උණුසුම් පුවත්

අපරාධ රාජ්‍යයකට පාර කපන ගිනි අවි බලපත්‍ර ලබා දීමේ දූෂිත ක්‍රමයක් හෙළිවේ.

Spread the love

මිල්ටෙරි නන්දසේන ජනපති තනතුරට පත්වීමෙන් පසුව සිය හිතවතුන් වෙත ගිණි අවි ආඥා පනතට පටහැනිව ගිණි අවි බලපත්‍ර 1146 ක් නිකුත් කර ඇතැයි වාර්තා වේ.මෙම ගිණි අවි බලපත්‍ර නිකුත් කිරීමේදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න හා සමන් දිසානයක මැදිහත් වී ඇතැයිද දැන ගැනමට තිබේ.

ගිණි අවි ආඥා පනතට බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ ප්‍රධාන අංශ තුනක් යටතේය.ඒ ක්‍රීඩා කටයුතු පුද්ගල ආරක්ෂාව හා වගා හානි හා දේපොල හානි වලක්වා ගැනීම සඳහාය.මෙහිදී ක්‍රීඩා කටයුතු සම්බන්ධව ගිණි අවියක් ලබා ගන්නා තැනැත්තකු වේ නම් ඔහු ජාතික රයිෆල් සංගමයේ ලියාපදිංචි ක්‍රීඩා සමාජයක සාමාජිකයකු විය යුතුය.එම සංඟමයේ නිර්දේශ මත ක්‍රීඩාව සඳහා පමනක් ගිණි අවි ලබා ගැනීමට  බලය පවරා ඇත.
ගිනි අවි බලපත්‍ර ලබා ගැනීම සඳහා දෙවන අවශ්‍යතාව ලෙස සැළකෙන්නේ පුද්ගල ආරක්ෂාවයි.ඒ යටතේ මහජන නියෝජිතයන් හෙවත් දේශපාලඥයන්ට මහා පරිමාන මුදල් පරිහරණය කරන්නන් වැනි සමාජයේ යම් මරණීය තර්ජනයක් එල්ල විය හැකි අයට ඒ සඳහා ඉල්ලුම් කළ හැකිය
එහිදී මසකට රුපියල් ලක්ෂ පහකට වඩා ආදායම් බදු ගෙවනු ලබන ඉපැයීම් සිදු කරනු ලබන ධනවතුන්ට තමන්ට මරණීය තර්ජනවක් එල්ල විය හැකි බවට අදාලපොලිස්  බල ප්‍රදේශයෙන් ලබා ගත් නිර්දේශ මත ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වරයාගේ නිර්දේශය අනුව ගිනි අවි බලපත්‍රයක් ලබා ගැනීමට හැකියාව ඇත.
මෙහිදී මහජන නියෝජිතයන් ලෙස සැලකෙන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පලාත් සභා මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වේ.එමෙන්ම අතිරේක ලේකම් ධුරයෙන් ඉහල නිලයක් දරණ රාජ්‍ය නිළධාරීන්ටද ගිනි අවි බලපත්‍රයක් ලබා ගැනීමට හැක.ගිණි අවි බලපත්‍රය ලබා ගැනීමෙන් පසුව ගිණි අවිය ඇනවුම් කරවා ගෙන්වා ගත යුතුය.එහිදී ඔවුන්ටටලබා දෙන්නේ .38 වර්ගයේ පිස්තෝලයකි.
එය අනිවාර්යෙන් වසරකට වරක් බලපත්‍රය අලුත් කරවා ගෙන භාවිතා කළ යුතුය.
එසේම පෙර සදහන් කළ ලේකම් වරුන් විසින් ලබා ගන්නා ගිණි අවිය ඔහුට විශ්‍රාම යන විට රැගෙන යා හැකිය.ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ඡ්‍යෙෂ්ඨතම නිළධාරීන්ටද එසේ ගිණි අවිය ගෙන යා හැකිය.උදාහරණයක් ලෙසට හමුදාවේ මේජර් ජනරාල් ධුරයේ සිට ඉහල නිළධාරියෙකුට එසේ තමන් විසින් ලබා ගත් ගිණි අවිය විශ්‍රාම යන විට ගෙන යා හැකිය.එහෙත් මෙම ගිණි අවිය සඳහා බලපත්‍රය වසරින් වසර අළුත් කර ගත යුතුය.
සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලයේ රජයෙන් ගිණි අවියක් සැපයේ.ඒ මිලිමීටර් නවයේ පිස්තෝලයක් වන අතර එය ලබා දෙන්නේ අදාල මන්ත්‍රීවරයාගේ හෝ ඇමතිවරයාගේ නමටය.මෙම ගිණි අවිය ඔවුන්ට සන්තකයේ තබා ගත හැක්කේ ධුර කාලය සඳහා පමනි.
අනෙක් ගිණි අවි බලපත්‍ර ලබා දෙන්නේ වගා හානි දේපොල හානි වලක්වා ගැනීමටය.එහිදී ග්‍රාම නිළධාරිගේ හා ප්‍රාදේශීය ලේකම් ගේ නිර්දේශය අවශ්‍ය කෙරේ.එම ගිනි අවිය ෂොට් ගන් නමින් හඳුන්වන ⁣පතොරම් තුවක්කුවයි.මෙය භාවිතා කිරීමේදී දැඩි කොන්දේසි තිබේ. 
මෙම ප්‍රධාන අවශ්‍යතා තුනට අමතරව පෞද්ගලික ආරක්ෂක ආයතන සඳහාද ගිනි අවි බලපත්‍ර ලබා දේ.මෙම අංශයේ කොන්දේසි වන්නේ අදාල ආරක්ෂක ආයතනය විසින් මුදල් ප්‍රවාහනය හා වටිනා දේපොල ආරක්ෂා කිරීමයි.
මෙහිදීී ටී පනස් හය  ගිණි අවියක් පරිහරණය කිරීමට කිසිදු පුරවැසියෙකුට හිමිකමක් නැත.  
ගිණි අවි ආඥා පනතේ පවතින බරපතල කොන්දේසි උල්ලංඝනය කරමින්  ආරක්ෂක අමාත්‍යංශය ගිණි අවි බලපත්‍ර නිකුත් කිරීම සිදු කර ඇතැයිද මෙසේ දූෂිත ආකාරයෙන් ගිණි අවි බලපත්‍ර නිකුත් කර ඇත්තේ මිල්ටෙරි නන්ද සේන බලයට පත් වූ දින සිට මේ දක්වා බවද  අප වෙත අනාවරණය වී තිබේ.මෙහිදී එම ගිණි අවි බලපත්‍ර නිකුත් කිරීමේදී බරපතල අපරාධ වලට සම්බන්ධ ව්‍යාපාරිකයන් වෙත පවා බලපත්‍ර නිකුත් කර තිබේ.
මේ අතරේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කෙහෙළිය රඹුක්වැල්ල පියල් නිශාන්ත පෙරේරා හට පොලීසිය වෙතින් නයින් මිලිමීටර් වර්ගයේ පිස්තෝල තුනක් මෑතකදී ලබා දී තිබේ.සාමාන්‍යයෙන් එම පිස්තෝල සමග නිකුත් කෙරෙන ජීව උණ්ඩ සංඛ්‍යාව දහයක් වේ.එහෙත් මේ හිටපු ඇමති වරුන්ට මෑතකදී ජීව උණ්ඩ සීයක් නිකුත් කර ඇත.

