අනේ කූඹියනේ
තොපටත් රජෙක් ඉන්නේ
අපට නැත ඉන්නේ
අපේ කරුමේ අපට වන්නේ
රජකු ලැබුනෝතින්
එදින කිරිබත් කන්නේ
පෙරහැර කරන්නේ
සාදු කාරෙන් ගිගුම් දෙන්නේ
(සූරියගොඩ උන්නාන්සේ)
ඒ අතීතයේය.මේ වර්තමානයයි.රජෙක් ගෙන ආ සමාජයට රන් ගොජෙක් ලැබී තිබේ.පියුම් කමීසයට හමුදා පදක්කම් එල්ලාගෙන මුළු රටම රැවටූ මේ රන් ගොජා පිස්සු පීකුදු පොරකි.ඉන්න හිතෙන රටක් හදන්නට ආ පොර රට කම්මුතු කර හමාරය.රටෙන් බාගයකට කන්න නැත.ලෙඩට දුකට බේත් නැත. යන්න එන්න වාහන නැත.දරුවන්ට අධ්‍යාපනයක් නැත.මොනවා වුනත් රටක් තියෙනවාය කියමින් මහ පාරේ රබන් ගසා කිරි බත් කා අඩව් ඇල්ලූ එවුන්ද හාමතේ අදෝනා නගති.සාප කරති.
රාජපක්ෂ තක්කඩියන් පට්ට හොරුන් බව මීට අවුරුදු ගානකට පෙර සමහරුන් කෑ ගසා කී දේවල් එදා ඇසුවා නම් රට මෙහෙම අංඥ කොරොස් වෙන්නේ නැත.අපොයි ඒ දවස්වල එහෙම කියූ උන්එල්.ටී.ටී.ඊ කාරයන් විදියටය හංවඩු තැබුවේ.පට්ට හොර තඩියා ජාතියේ අප්පච්චී විය.එහෙම බලන විට අමු මී වස්සන් ඉන්න රටකට මෙහෙම වෙන එක ගැන අමුතුවෙන් හාරා අවුස්සා බලන්න ඕනෑ නැත.
තවමත් මේ වාහෙලා තමන් වැටී ඇති මහ ප්‍රපාතය පිළිබඳව හිතන්නේ එදා වේල ෂේප් න්‍යායෙනි.ඒ කියන්නේ සමහරු ඉන්නේ තමන්ට පැට්‍රල් ඩීසල් ටික හා ගෑස් එක ලැබුනා නම් ඔන්න ඔහේ ෂේප් වෙලා ඉන්න එක හොඳය කියන අදහසයේය.රාජපක්ෂ තක්කඩියන් බලයේ හිටියාට කමක් නෑය කියන සිතුවිල්ලේය.මේ වාහෙලාට රටට කෙල වුනාට කමක් නැත.
තක්කඩි රාජපක්ෂලාගේ හොරකම් ගැන කියන විට බොහෝ දෙනෙකු ඒ දවස්වල ආඩම්බරයෙන් පෙන්නුවේ නෙළුම් කුළුණය.අධිවේගී පාරවල්ය.දැන් ඒවා තුක් නොදකින් වී තිබේ.ඒ අධිවේගී සංවර්ධනේ නිසා බඩේ පාර වැදුනේ ජාතියට බව දැන් හැම එකාම තේරුම් අරගෙන සිටී.එහෙත් ප්‍රශ්ණය ඇත්තේ ඒ වටහා ගැනීමේ නොවේ.මේ ඛේදවාචකයේ නිර්මාතෘවරුන්ට තවමත් යහතින් රට පාලනය කරන්නට
ඉඩ දී තිබීමය.
