෙන් වැඩ කෙරුවේය.ආතක් පාතක් නැති ලුම්පන් චරිතයක් වූ රත්තරන් රෝහිත ගොඩ ආවේ ප්‍රේමරත්න ඇමතියාගේ රියදුරා වීමෙන් පසුවය.ඔය කියන ප්‍රේමරත්නද නියම බඩුවකි.මහන වී සිට සිවුර ගලවා ගෙදර ආ ප්‍රේමරත්නට පන්සලේ නායක හාමුදුරුවන් ඝාතනය කිරීමේ චෝදනාවක් එල්ල වී තිබුණි.තවත් අවස්ථාවක මංකොල්ල කෑමකට හිරේ විලංගුවේ වැටෙන්නටද සිදුවිය.මේ ප්‍රේමරත්න දේශපාලන භූමියෙන් කුජීත වී යද්දී එහි හිස් තැනට පත් වූ අනුප්‍රාප්තිකයා වූයේ මේ රත්තරන් රෝහිතය.
එදා කළුතර තිබුණ එක්ව නැගිටිමු රැස්වීමට මිනිසුන් ගෙන ආ හැටි ආරංචි වන්නේ දැන්ය.ඇත්තටම මේ රැස්වීමේ බර කරට අරගෙන තිබුණේ ඡ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුය.ඒ රැස්වීමට මිනිසුන් සහභාගි කරවීමටය.
ඡේ.නි.පො.දේශබන්දු කළුතර ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බල ප්‍රදේශයට අයත් පොලිස් ස්ථාන වල සිටින ප්‍රජා පොලිස් ඒකකයේ හා පරිසර ඒකකයේ පොලිස් නිළධාරීන් ලවා ඒ වැඩේ ගොඩ දාගත්තේය.රත්තරන් රෝහිතගෙන් පොලීසියට බස් රථයක් ලැබුණි.රැස්වීමට සහභාගිවෙන අයවළුන්ට බත් පැකට් එකක් සමග අවශ්‍ය පමණට අරක්කුද සැපයිනි.රැස්වීම අවසානයේ පැමිනි එවුන්ට යාමට බස් නොතිබුණි.එහිදී අම්මා අප්පා නැතිවෙන්න බැණුම් ඇහැව්වේ සෙනග ඇද්ද පොලිස් නිළධාරීන්ය.පොලිස් නිළධාරීන්ට කරන්නට ඉතිරි වී තිබුණේ මිනිසුන්ගෙන් තමන්ගේ අම්මා අප්පාගේ ජාතකය අහමින් දේශබන්දුගේ අම්මා
සිහිපත් කිරීම පමණය.
දැන් ඡෙ.නි.පො.දේශබන්දු ගේ ප්ලෑන් එක වී ඇත්තේ පොලිස්පති පුටුවේ වාඩි වෙන එකය.ඒ ප්ලෑන් එක ගොඩ දාගන්නට දේශබන්දු ඉන්නේ පොදුජන පෙරමුණට සම්බන්ධව පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇමති මන්ත්‍රීවරුන්ගේ නිවාස වල පිටාර යන අසූචි වලක් වුවත් ඉහින්නට සූදානමිනි.ජනාධිපති රනිල් රාජපක්ෂ බැලන්ස් කර ගනිමින් ඉන්නේ වජිර අබේවර්ධන හරහාය.පසුගියදා පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු දිගින් දිගටම ජනපතිවරයාට යෝජනා කෙරුවේ පොලිස්පති වරයා ඉවත් කරන ලෙසය.ඒ ඉල්ලීමේ යටි අරමුණ දේශබන්දු පොලිස් පතිකමට පත්කර ගැනීම මිස අන් අදහසක් නොවේ.
පොදු ජන පෙරමුණට දැන් හිසක් නැත.ඇත්තේ ක්වන්ධයක් පමණය.
දැන් එහි ක්‍රියා කාරීන් වී සිටින්නේ ආතක් පාතක් නැති තක්කඩියන්ය.
මදාවියන්ය.පාහරයන්ය. දේශපාලනිකව කරුනු කාරණා තේරුම් ගත හැකි වුන් හැමදෙනාම පක්ෂයෙන් ඉවතට ගොසිනි.පොදුජන පෙරමුණේ දැන් බලය හසුරවන අශිෂ්ටයන් ගේ කෙරුවාවට දේශබන්දුු අපූරුවට ගැලපෙයි.හෙට අනිද්දා වන විට ආණ්ඩුවට එරෙහිව මතුවන මහජන විරෝධය මැඩලීමට අනීතිකව පොලිස් මැර බලය මුදා හැරීමට නියම සුදුස්සා දේශබන්දු බවද පොදුජන පෙරමුණේ අළුගුත්තේරුවන් දනී.දේශබන්දුට ගැලපෙන විදියටම ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කමල් ගුණේද සිටී. දෙන්නා ජාඩියට මූඩිය වගේය.පොදුජන පෙරමුණේ සිය දේශපාලනික බලය තහවුරු කර ගන්න හදන්නේ මේ ජෝඩුව උසි ගන්වමිනි.
ඒ කරුණු කාරණා අස්සේ පොදුජන පෙරමුණ නියෝජනය කරන නාකි මහින්දගේ ගෝල බාලයන්ගේ සැලසුම වී ඇත්තේ දිනේෂ් ගුණවර්ධන ඉවත් කර නාකි මහින්ද නැවත අගමැති තනතුරට පත් කිරීමය.රාජපක්ෂ වලව්වේ කක්කුස්සි හෝදන දිනේෂ්ට ඒ ගැන ආරවුලක් නැත.ඔහු අගමැති කම නාකි මහින්දට දී පොදුජන පෙරමුණේ වුන් ගෙන් ලකුණු දාගන්නට බලා ඉන්නා කොන්ද පණ නැති නිවටයෙකි.
නාකි මහින්ද අගමැති කමෙන් නවතිනු නැති බවට ලංකා දවසට ආරංචි වී තිබේ.රාජපක්ෂ පවුලේ ඊළඟ සැලසුම ක්‍රියාත්මක වන්නේ ඉන් පසුවය.ඒ ජනපති කමෙන් රනිල් රාජපක්ෂ ඉවත් කිරීමය.රනිල් රාජපක්ෂ කැමැත්තෙන් ජනපති කමෙන් ඉල්ලා අස්වුන හොත් ප්‍රශ්ණයක් නැත.එහෙම නැති වුනොත් රනිල් රජපක්ෂ අගමැතිකම ඉල්ලන්ටත් පුළුවන.මේ දෙවිදියටම ප්‍රශ්ණය විසඳා ගන්නට නොහැකා වුන හොත් රනිල් රාජපක්ෂ කනෙන් අල්ලා පුකට පයින් ගසා එළියට දාන්නට පොදුජන පෙරමුණේ වුන් සැලසුම් කරන බව නිසැකය.
සියල්ල සිද්ධ වෙන්නේ කරුමය නිසා යැයි සිතා සිටින නිවට සමාජයක් මෙි රටේ තිබෙන තුරු නාකි මහින්ද නැවත ජනපති වීම පුදුමයට පත් විය යුතු කාරණයක්ද නොවෙනු ඇත.