නිතිය හා සාමය අමාත්‍යංශය භාර ලේකම් ලෙසට පත් කර ඇත්තේ ගෝඨාභයගේ එක අළුගෝසු මිනිමරුවෙකු වු විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස්ය. වසර ගනනාවක් සුදු වැන් වලින් පුද්ගලයන් පැහැරගෙන ගිය ජගත් අල්විස් රටේ ජනතාවගේ නිතිය හා සාමය භාර දීම තුලින්ම පෙනි යන්නේ ගෝඨාභය රාජපක්ෂ යනු කාලකන්ණිම මිනීමරුවෙකු බවයි.
පසු ගිය 09 වෙනිදා අරලිය ගහ මන්දිරයේ සිට මයිනාගමට පැමිණ පහර දි ඉන් පසුව ගෝල් පේස් නිරායුධ ජන අරගලයට අමානුෂික ආකාරයට පහර දීමෙන් රටේ නිතිගරුක සමස්ථ ජාතියම කුපිත විය . එම අරගලයට පහර දි එලවා දැමීම සාකච්ඡාකල ස්ථානය ඒවාට සිටි අයවළුන් අප මීට පෙරම ලියා ඇත. ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න හා ජගත් අලවිස් මේ ප්‍රහාරයේ පියවරුන්ය.
ජගත් අලවිස් නිතිය හා සාමය ඇමති ගේ ලේකම් ලෙසට පත් කල ජනාධිපති ගෝඨාභය ගේ අරමුණම මිනිමැරීම බවය. රටට ඉන් ඉගියක් දි ඇත. එදා නිරායුධ ජනතාවට පහර දීමට ගිය රාජපක්ෂ මැරයන්ට එසේ කිරීමට නිතියානුකූල අවසරය ලබදුන්නේ මේ ජගත් අල්විස් ගේ බලකිරීම නිසාබවට දැන් දේශබන්දු කියා ඇත. පොලිස්පති පබයෙක් නිසාම ජගත් අල්විස් පොලිස්පතිට කියා ඇත්තේ ” මොනවා කරත් වෙඩි තියන්න යන්න එපා ” යනුවෙනි. එ නිසාම පොලිස්පති පොලිසිවලටත් ඒ ආකාරයටම උපදෙස් දී ඇත. එපමණක් නොව අවි රැගෙනයාමත් තහනම් කලෝය.
මේ වහාම පොලිස්පති තම ජේෂ්ඨ පොලිස් නිලධාරින් ගෙන්වා කියා ඇත්තේ කුමන හේතුවක් මත හෝ ජනතාවට පහර නොදෙන ලෙසත් ,කුමන අවස්ථාවක් දීවත් නිලධාරින්ට අවි රැගෙන නොයාමටත් උපදෙස් දිය යුතු බවට ,පොලිස්පති නියෝගකර තිබේ. ඔහු කෙසේ කීවත් මහජනතාවගේ දේපල හා ජීවිත විනාශ කරන විට පොලිසිය ඊට එක හෙලාව මැදිහත් විය යුතුය. ඒ පිලිබදව කිසිදු තරකයක් නැත.
රටක පොලිසියක් ඇත්තේ ජනතාවගේ ජීවිත හා දේපල රැකීමටය. ඒ දේපල වල අයිතිකරු කවරෙකු කුමණ තරා තිමක අයෙක් වුවත් ඒවා රැකීම පොලිස් නිලධාරියාගේ පරම යුතුකමය.
පොලිසිය වෙඩි නොතැබීමට හේතුව…..
එසේනම් පොලිසිය වෙඩි නොතැබීමට හේතුව දැන් ඉතාම පැහැදිලිය මින් පෙනියන්නේ ගෝඨාභයට අවනත නොවන සියළු මැති ඇමැත්තන් තමන්ට බිලිබාගැනීමට ජගත් හා කමල් ගැසු පාස්කු ප්‍රහාරයට නොදෙවනි ප්‍රහාරයක් බවයි.
මේ ඇමති නිවස වලට ප්‍රහාරයන් එල්ල කලේ නිස්සංකගේ සල්ලි වලට යෙදවු ඔත්තුකරුවන් බවට ඉතාම් වගකිවයුතු හමුදා ජේෂ්ඨ නිලධාරියකු සවිස්තරව පැහැදිලි කලේය. ඒ ඒ පලාත්වල සිටින ගම්මුන්ද සමඟ ගමෙන්ම යෙදවු පුද්ගලයන් හරහාය, ඒත් එ සියල්ලම ජනතා විමුක්ති පෙරමුණට බැර කරන්නේ එකගලෙන් කුරුල්ලන් දෙදෙනෙකුම බෑවීමේ න්‍යායටය.
ආණ්ඩුවට රතු එලි දලවා ජනතාව එකා දෙන්න පෙල ගැස්සීමට හේතු වු ලන්සාවත් දිගින් දිගටම ආණ්ඩුව විවේචනය කල රමේෂ්ටත් , චන්දිම වීරක්කොඩිවත් ඇතුළු ගෝඨාට විරුද්ධව කතා කල සියල්ලම එකම් දිනයක පැය කීපයක් තුල ගෝඨාගේ දෙපාමුලට තල්ලු කලේ හරි හමබකරගත් ඇදිවත පමනක් ඉතුරු කරමිනි.