මෙලෙස අයුතු ආකාරයට ගිණි අවි බලපත්‍ර ලබා දීමේ දූෂිත කටයුත්තේ ප්‍රධානියා ලෙස අනාවරණය වී ඇත්තේ මිල්ටෙරි නන්දසේන ගේ සමීපතමයකු වූ සමන් දිසානායකය.ඇවන්ගාඩ් නඩුවේ විතිතිකරුවෙකු වූයේද මේ සමන් දිසානායකය.මොහු විසින් සිය පුත්‍රයාගේ මිතුරෙකුගේ පියෙකුටද ⁣හිතවත් කම මත ගිණි අවි බලපත්‍රයක් ලබා දී තිබේ.ඒ ගිණි අවි බලපත්‍ර කොන්දේසි කඩ කරමිනි.එලෙස ගිණි අවි ආඥා පනතේ කොන්දේසි කඩ කරම්න් ලබා දී ඇති ගිණි අවි බලපත්‍ර සංඛ්‍යාත්මකව ඉහල අගයක් ගනී.මේ ගනුදෙනු යටිබිම් ගත ජාවාරමක් බව⁣ට අපට සැකයක් පවතී.

මේ ආකාරයට දූෂිත ආකාරයට ගිණි අවි හා ජීව උණ්ඩ නිකුත් කිරීම තුල මෙරට සමාජය තුළ අපරාධ රාජ්‍යයක් නිර්මාණය කිරීමේ සැලසුමක් ඇතැයි
අපගේ අදහසයි. 


Spread the love

Leave a Comment

You may also like