ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂට විරුද්ධව සිදු කරන විරෝධතාවයන් සහ අරගලයේ රැඳී සිටින පුද්ගලයන් පිලිබඳ තොරතුරු එක් රැස් කිරීමට හා අරගල අභ්‍යන්තරයෙන් කඩාකප්පල් කිරීමට ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් ඔත්තුකරුවන් පිරිසක් රිංගවා ඇති බව වාර්තා වෙයි.
මෙම ඔත්තුකරුවන් පිරිස ජනාධිපතිවරයාගේ අනු දැණුම ඇතිව මේජර් ජෙනරාල්වරයෙක් විසින් මෙහෙයවන බව සඳහන් වෙයි.
මෙම කණ්ඩායමේ නායකයෙකු ලෙස ක්‍රියා කරන ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවය කරන අමල් රත්නායක නැමැති පුද්ගලයා මේ වන විට අරගලය තුලට සක්‍රිය විරෝධතා කරුවෙකු මෙන් ඇතුළු වී අරගලය මෙහෙයවන පිරිස පිලිබඳ තොරතුරු ආරක්‍ෂක අමාත්‍යාංශයට ලබා දී තිබේ.