“..ඔබ කර්මාන්තශාලාවෙන් සිදුවන පරිසර හානිය පිළිබඳව ගම්වැසියන් විසින් කිහිප වතාවක්ම මීට ප්‍රථම පරිසර අධිකාරියට පැමිණිලි කර ඇත.දැන් අවසාන වතාවට මධ්‍යම පරිසර අධිකාරිය පවසන්නේ මෙය ආයෝජන මණ්ඩලයට අයත් කර්මාන්ත ශාලාවක් බැවින් මූලික වගකීම ඇත්තේ ආයෝජන මණ්ඩලයට බවය.මෙම කර්මාන්ත ශාලාව මගින් සිදුවන හානිය මෙය අමුණා ඇති ලිපිය කියවීම මගින් ඔබතුමාට තේරුම් ගත හැකිය
ගරු සභාපති තුමනි ;ඔබත් දරුවන් සිටින පියෙකි.මේ ගමේ ගෙවල් දහයක් ගත හොත් අඩුතරමින් එක ගෙදරකවත් ශ්වසන ආබාධ අයෙකු සිටී.තවද ඔබතුමා ලංකාවේ සිටින කෝටිපති ව්‍යාපාරිකයන් අතරින් ඉහළම ස්ථානයකට පැමිණ ඇත.අප කොපමණ හම්බ කරත් මේ කිසිවක් ගෙන යන්නේ නැත.අප අවසානයේදී ගෙන යන්නේ තමන් කළ හොද නරක පමණය.පින් පවු යනුවෙන් හඳුන්වන්නේ ඒවාය.මේ නඩුව වනාහී බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ වැන්නකි.මොකද ? මා දන්නා ආකාරයට වින්ග්‍රෝස් කර්මාන්ත ශාලාවේ වැඩිම කොටස් හිමියා වන්නේ
ඔබයි.එම නිසා අපේ ගම්වැසියන්ට සහනයක් සලසා දීමට සිදු වන්නේ ඔබයි .මෙහි චුදිතයාත් විනිශ්චයකරුවාත් ඔබයි.ගරු සභාපති තුමණි ;මා ඔබතුමාගෙන් අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේ දරුවන් ඇති පියෙකු ලෙසත් යුක්ති ගරුක පුරවැසියකු ලෙසත් මුදල් මතම නොරැඳී තම හෘද සාක්ෂියට එකඟව ක්‍රියා කර ඔබතුමාට අයත් මෙම කර්මාන්ත ශාලාවෙන් ගම්වැසියන්ට සිදු වෙන කරදර නවතා දෙන ලෙසය.ඔබතුමාට තව හම්බ කිරීමට දෙයක් නැත.කරුණාකර මෙම ගමට ගම්වැසියන් අසා හෝ සාධාරණයක් ඉටු කර දෙනු ඇතැයි සිතමි…”
රතුපස්වල මෙලේච්ඡ ඝාතනය…..