සමහරු මෙි අර්බුදයෙන් ගැලවෙන්නට එක එක ජාතියේ දියසේන පංචස්කන්ද පිළිබඳව විශ්වාස කරති.කැසිනෝ ධම්මික රට ගොඩ දමනවායි යැයි ඇඟිලි ගනින වුන් ඒ අතරේය.කැසිනෝ ධම්මික ෆේල් වුනොත් අරලිය ඩඩ්ලි ඒ ලැයිස්තුවේය.තවත් ඒ වගේ වුන් ඉන්නට පුළුවන.මං ජනාධිපතිනි වුනොත් එහෙම නැතිනම් මං ජනපති වුනොත් කියා අන්තර්ජාලයේ මොනිටසෝරි කයිවාරු ගහන්නේ එහෙම උපාසකම්මලාය. උපාසක
මහත්වරුය.මුන්දැලා ඉන්නේ හීන ලෝක වලය.තමන්ගේ කයිවාරුවකට කමන්ටු සීයක් විතර වැටුනාම මේ ගොබ්බ ගොබ්බියන් හිතන්නේ මුළු රටම දැන් තමන් එක්ක කියාය.අපට නම් ඒ ගැන කියන්න තියෙන්නේ පවු ජීවිත කියාය.
මේ රටේ ග්‍රාමසේවා වසම් 14022 ක් තිබේ.ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 332කි. 2017 වසරේ ලංකාවේ ජනගහනය මිලියන 21.60 කි. පරිපාලන දිස්ත්‍රික්ක ගනන 25 කි.මැතිවරණ දිස්ත්‍රික්ක 22 කි.සෞඛ්‍ය දිස්ත්‍රික්ක 26කි.මැතිවරණ කොට්ඨාශ එකසිය හැටකි.උතුරු නැගෙනහිර මැතිවරණ කොට්ඨාශ 14කි.ඉන් නැගෙන හිර පලාතට දිස්ත්‍රික් තුනක් අයිති වන අතර එහි මැතිවරණ කොට්ඨාශ 10කි.උතුරේ දිස්ත්‍රික්ක දෙකක මැතිවරණ කොට්ඨාශ 14කි.
මේ පිහිටීම ගැන නොදන්නා වුන් රට හදන හැටි හා බලය අල්ලන හැටි ගැන කතා කරන එක මාර ආතල්ය.මේ පිහිටීම තුළ හැසිරෙන දේශපාලනය ගැන අප තේරුම් ගත යුතුය.ඇතැම් විට ඒ දේශපාලනය කුලය ආගම හා ජාතිය මත රඳා පවතී.අන්තර්ජාල විප්ලව මේ ඡන්ද කතිරයට අදාල නැත.
අපේ හොරා අපට හොඳා කියන ජාතියේ මිනිසුන් ජීවත්වූ මේ රට දැන් බඩට බත් හුලක් නැති වන විට මහ පොළොව කම්පනය වෙමින් තිබේ.නමුත් කිසිවකුත් තම තමන්ගේ පක්ෂ දේශපාලන මතවාදයන් අත් හැර නැති බව නම් පෙනෙන්නට ඇත.පංචස්කන්ද දේශපාලනය කරනම් ගහන්නේ ඒ නිසාය.
ඒත් ඉතින් ඒ පංචස්කන්ද දේශපාලනේ ගැන අපට කියන්නට ඇත්තේ අවුරුදු හැත්තෑවක් තිස්සේ ඔය පංචස්කන්ද දේශපාලනේ රටට සිදු කළ ලබ්බක් නැති බවය.දැන් රටට අවශ්‍ය රට ගොඩ නගන ප්‍රතිපත්තිමය විසඳුමකි.අරූට මූට දැන් මෙි රට ගොඩ දාන්න මේ සම්මෙට බැරි බව නම් සහතිකය.
දැන් මුළු රටම එක්කාසු විය යුත්තේ රාජපක්ෂ හොර තක්කඩියන් හා උන්ගේ නෑයන් හා හිතවතුන් රාජ්‍ය පාලනයෙන් එලවා දමන්ටය.එසේ නැතුවනම් මේ රට ගොඩ දානවා කියන එක පොයි සොල්ලු වානාය.දෙසීය විසි පහම එපා කියන ගොං ජෝක් මේ හෝරාවට අදාල නැත.වීදියේ සටන් කරුවන් පෙරටු ගාමීන්ය.ජනතාව සංවිධානාත්මකව පෙරහැරට කැඳවා ගෙන ආ හැක්කේ ජවිපෙටය.හැම ග්‍රාම සේවා වසමක්ම ආවරණය කර ගත හැකි දේශපාලන බලය ඇත්තේ සමගි ජන බලවේගයටය.
