උණුසුම් පුවත්

කටාර් තෙල් සමාගමේ මුල්‍ය අධ්‍යක්ෂක නාමල් බව හෙළිවේ

Spread the love

මෙරටට ඉන්ධන ගෙන්වීම⁣ට සැලසුම් කර ඇති කටාර් සමාගම රාජපක්ෂලාට

අයත් සමාගමක් බව පාම පාඨලී චම්පක රණවක චෝදනා කර සිටී.අප විසින් මේ තොරතුර ⁣මීට පෙර අනාවරණය කරන ලදී .මෙම සමාගම මගින් රාජපක්ෂ පවුලේ පුත්‍රයෙකුට අභව්‍යකාශ යානයක් ගුවන් ගත කිරීමට මුල්‍ය ප්‍රතිපාදනයන් සැපයූ බවටද පාම පාඨලී චම්පක රණවක විසින් ප්‍රකාශ කෙරිණි.
කෙසේ වෙතත් මේ ඉන්ධන සමාගමේ මුල්‍ය  අධ්‍යක්ෂ නාමල් රාජපක්ෂ බවට අන්තර්ජාලයේ ප්‍රවෘත්තියක් සංසරණය වේ.එහෙත් එම ප්‍රවෘත්තිය සාවද්‍ය බවද එහි නම සඳහන් වන්නේ වෙනත් අයෙකුගේ විය හැකි යැයි පාම නාමල් රාජපක්ෂ ටුවිටර පණිවුඩයක දක්වා තිබේ.
පසුගියදා බලශක්ති අමාත්‍යවරයා සිදු කළ ජනමාධ්‍ය සාකච්ඡාවකට පාම නාමල් රාජපක්ෂ සහභාගි වූ අතර ඔහු ඉන්ධන වලට සම්බන්ධ රාජ්‍ය ආයතන වල වෘත්තීය සමිති හා සාකච්ඡා පැවැත්වූ බවද අනාවරණය විය.මෙරට පවතින බරපතල ආර්ථික ඛේදවාචකය රාජපක්ෂ සනුහරය වසන්තයක් කර ගෙන ඇති ආකාරය මින් හෙළිවෙි.
ඔහුගේ ටුවිටරය සම්බන්ධයෙන් අපට කිව හැක්කේ පෝරිසාද හොරෙකු කිසි විටක තමන් හොරෙකු බව පිළි නොගන්නා බව විතරමය. 

Spread the love

Leave a Comment

You may also like