එහෙත් මේ ලිපියට කිසිදු සාධාරණයක් ඉටු කිරීමට තියා සිය කර්මාන්ත ශාලාව නිසා පීඩාවට පත්ව සිටි වැලිවේරිය නැදුන්ගමුව කැකුණගහවත්ත ප්‍රදේශවාසීන් දෙස ධම්මික පෙරේරා ඇහැක් ඇරවත් නොබැලූ බව කිව යුතුය.2013 ජුලි මාසයේ 27 වන දා ප්‍රදේශවාසීන් ධම්මික පෙරේරාට අයත් විනිග්‍රෝස් අත් වැසුම් කර්මාන්ත ශාලාවෙන් තමන්ට සිදුවන හිරිහැරයට එරෙහිව රතුපස්වල හන්දියේ සාමකාමී විරෝධතාවක් අරඹන ලදී.අඩුම තරමේ ඒ වන විට එම ප්‍රදේශවාසීන්ට බීමට ජලය පවා නොතිබුණි.කර්මාන්ත ශාලාවෙන් පිටවන අපද්‍රව්‍ය නිසා එම ප්‍රදේශයේ පානීය ජලය ගන්නා ළිඳවල් අපිරිසිදු වෙමින් තිබුණි.මෙම උද්ඝොෂණය ප්‍රදේශය පුරා පැතිරිණි.අඛන්ඩව දින ගනනාවක් පුරා රතුපස්වල පැවැති මෙම උද්ඝෝෂණයට අගෝස්තු පළමුවෙනිදා පන්දාහක පමණ ජන සමූහයක් එක්වූ අතර එහිදී එම සාමකාමී උද්ඝෝෂණය විසුරවා හැරීමට ආණ්ඩුව කමාන්ඩෝ රෙජිමෙන්තුව යොදවා වෙඩි තබන ලදී.හමුදාව තැබූ වෙඩි ප්‍රහාරයන්ගෙන් පාසැල් ශිෂ්‍යයන් දෛනෙකු හා තවත් එක් අයකු මිය ගිය අතර විශාල පිරිසක් තුවාල ලබන ලදී.මෙම ප්‍රහාරය ඉතා සාහසික හා මෙලේච්ඡ විය.එම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ වැලිවේරිය කතෝලික දේවස්ථානයේ දේව මෙහෙයකට සහභාගි වූ කන්‍යා සොයුරියකගේ ඔළුවට ගිණි අවියක් එල්ල කොට හමුදාා නිළධාරියෙක් තර්ජනය කොට තිබුණි.
මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාගේ කාලයේදී ආරක්ෂක ලේකම් මිල්ටෙරි නන්දසේනගේ නියෝගය මත හමුදාව මේ සාහසික ප්‍රචන්ඩත්වය මුදා හැර තිබුණේ ධම්මික පෙරේරා ගේ ව්‍යාපාරය ආරක්ෂා කර ගැනීම සඳහාය.බීමට වතුර ටිකක් ඉල්ලා පාරට බැස සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ මිනිසුන් මරා දමන්නට ආණ්ඩුව පෙළඹවන ලද්දේ ධම්මික පෙරේරා බව අමුතුවෙන් සදහන් කළ යුතු නැත.
හෙට අනිද්දාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිත කුලප්පු ආරච්චිගේ ධම්මික පෙරේරා ගේ සැබෑ ස්වරූපය ගැන හිතන්නට මේ රතුපස් වල ඝාතනය හොඳටම සෑහේ.ඔහු ෂයිලොක් හා සමාන ව්‍යාපාරිකයෙකි.එය තහවුරු කරන්නට උදාහරණ ඕනෑ තරම්ය.පසුගිය කාලයේ බ්‍රිතාන්‍යයෙන් මෙරටට ගෙන්වා තිබූ කුණු කන්ටේනර්
තොගය ධම්මික පෙරේරාට අයත් සමාගමකින් ගෙන්වන ලද ඒවාය.
ධම්මික පෙරේරාට අයත් කැසිනෝ ව්‍යාපාරය මෙරට කළු සල්ලි සුදු කිරීමේ යෙදී සිටින තක්කඩි පාතාල ජාවාරමකි.සැබැවින්ම ධම්මික පෙරේරා මෙරට ව්‍යාපාර ලෝකයේ මුදුන් මුල බවට පත් වන්නේ මේ කැසිනෝ ව්‍යාපාරයෙනි.කැසිනෝ ව්‍යාපාරය සම්බන්ධයෙන් මෙරට අපරාද නීතිය ක්‍රියාත්මක නොවීම නිසා ධම්මික පෙරේරාට මහා ධනවතකු වීමට බාධාවක් නොවීය.මෙරට සිදු වන මුදල් මංකොල්ලයකට අත් අඩංගුවට ගන්නා දාමරිකයන් එම මුදල් තොගය යමි පුද්ගලයකු සන්තකයේ තබා තිබුණ හොත් එම මුදල් තබාගත් තැනැත්තාද අපරාදමය වරදකට හසුවේ.ඒ සොර බඩු ලඟ තබා ගැනීමේ වරදටය. එහෙත් මේ අපරාද කරුවන් කැසිනෝ ක්‍රීඩාවේ යෙදී එම මුදල් වැය කර තිබේ නම් කිසිදු නෛතික ගැටළුවක් මතු නොවේ .මෙම කැසිනෝ ව්‍යාපාරය සම්බන්ධයෙන් පවතින ව්‍යාපාරික නීති රීති ඉතා ලිහිල්ය.
