රාජපක්ෂ වරුන්ට එරෙහිව ඇරඹුන අරගලය ඵෙතිහාසික පුරාවෘත්තයක් බවට පත් වී තිබේ.එහෙත් ඒ අරගලය විසින් සමාජය වෙත මුදා හැරි කම්පන තරංග තවමත් විහිදෙමින් පවතී.දැන් සිදුවී ඇත්තේ අරගලය නිසා රටේ ප්රජතන්ත්රවාදයට කණ කොකා ඇඬීමය.
රාජපක්ෂ හොර තක්කඩියන්ට එරෙහිව පාරට බැස විරෝධතාව දැක්වූ ජනතාව සිරගෙදරට දැක්කීමට දැන් දැන් ආණ්ඩුවත් පොලීසියත් ත්‍රිවිධ හමුදාවත් අති උත්කර්ෂවත් දැවැන්ත කැප කිරීමක් කරමින් සිටී.විරෝදතා දැක්වූවන් ත්රස්තවාදීන් ලෙස වර නැගේ.රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව මේ වන විට ත්‍රස්තවාදී ලේබලය අලවා ඇති අරගලය සංවිධානය කිරීමට මුල් වූවන් ලෙස හඳුනාගෙන ඇත්තේ අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයයි. පොලිස් මාධ්‍ය ගිරා පෝතකයා අරගලය තුළ සිටි වුන් කළ කී දෑ ගැන ඇඟ කිළිපොලන කතන්දර කතා කියමින් සිටී. පපුවට ගසා ගනිමින් හොටු කඳුළු පෙරමින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුනරත්න අරගලය නිසා ජාත්‍යන්තරව රටට සිදුවූ අපකීර්තිය ගැන බණ දේශනා කරයි.මේ විගඩම් දකින අසන අප සිටින්නේ හිනාවෙන තැන හොයා ගන්නට බැරුවය.
කමල් ගුනරත්න නම් මොනිටසෝරි දරුවාට අපට කියන්නට ඇත්තේ මේ චිරි ලංකාවේ කීර්ති නාමය මේ වන විටත් රට රටවල් පුරා දරා ගන්නට බැරි තරමට ඉතිරී පැතිරී ගොස් ඇති බවය.රට රටවල් ගනනාවක්ම සිටින්නේ ඒ අපූරු කීර්ති නාමයේ ඟඳ උහුලා ගන්නට බැරුව නාසය මිරිකාගෙනය.රටින් පැන ගිය මිල්ටෙරි නන්දසේන කිසිම රටක වැද්දගන්නට පවා අකමැති වී ඇත්තේ ඔය කියන කීර්තිමත් කෙරුවාව නිසාය.
කෙසේ වෙතත් රාජපක්ෂ තක්කඩි හොර දෙටුවන්ට එරෙහිව අරගලය ඇරඹූ ගාලු මුවදොර භූමිය තුළ විවිධ ගෝපයියන් ඉනිකුනන් උකුනන් හා මැක්කන් කිනිතුල්ලන් අරක් අරගෙන සිටි බව දැන් අනාවරණය වෙමින් තිබේ. මේ සතුන් අරගල භූමිය තුළ සිටියේ වීර කැප්පොටි පොළ පුරන් අප්පු බූටෑවේ රාළ වීදිය බණ්ඩාර කොනොප්පු බණ්ඩාර වැනි චරිත වලට ඇඳලාය. එහෙත් දැන් රනිල් රාජපක්ෂ ජනපතිවරයා බවට පත් වීමෙන් පසු අරගලයේ වීර චරිත වලට ඇඳ සිටි වුන් රෙදි පිළි ගලවා යලි ලේ උරා බොන තිරිසන් ආත්ම වලට පරිවර්තනය වෙමින් තිබෙන බව දකින්නට තිබේ.
අද එවැනි ගෝපයියකු ජනපති අධ්යක්ෂ ජනරාල් (ප්‍රජා සංවර්දන) තනතුරට පත් වී තිබේ.මේ ගෝපයියා රජිත් කීර්ති තෙන්නකෝන්ය.පසුගිය දිනවල මොහු ගාලු මුවදොර අරගලය ගැන ලියූ කියු දෑ කාට හරි මතකයට නගා ගත හැකි නම් මේ සතාගේ සැබෑ ස්වරූපය අඳුනාගත හැකිය.