හතලිස් තුන්වන සේනාංකයද මේ පින්කමට දායක කර ගත යුතුය.
රාජපක්ෂ කාලකණ්නියන් පන්නා දැමීමට මේ බලවේග ඒකාරාශී විය යුතුමය.මේ බලවේග වලින් පිටස්තරව ගොං ආතල් ගත්තාට ජනතාව පෙල ගැසෙන්නේ නැති බව කවුරු කවුරුත් සිතා ගත යුතුය.
දැන් ප්‍රශ්ණය තියෙන්නේ හමුදාව හා පොලීසිය ඉන්නේ කොයි පැත්තේද යන්නය.පොලීසියේ හා හමුදාවේ ලොක්කන්ට රට තුළ පවතින මේ අර්බුදය දැනී නැත.හමුදාවේ කර්නල් ගෙන් ඉහල කැටගරියේ ලොක්කන්ට ඉන්ධන ප්‍රශ්ණ නැත.ගෙදර වුන්ට යාමට ඒමට වාහන තිබේ.ගෙදර වැඩට බට්ලර්ලා සිටී.උන්ට ඇති එකම ප්‍රශ්ණය බබාට කන්න බටර් මිලයට ගන්නට නැතිවීමය.හමුදාවේ ඔපිසර් මෙස් වල කන්න බොන්න අඩුවීමක් නැත.සූඩයන් කොල මැල්ලුම් සමග ලැබෙන්නේ සාමාන්‍ය සෙබළාටය.
පොලීසියේ එස් අයි ගේ සිට රාළහාමි දක්වාද හමුදාවේ කපිතාන් සිට සාමාන්‍ය සෙබලා දක්වාද ඉන්නේ මේ අර්බුදයේ කරවටක් ගිලිලාය.තෙල් ගෑස් පෝලිම් වල සිටින්නේ මේ අයවළුන්ගේ අම්මා අප්පාය.නංගී මල්ලීය.ගෙදර උන්දැලාය.
ආණ්ඩුවේ ඉස්පිරිතාලේ බෙහෙත් නැති කම දැනෙන්නේ ඒ පවුල් වලටය.
දැන් හමුදාවේ හා පොලීසියේ පුංචි මහත්තරු තමන්ගේ පවුල් විඳින දුක් කරදර ගැන තේරුම් ගත යුතුය.හැමදාම පවුලේ උන් මේ දුකේ විඳවනවාදැයි වහාම තීරණය කළ යුතුය.කාලකණ්නි රාජපක්ෂලා තව දුරටත් ආරක්ෂා කිරීමෙන් සිද්ධ වන්නේ තමන්ගේ පවුලේ එකෙකු මරණයට කැන්දාගෙන යාම බව කල්පනා කළ යුතුය.මේජර් ජනරාල්ලා ලාටත් නියෝජ්‍ය පොලිස්පතිලාටත් මේ වටපිටාව කල්ල මරේය.
මේ හමුදාවේ හා පොලීසියේ පුංචි මහත්තරුනගේ කොඳු නාරටියේ ශක්තිය පිළිබඳව ජනතාව ප්‍රශ්ණ කරන වේලාවය.එහෙම කොඳු නාරටි ශක්තිමත් කොල්ලන් හමුදාවේ පොලීසියේ අනන්තවත් සිට තිබේ.
අසූව දශකයේ මුල් භාගයේ කොමාන්ඩෝ රෙජිමෙන්තුවේ සෙබලෙකුට එහි නිළධාරියකු යට ඇඳුමක් සේදීමට දුන් නියෝගයක් සමග ගනේමුල්ල කඳවුර ඇවිලිනි.සැරයන් නිලයේ පහල නිලයන්ට අයත් තුන්සීයයක පමණ සෙබළුන් පිරිසක් කඳවුර අත් හැර ගියහ.ඒ වන විට ඇවන්ගාඩ් සේනාධිපති එම කඳවුරේ සේවය කළ කපිතාන් වරයෙකි. සෙබළුන් කඳවුර අත් හැර යාම කිසිම මාධ්‍යයකට හෝ පිටස්තරයකුට දැන ගැනීමට කඳවුරේ ඡ්‍යෙෂ්ඨ නිළධාරීන් ඉඩ තැබුවේ නැත.
