උණුසුම් පුවත්

ලේ හලන සැලසුමකට “ආණ්ඩුව” සූදානම් ප්‍රවේශම් වෙන්න

Spread the love

පොලිස්පතිවරයා විගඩ⁣ම් කාරයෙක් බව තහවුරු කර තිබේ.ඒ 6/5 මෙරට සිදුවිය හැකි එල්ටීටී ප්‍රහාරයක් පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්නට යවන ලද රහසිගත ලිපියක් නිසාය.කමල් ගුණරත්න පොලිස්පතියාට එහා ගිය ජෝකරයෙකි.

බලාගෙන යන විට ඩබලම එක වල්ලේය.මේ ඩබල රටට විහිළු සපයමින් දැන් දත මිටි කන්නේ ජුනි නවවෙනිදා ජනතාව පාරට බහින එක වලක්වා ගැනීමටය.මේ ජෝකරයන් දෙන්නාගේ කෙරුවාව ගැන අපට කීමට ඇත්තේ අනේ අපොයි කියාය.
පොලිස්පති දැන් ට්‍රයි කරන්නේ මිල්ටෙරි නන්දසේනගේ පස්ස පැත්ත හෝදා හෝ තනතුර ආරක්ෂා කර ගැනීමටය.හිටපු හමුදාපති ශවේන්ද්‍රට කෙල වුන හැටි පොලිස්පති දනී. රාජපක්ෂලා කරන කියන ඕනෑම අවජාතක වැඩක් ඉෂ්ට සිද්ධ කර නහින දෙහින ⁣කාලයේ පොලිස්පති පුටුව අයිති කර ගෙන සිටීම හොඳයැයි වික්‍රමරත්න කල්පනා කරනවා වෙන්නට පුළුවන.
දැන් රටේ ආරක්ෂාව බාරව ඉන්නේ ඇවන්ගාඩ් සේනාධිපතිය.මේ බිස්නස් කාරයා අද ආරක්ෂක කවුන්සිලයේ රැස්වීම් වලට පවා සහභාගි වේ. ත්‍රිවිධ හමුදාපති වරු හා පොලිස්පති ඇවන්ගාඩ් සේනාධිපති ගේ එහෙයියන්ය.මේ එල්ටීටී 6/5 ප්‍රහාර සැළසුම හැදෙන්නේ ඇවන්ගාඩ් සේනාධිපති ගේ උපදෙස් අනුවය.දැන් මෙරට සියල්ල සිද්ධ වෙන්නේ පාස්කු ප්‍රහාරයට පසුබිම සැකසූ ආකාරයටමය.
රට පුරා පවතින සංවිධානාත්මක විරෝධතාවන් සිද්ධ වන්නේ පෙරටු ගාමීන් හා ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වීමෙන් බව මිල්ටෙරි නන්දසේන ඇතුළු මේ කල්ලිය දනී.දැන් ඔවුන්ට අවශ්‍ය වන්නේ එකෙකු දෙන්නෙකු බිල්ලට දී හෝ මෙම විරෝධතා  අල කර දැමීමය.ඒ සඳහා මේ වන විටත් ඇවන්ගාඩ් සේනාධිපති පිටපත සකසා අවසන් බව අපට අනාවරණය වී තිබේ.
ජුනි මස නව වෙනිදා කොළඹට එන මහජන සුනාමිය වලක්වාගැනීම සඳහා මේ මෙලෙච්ඡයන් පාස්කු ප්‍රහාරය හා සමාන සමාජය තිගැස්සවන කුමන්ත්‍රණයක් දියත් කරන බව පැහැදිලිය.එය ඇතැම් විට පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකු ඝාතනය කිරීමක් සිදු විය හැකිය.එම ඝාතනයන් වල වගකීම විරෝධතා කරුවන්ට බැර වෙනු ඇත.මේ ඝාතනයන් තුළින් තවදුර⁣ටත් මෙම සාහසිකයන් පිරිස අපේක්ෂා කරනු ඇත්තේ විරෝධතා කරුවන් කෙරෙහි පොලීසිය තුළ වෛරය ඇති කරවීම බව හැඟේ.කෙසේ හෝ එවැනි තිරිසන් හැඩයේ කුමන්ත්‍රණකාරී සැලසුමක් හෙට අනිද්දාට සමාජය තුළ කොතැනක හෝ පිපිරෙන බව ස්ථිරය.

ඇවන්ගාඩ් සේනාධිපති යනු අමු ලේ පිපාසිතයෙකි.පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේද මේ මෙලෙච්ඡයාය.සිය පාතාල ජාවාරම් වල ආරක්ෂාව සඳහා කෝටි ගනනින් මුදල් වියදම් කරන තැනැත්තෙකි.මිල්ටෙරි නන්දසේන මේ සාහසිකයාගේ ව්‍යාපාරික සගයාය.

මේ පිලිබදව ලංකා දවසේ අපි රාජ්‍ය බුද්ධි සේවාවේ ක්‍රියාවන් පිලිබදව් මීට පෙර හෙලි කලේය. අද වන විට පිල්ලයාන්ගේ එල්.ටී.ටී.ඊ කණ්ඩායම් වු තමිල් මක්කල් විදුතලෙයි පුල්ලිකල් (ටී.එම්.වී.පී.) පිරිසක් මේ වන විට ගෝඨාගේ ඉල්ලීමට නිස්සංක විසින් ගෙන්නා ඇති බවත් වාර්තාවේ. මෙම පොලිස්පති කියන කිසිදු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු ලංකා භූමියේ නැති නමුත් පිල්ලයාන්ගේ හෝ කරුණාගේ කණ්ඩායමින් එවනි ප්‍රහාරයක් එල්ලකොට 07 වන දින සංඝයා වහන්සේලාගේ හා 09 වන දින ජනතා නැගිටීම නතර කිරීමට ඉඩ තිබේ.

හෙට අනිද්දා වන විට සමාජය මත මුදා හරින්නට  අපේක්ෂා  කෙරෙන මෙම සාහසිකයන්ගේ ක්‍රියාදාම සාහසික සැළසුම ගැන දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස අපි සියළු දේශපාලන ක්‍රියාකාරිකයන් ගෙන් ඉල්ලමු.එල්ටීටී ප්‍රහාරයක් පිළිබඳව බුද්ධි තොරතුරු ලැබුනේ යැයි පොලිස්පති මහල්ලා ආරක්ෂක ලේකම් වෙත යැවූ ලිපිය එම සැලසුමේ පළමු පරිච්ඡේදය බවද අපි වැඩිදුරටත් සිහිපත් කරමු. 

Spread the love

Leave a Comment

You may also like