උණුසුම් පුවත්

නියෝජ්‍ය ඇමතිකම් දුන් අය අතර සාහසිකයන් ඇතැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානයක් චෝදනා කරයි

Spread the love

පත්කල ජනපති රනිල් රාජපක්ෂ විසින් ඊයේ දින පත් කළ නියෝජ්‍ය අමාත්‍ය වරුන් අතර මානව හිමිකමි උල්ලංඝනය කළ බවට චෝදනා නැගී ඇති තිදෙනෙකු සිටිතැයි හියුමන් රයිට් වොච් සංවිධානය චෝදනා කරයි

මින් හැඟී යන්නේ රට තුළ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමට හෝ මානව හිමිකම් ආරක්ෂා කිරීමට පත් කළ ජනපති රනිල් වික්‍රමසිංහ තුළ අදහසක් නැති බව යැයිද එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කර සිටී
හියුමන් රයිට් වොච් සංවිධාන චෝදනා කරන තිදෙනා වන්නේ සිවනේසතුරෙයි පිල්ලෙයාන්, ලොහාන් රත්වත්ත හා සනත් නිශාන්ත යන රාජ්‍ය ඇමතිවරුන් වේ.
මෙහිදී සිවනේසතුරෙයි පිල්ලෙයාන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනය නිරායුද පොලිස් නිලධාරින් 600ක් ඝාතනය කිරීම, දරුවන් පැහැර ගෙන යාම ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇති බව සඳහන් කරන එම සංවිධානය ලොහාන් රත්වත්ත පසුගිය කාලයේදී බන්ධනාගාර අමාත්‍යය වරයා වී සිටියදී බලහත්කාරයෙන් බන්ධනාගාරයට ඇතුළු වී සිරකරුවන් ගේ හිසට පිස්තෝලය තබා මර්ණිය තර්ජන කර ඇතැයිද පවසා සිටී.
එමෙන්ම රාජ්‍ය ඇමතිවරයකු ලෙස පත්වී ඇති සනත් නිශාන්ත පසුගිය කාලයේ ගාළු මුවදොර අරගල කරුවන්ට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා තිබෙන අයකු බවද හියුමන් රයිට් වොච් සංවිධානය පවසයි.

Spread the love

Leave a Comment

You may also like