මේ අතර තුර සෙබළුන් අතර ජනප්‍රිය නිළධාරියෙකු හා සැරයන් වරු දෙදෙනෙකු වහා මැදිහත්ව කඳවුර අත් හැර ගිය සියළු සෙබළුන් එක දිනයක් තුලදී යලි කඳවුරට රැගෙන ඒමට සමත් විය.මේ සිදුවීම අදටත් හමුදා මූලස්ථානයට වාර්තා වී නැති බව ලිවිය යුතුමය.
ඒ හමුදා සෙබළුන් ගේ කොන්ද පිළිබඳ එක කතාවකි.අනෙක් කතාවට සම්බන්ධ මිල්ටෙරි නන්දසේනය.සිංහ රෙජිමෙන්තුවේ සෙබල කණ්ඩායමක් ලුතිනන් නන්දසේන හා ලුතිනන් ලක්ෂ්මන් වීරක්කොඩි ගේ ප්‍රධානත්වයෙන් මින්නේරිය සුදු ගල් කන්ද ප්‍රදේශයේ වන ගත පුහුණුවක යෙදිනි.එම අවස්ථාවෙි ලුතිනන් නන්දසේන හා ලුතිනන් වීරක්කොඩි අසනීප වූ කෝප්‍රල්වරයෙකුට ජලය පානයට ඉඩ නොදීම නිසා ඔහු මරණයට පත් විය.
මෙම මරණයත් සමගම ඇචිලන් චතුරශ්‍රයේ තිබූ සිංහ රෙජිමේන්තුව මහත් කැළඹීමට පත්විය.එහි සෙබළුන් නිළධාරී නිවස්නයට කඩා වැදී නිළධාරීන්ට පහර දුන්හ.ලුතිනන් නන්දසේන කම්බි වැටෙන් පැන ගියේය.
මෙහිදී සෙබළුන් පහර නොදුන්නේ රෙජිමෙන්තුව තුළ ජනප්‍රිය ලුතිනන් වරයකුව සිටි සරත් ෆොන්සේකාට පමණය.
මේ එදා හමුදාවේ සිටි කොල්ලන්ගේ අසාධාරණයට එරෙහි වීමේ ගුණයයි. හමුදාවේ හා පොලීසියේ පුංචි මහත්තරු මේ ගැන වහා තීරණයකට එළඹිය යුතුය.ජාතික ආරක්ෂාව බිඳ වැටේය යන රාජපක්ෂ ගුංඩු වලට හසු නොවී ජනතාව පැත්තේ සිට ගන්නට වහාම මෙි මහත්තරු තීරණය කළ යුතුය.මේ තක්කඩියන් පාලන බලයෙන් ඉවත් නොවන්නේ නම් බෙල්ලෙන් අල්ලා එළියට විසි කරන්නට එන ජනතාවට කිසිදු කරදරයක් නොකරන්නට වග බලා ගත යුතුය.මේ පාහරයන් තවමත් බලයේ සිටින්නේ ඔබලා අත ඇති ආයුද පිළිබඳ විශ්වාසයෙනි.දැන් ඔබ සැම හෘද සාක්ෂිය පාවා නොදී තමන්ගේ යුතු කම ඉටු කරන්න සහෝදරවරුනි…..!!
හදට සෝගිණි ඉණට වැරහැලි
කැබලි එල්ලා
සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු
කාලය ගිහිල්ලා
නොසිට මැරි මැරි සතුරු පායට වකුටු වී
අතපය හකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ
වාරය ඇවිල්ලා
(මම හිටපු යුධහමුදා මේජර් ජනාරාල්වරයෙක්)