ඒ කමල් හා ජගත් මෙහෙය වන හමුදා ඔත්තුකරුවන් ගේ අනුහසින් මැති ඇමතීලාගේ ගෙවල් එකින් එක ගිනි බත් වෙමින් රටේ ඡන්ද ප්‍රතිඵල කියන ලෙසටය. ඒ සියල්ලම ජනාධිපති කාර්යාලයට වාර්තාවෙනකොට ගනන් හැදුවේ නිස්සංකය. එදා ජනාධිපති හිනහ වෙමින්
“…..අපෝ අපේ ගෙවල් මොනවද…….” “…. මෙයාලගේ ගෙවල් නේ ගෙවල්….” ඊස් දැට් පැලස්….” කියමින් හිනහවුනේ නක්කලේටය.
ජගත් ගේ වැඩේ අකුරටම කලේ පොලිසියයි.දැන හෝ නොදන පොලිස්පති ජගත් ගේ කමල් ගේ නිස්සංකගේ ලණු කැවේ දිරවා ගැනීමට බැරි තරමටය. මහජනයාගේ ජීවිත හෝ දේපල විනාශ කරන, ගිනි තියන ,කවුරු වුවත් එලවීමට ක්‍රියාකලයුතුයි. නැත්තන් වෙඩි තබා එම විනාශය පාලනය කල යුතුයි. නිවසකට ගිනි තබනවා නම් පුද්ගලයෙකු ගේ ජීවිත හානියක් ආසන්නයේ ඇති ඕනෑම විටක වෙඩි තැබීම කල හැකිය. ඒත් රටේ කිසිදු පොලිසියකින් අඹමල් රේණුවක හිරිහැරයක් කරදරයක් නැතුව තම් ඔත්තුකරුවන්ට ගෙව් මුදලටත් වඩා වැඩක් ගැනීමට කමල් ,ජගත් නිතියානුකූල මැදිහත්වීමක් විය. ඒ නිස්සංකගේ සල්ලිවලට වැඩි අගයක් අරන් දීමටය.
දැන් වැඩේ ජගත් අල්විස්ලා ,කමල් ගුණේලා හිතුවටත් වඩා සාර්ථකයි. ඒ කෙහෙලියලා, රමේෂ්ලා,ලන්සලා හිටගෙනම ජේවීපියට ,පෙරටුගාමින්ට ගහන ගැහිල්ලටය. තම පොලිස් වසම තුල අයුතු ජනරාශියකින්,දේපල හෝ ජීවිත විනාශ වෙනවා නිතිය පිලිබදව අඹ මල් රේණුවක තරමකවත් දැනුමක් ඇති කිසිදු පොලිස් ස්ථානාධිපතිවරයෙකු වෙඩි නොතබා එය තම පාලනයට නොගනීයැයි කිසි විටකත් මෙම ලියුම්කරු විශ්වාස නොකරයි. ඒත් එසේ වීමට නම් ඉහලින් ප්‍රභලම නියෝගයක් ලැබී තිබිය යුතුමය.
මේ නිවාස ගිනි තැබු විමර්ෂණයට රජයේ රසපරික්ෂක ආවේ ඊයේය. වැස්සට තෙමි ,අව්වට වේලි ගොස් අපරාධ ස්ථානයේ සාක්ෂි සියල්ලම විනාශ වි යාමෙන් පසුව රජයේ රසපරික්ෂක ගෙන්වීම අරමුණ පොලිසියේ ලේකන පිරවීමට පමනක් ඇති වුවමනාවටය.
කෙසේ කොහොම වුවත් මේ ප්‍රහාරය පලාත්වල ගම්මුන් නොදන ජගත්ලා ,කමල්ලා නිස්ස්ංකලා එක්ව ගැසු ගෙන්මකි. එත් ඊට ශවින්ද්‍ර සිල්වා කිසිදු දායකත්වයක් නොදීමම ඒ රාජපක්ෂලා කවුදැයි ශවින්ද්‍ර ඉතාම හොදට දන්න නිසාය , ඉතාම ඉක්මනින්ම ශවින්ද්‍ර රාජපක්ෂලාගේ දැඩි වෛරයට නතුවෙනවා නියතය.
රාජපක්ෂලාගේ ඒ සැලැස්ම අප පසුව හෙලිකරන්නෙමු. ජනතා විමුක්ති පෙරමුණට හා පෙරටුගාමින් තහනම් කිරීමට හෝ විනාශ කිරීමට දැන් රනිල් ගේ ආණ්ඩුව හිතනවානම් එ සමස්ථ ජනතාවම මරා දමා එය කලයුතුය.
එත් ස්ථිරවම ජුනි වන විට රනිල්නම් පල්ලම් බසින බව අපිට ලැබුණ තොරතුරු අනුව සහතිකය.