උණුසුම් පුවත්

ස්ත්‍රී දූෂණයට වරදකරුව සිටි සාරුවා සුනිල් නිදහස්

Spread the love

බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ වරදට දඬුවම් පමුණවා බන්ධනාගාරගතව සිටි ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් අද දින අභියාචනාධිකරණයෙන්  එම චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලදී.

2012 වර්ෂයේදී බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ වරදට සාරුව ලියනගේ සුනිල්ට කොළඹ  මහාධිකරණය විසින් වසර 15 කට බරපතල වැඩ ඇතුව සිර දඬුවමකට ලක් කෙරිණි.එම මහාධිකරණ තීන්දුවට එරෙහිව සාරුව ලියනගේ සුනිල්  විසින් අභියාචනාධිකරයට ⁣ගොනු කරන ලද ඇපෑල සලකා බැලූ පී.කුමාරරත්නම්,සහ සම්පත් අබේකෝන් යන ද්වි පුද්ගල 
විනිසුරු මණ්ඩලය ඔහු නිදොස් කොට නිදහස් කිරීමට තීන්දු කර ඇත.
මහාධිකරණය වෙතින් සාරුව ලියනගේ සුනිල්  බරපතල වැඩ ඇතුව සිර දඬුවම් ලැබුවේ 2020 ජනවාරි 17 වැනිදාය.   
ජේ.ආර්.ජයවර්ධන මෙරට විධායක ජනාධිපතවරයා බවට පත් වීමෙන් පසුව ස්ත්‍රී දූෂණයකට අවුරුදු 20 දඬුවම් කොට බන්ධනාගාර ගතව සිටි ගෝනවල සුනිල් හට සමාව දී නිදහස් කෙරිණි.මේ ගෝනවල සුනිල් කැළණිය ආසනයේ පදිංචිකරුවෙකි.ජේ.ආර්.ජනාධිපති වරයා ලබා දුන් මෙම සමාව ගෝනවල සුනිල්ට පමනක් සීමා නොවීය.එම සමාව දෙන ලද්දේ ස්ත්‍රී දූෂණ සඳහා වරදවල් වලට සිර දඬුවම් ලබා සිටි සියළුම වැරදිකරුවන්ටය.
ජනපතිවරයා දුන් මේ සමාව ඒ දිනවල සමාජය පුරා ප්‍රචලිත වූයේ ගෝනවල සුනිල් සමාව විදියටය.
කෙසේ වෙතත් සමාව ලැබූ ගෝනවල සුනිල් හට මුළු දිවයිනටම සාම විනිසුරු කමක්ද ප්‍රධානය කෙරිණි.ගෝනවල් සුනිල් එක්සත් ජාතික පක්ෂයට කෙතරම් සමීප ක්‍රියාකාරිකයෙක්ද යන්න මේ සිදුවීම තුළ තක්සේරු කර ගත හැකිය.
අකුරැස්සේ සාරුවා ලියනගේ සුනිල් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පත් වූයේ එම මැතිවරණ බල ප්‍රදේශයේ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට අසූවක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනිමිනි.⁣සාරුවා ලියනගේ බන්ධනාගාරයෙන් නිදහස් වෙන්නේ පොදු ජන පෙරමුණ නැවත නැගිටින වෙලාවේය.බන්ධනාගාර ගතව සිට නිදහස් වීම මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම⁣ට තරමේ ඉතා හොඳ සුදුසුකමකි.සමහර විට හෙට අනිද්දා වන විට සාරුවා ලියනගේ සුනිල් පොදු ජන පෙරමුණේ වේදිකාවේ නැවත නැගිටින හැටි බලා ගන්ටද පුළුවන්ය.
මෙරට ස්ත්‍රී දූෂකයන් දෙදෙනෙකුට නැවත සමාජය පැමිණීමට අවස්ථාව සැලසීම නීතිමය ප්‍රතිපාදනයන් තුල සිදු වූ ක්‍රියාවලියකි.කිසිවෙකුටත් ඒ ගැන ප්‍රශ්ණ කරන්නට බැරිය.නමුත් මෙරට නීතියේ පවතින ගජ මිතුරු සාධාරණය ගැන අපට හිනාවෙන්නට පුළුවන් වී ඇත්තේ අධෝ මුඛයෙන් පමණය.ඒ මන්ද යත් කටින් හිනා වුන හොත් අධිකරණයට අපහාස කරා යැයි ජම්පරය අඳින්නට සිදු විය හැකි බැවිනි.
අපට දැන් අහිංසක විදියට සිතන්නටු ඇත්තේ  දේශපාලනයට සම්බන්ධව සිටි  සුනිල්ලා දෙදෙනෙකුට ස්ත්‍රී දූෂණ කරා යැයි දුන් සිර දඬුවම් වැරදි තීන්දු බවය.වැරැද්ද සිඳු කරඇත්තේ දූෂණයට ලක් වූ ගෑණු  දරුවන්ය.

Spread the love

Leave a Comment

You may also like