මියගිය මංගල……
මේ නිසා බංකොලොත්වූ ධනවතුන් රාශියක් අපේ රටේ සිටී.අද ධම්මික පෙරේරා කරණම් ගසන්නේ කැසිනෝ ව්‍යාපාරයෙන් මංකොල්ල කෑ ඒ මුදල් උඩය.මේ වන විටත් ධම්මික පෙරේරා විසින් සිය කැසිනෝ ව්‍යාපාරයෙන් රජයට නොගෙවූ බදු මදල් ප්‍රමාණය කෝට් පනහ ඉක්මවන බව පැවසේ. ම්ල්ටරි නන්දසේන බලයට පත් වූ විගස බදු සහන මුදා හැරියේ මේ ධම්මික පෙරේරා ප්‍රධාන කර ගත් තක්කඩි ධනපතියන්ට සහනයක් විදියටය.මිල්ටෙරි නන්දසේන ගේ එම බදු සහන ප්‍රතිපත්තිය මියගිය මංගල සමරවීරගේ දැඩි විවේචනයට ලක් වූ බව අපට මතකය.
ත්‍රාඩ ලුම්පන් ධනපතියන්…..
හිටපු මුදල් අමාත්‍යවරයකු වූ මංගල සමරවීර එදා සඳහන් කෙරුවේ මෙම බදු සහනය නිසා අධිවේගී දුම්රියක ගමන හා සමානව රටේ ආර්ථිකය බිඳ වැටෙන බවය.මංඟල සමරවීරගේ එම අනාවැකියේ සත්‍යය අද ඇස් පනා පිට දකින්නට තිබේ.ඒ බදු සහනයෙන් රටේ ආර්ථිකය මංකොල්ල කෑවේ ධම්මික පෙරේරා වැනි ත්‍රාඩ ලුම්පන් ධනපතියන්ය.ධම්මික පෙරේරා යනු බල්ලො මරා හෝ සල්ලි හොයන ජාතියේ පොරකි.ඔහු සිය ව්‍යාපාර වල අයිතිය අන් අයට පවරා මන්ත්‍රීවරයකු වන්නේ හා ඇමතිවරයකු වීමට අපේක්ෂා කරන්නේ වෙස්සන්තර කෙනෙකු වන්නට නොවේ.මේ ඇමති තනතුර ඔහුට අනාගතයේදී ව්‍යාපාර ආයෝජනයකි.රටට කෙල වුනාට ධම්මික පෙරේරාට අදාල නැත.ඔහු අනාගතයේදී ජාත්‍යන්තරව පෙනී සිටිනු ඇත්තේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හිටපු ඇමති වරයකු වශයෙනි.ඒ හොඳටම මැදෑ.
බරපතල වරද්දා ගැනීම………
ධම්මික පෙරේරාට වර්තමානයෙදී රට වැටී ඇති අර්බුදයෙන් ගොඩ ගන්නට හැකි යැයි සිතීම බරපතල වරද්දා ගැනීමකි.එය එසේවන්නේ නම් අවුරුදු පනහක් පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ ඊට වඩා දක්ෂයෙකු විය යුතුය.ධම්මික පෙරේරා පාර්මේන්තුවට එන්නේ රාජපක්ෂලා විසින් අයුතු ලෙස උපයාගෙන ඇති කළු සල්ලි වලට නිත්‍යනුකූල කිරීමේ ගේමකට වෙන්නත් බැරි නැත.ඒ අතරේම ඔහු අගමැති රනිල් වික්‍රමසිංහට බැරියර් එකක් වෙන්නටද පුළුවන.