උණුසුම් පුවත්

පොලිස් ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස් අගවිනිසුරුට ලිපියක් යවා අධිකරණයට බලපෑම් කරලා

Spread the love

මිල්ටෙරි නන්දසේනගේ හෙංචයියකු වූ පොලිස් අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන මේජර් ජනරාල් ජගත් අල්විස් අග්‍ර විනිශ්චයකාරවරයාට

ලිපියක් යොමු කොට සඳහන් කර ඇත්තේ මෙරට මහේස්ත්‍රාත්වරුන් පක්ෂග්‍රාහීව කටයුතු කිරීම නිසා රට තුළ අර්බුදයක් ඇති වී බවය.
මේ ලිපිය තුළින් මෙරට නීතිය ගැන මේජර් ජනරාල් ලේකම් වරයාගේ
දැනුම අව⁣බෝධය  වටහා ගත හැකිය.එසේත් නැති නම් මේ ගොන් වස්සා මහේස්ත්‍රාවරු යනු මේජර් ජනරාල් කෙනෙකුට යටත්ව සිටිය යුතු  වහළුන් ලෙස සිතනවා වෙන්නට පුළුවන.
පොලිස් අමාත්‍යංශයේ ලේකම් වරයා යනු රාජ්‍ය නිළධාරියෙකි.සිය තනතුරට අදාලව ආයතන සංග්‍රහයේ පවතින නීති පද්ධතිය උල්ලංඝනය කරමින් පොලිස් අමාත්‍යංශ ලේකම් මේජර් ජනරාල් වරයා අග්‍ර විනිශ්චයකාරවරයාට  යොමු කළ ලිපිය අධිකරණයට කළ බලපෑමක් මෙන්ම අපහාසයක් බවද අපගේ විශ්වාසයයි.
මේ ලිපිය අග්‍රවිනිශ්චයකාරයාට යොමු කිරීම පිළිබඳව මෙම මේජර් ජනරාල් ලේකම්වරයාට එරෙහිව කටයුතු නොකළහොත් එය වෙනත් රාජ්‍ය නිළධාරීන් සම්බන්ධයෙන් වූ නරක පූර්වාදර්ශයක් විය හැකි අතරම අධිකරණයේ ස්වාධීනත්වය ගැන මහජනතාව තුළ සැක සංකා මතුවීමටද හේතුවක් විය හැකිය. 

Spread the love

Leave a Comment

You may also like