මේ ගෝපයියා සිරිකොත ලියන්නෙක්ව සිට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු
මන්ත්‍රීවරයකු වීමට පෙරුම් පුරා ඒ අවස්ථාව නොලැබීම නිසා රනිල් වික්‍රමසිංහ සමග වෛර බැඳ ගනිමින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ඔඩොක්කුවට පැන ගත් එකෙකි.මෛත්‍රීපාල සිරිසේන මේ ගෝපයියා හුරතල් කෙරුවේ මධ්‍යම පලාතේ ආණ්ඩුකාර කමට පත් කිරීමෙනි.එහෙත් එක දවසක් තුළ මොහු දකුණු පලාතේ ආණ්ඩුකාරයා ලෙස පත් කෙරිණි.ගෝපයියාට මේ තනතුර ඉහටත් වඩා උඩින් ගිය මාර චාන්ස් එකක් විය.
දකුණු පලාතේ ආණ්ඩුකාර වරයා සිටිද්දී ගෝපයියා සිය ඡායාරූපය දකුණු පලාතේ රාජ්‍ය ආයතන වල එල්ලීමට වියදම් කළ මුදල කෝටි දහයකට ආසන්නය.
මිල්ටෙරි නන්දසේන බලයට පත් වීමෙන් පසුව මේ ගෝපයියාට යන එන මං නැති විය.තැන තැන ප්ලග් වෙන්නට ප්ලෑන් ගැසූ ගෝපයියා ඒ සියල්ල අසාර්තක වීමෙන් පසුව යලි මානව හිමිකම් ලදරමක් අටවා ගත්තේය.අරගලයට සෙත් පතා බණ කතා ලිව්වේ ඒ අතරේය.මෙවැනි ගෝපයින් මහා වීරයන් ලෙස සලකා කටයුතු කරන සුනන්ද දේශප්‍රිය පෝද්දල ජයන්ත වැනි මාධ්‍ය දැවැන්තයන් ගැන අපට ඇති වන්නේ දැඩි කණ ගාටුවකි.මේ සතෙකි.ජරාම සතෙකි.කුණු වී ගිය ආත්මයක් ඇති තිරිසන් සතෙකි.
රනිල් සමඟ එදිරිවාදිකමකින් සිටි මෙම ගෝපයියා දැන් යලි රනිල් ගේ ඔඩොක්කුවට පැන තිබේ. දැන් මේ ගෝපයියාගේ අරමුන ඉෂ්ට වී තිබේ. අරගලය පාවා දී හම්බකරගෙන කන්නට අවස්ථාව සලසා ගෙන තිබේ.
රනිල් රාජපක්ෂගේ ආණ්ඩුව හෙට දවසේ හදිසියේවත් බිඳ වැටුනොත් මේ ගෝපයියා නැවත සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් බවට පරාවර්තනය වන හැටි බලන්නට පුළුවන.ඒ අතරේම මොහු පිළිබඳව මෙරට සමාජය නොදන්නා රහස්‍ය තොරතුරක්ද අප සතුව තිබේ.ඒ මොහු බුද්ධි අංශයට කුලියට තොරතුරු සපයන්නෙක් බවය.මානව හිමිකම් ක්‍රියාකාරිකයකු ලෙස පෙනී සිටිමින් මොහු කළ පාවා දීම් පිළිබඳව තොරතුරු අප සතුය.
සැබැවින්ම පාර්ලිමේන්තුව තුල අසික්කිත දුෂ්ට චරිත ලෙස සමාජය හඳුනාගෙන සිටින ප්‍රසන්න රණතුංග ,ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණවීර ,වැන්නන්ට වඩා මේ ගෝපයියා ජඩයෙකි.ඉහත නම සදහන් වුන් ජරාජීර්න පාදඩයන් ලෙස නිශ්චිතය.එහෙත් මේ ගෝපයියා පවතින හැඩයට අනුරූපීව චරිත වල ආවේශ වන බැවින් සමාජය කිසි දිනක මේ තිරිසනාගේ සැබෑ ස්වරූපය හඳුනා ගන්නේ නැත.
විටක මහා සමාජයේ ලේඛකයකු ලෙසද තව වරෙක මානව හිමි කමි ක්‍රියාකාරිකයකු ලෙසද වරෙක නයායචාර්යවරයෙකු ලෙසද ආදී වශයෙන් වෙනස් වෙනස් ස්වරූපයන් ගෙන් සමාජය රවටන මේ ගෝපයියා ගෙන් දැන්වත් සමාජය වහා ආරක්ෂා විය යුතුය.