වෙනත්

විමල් වීරවංශ රුසියානු කේජීබී ඔත්තුකරුවකු බව තහවුරු වේ

Spread the love

අද පාර්ලිමේන්තුවේ පැවති හදිසි නීති විවාදයේදී විමල් වීරවංශ කළ ප්‍රකාශයේ

සඳහන් වූ අති විශේෂ තොරතුරු පිළිබඳව ලංකා දවස විමර්ශනයක යෙදුනි.අපට ඉන් අනාවරණය වූ තොරතුරු ඉතා බරපතලය.මේ තොරතුරු ජාත්‍යන්තර දේශපාලනයට සම්බන්ධ කාරණාය.විමල් වීරවංශ අද දින පාර්ලිමේන්තුව අමතමින් ඇමරිකාවේ සීඅයිඒ සංවිධානය මගින් මෙරට සිවිල් සංවිධාන වලට ඩොලර් මිලියන ගනනින් ගෙවා ඇතියැ සඳහන් ලේඛනයක් සභාගත කරන ලදී.විමල් වීරවංශ පාර්ලිමේන්තුව අමතමින් මේ තොරතුරු සභාගත කරන ලද්දේ දාදිය පිස දමමිනි.ඒ මොහොතේ මොහුගේ ශරීර බස අධ්‍යයනය කරන්නෙකුට මොහු බරපතල  ප්‍රශ්ණයක⁣ට මැදිව අදහස් ප්‍රකාශ කරන බව නිරීක්ෂණය කර ගත හැකිය. විමල් වීරවංශ මෙි දාදිය පිස දමන්නේ වායු සමීකරණය කළ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ බව අමතක නොකළ යුතුය.එය එසේවන්නේ නම් විමල් වීරවංශගේ හෘද සාක්ෂිය කෙතරම් චංචල වී ඇද්ද යන්න අපට නිගමනයකට එළඹිය හැක.

මෙහිදී පාර්ලිමේන්තුව ඇමතූ විමල් වීරවංශ පසුගියදා රුසියාවේ සිට ලංකාවට ආ ඉන්ධන සමාගම් නියෝජිතයන් තමන් සමග ගාලු මුවදොර විරෝධතා භූමිය අසලින් ගමන් කරන විට ⁣එම විරෝධතාකරුවන් මෙහෙයවන්නේ සීඅයිඒ ඔත්තු සේවා මගින් යැයි පැවසූ බවට ප්‍රකාශ කරන ලදී.එම ප්‍රකාශයෙන් අපට යම් දෙයක් නිශ්චිතවම තහවුරු කර ගත හැකිය.

ඒ විමල් වීරවංශ සභාගත කරන ලද සීඅයිඒ ඔත්තු සේවාව විසින් මෙරට සංවිධාන වලට මුල්‍යමය ආධාර කර ඇතැයි සඳහන් ලේඛනය ඔහුට ලබා දෙන්නට ඇත්තේ රුසියානු කේජීබී ඔත්තු සේවාව මගින් බවය.ඒ අපගේ විනිශ්චය කිරීම සියයට සීයක් නිවැරිදිය.
මේ සිදුවෙමින් පවතින කියුම් කෙරුම් තුළින් අපට වැටහී ඇත්තේ මෙරට පවතින අර්බුදය මහා ජාතීන් දෙකක අරගල භූමියක් වී ඇති බවය.රුසියාව සිය පාර්ශවීය නියෝජිතයා ලෙස විමල් වීරවංශ යොදා ගෙන ඇති බව සීයට සීයක්ම ස්ථිරය.
කෙසේවෙතත් මෙරට වෙළඳ අපනයන ගනුදෙනු පවතින්නේ යුරෝපය කේන්ද්‍රීය කර ගනිමිනි.විමල් වීරවංශ ව්‍යාජ දේශප්‍රේමයක්  නිරූපනය කරමින්  මේ සූදානම් වන්නේ එම වෙළඳ ගනුදෙනු වලටද කෙලවීමටය.
අප මවුබිමට ආදරය කරන සියළු දේශපාලන පාර්ශවයන් ගෙන් අප ඉල්ලා සිටින්නේ මේ වහංගත නටන නෙයියාඩම් වලට තිත තැබීමට කටයුතු කරන ලෙසය. 

Spread the love

Leave a Comment

You may also like