උණුසුම් පුවත්

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැන්ෂන් යවා සීනිගම දේවාලයේ කපුකම බාර දෙන්න

Spread the love

පසුගියදා රාජපක්ෂවරු සිය බලය රැක ගැනීම සදහා කුමන්ත්‍රණකාරීව සිදු කළ සාහසික ගැටුමෙන් පසුව රට පුරා පැතිරී ගිය ගෙවල් ගිණි තැබීම් දේපොල මංකොල්ලකෑම් හා ඝාතනයන් සිදු  කළ මැර කල්ලි වහාම නවත්වන ලෙසට යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට මිල්ටෙරි නන්දසේන දෙවතාවක්  දුරකතනයෙන් නියෝග කර ඇතැයි වාර්තාවෙි.

මිල්ටෙරි නන්දසේන එවැනි මැදිහත් වීමක්  සිඳු කරන ලද්දේ රට පුරා පහර කෑමට ලක්වූයේ පොදුජන පෙරමුණට සම්බන්ධ ක්‍රියාකාරීන් නිසා බව පැහැදිලිය.එහෙත් අපට වැදගත් වන්නේ එය නොවේ.මිල්ටෙරි නන්දසේන හමුදාපති වරයාට දෙවතාවක්ම  හමුදාව යොදවන ලෙසට කරන ලද ඉල්ලීමය.
 හමුදාපතිවරයා ඒ සම්බන්ධයෙන් සැළකිළිමත් නොවීම හේතුවෙන් මිල්ටෙරි නන්දසේන පලාත් ආඥාපති වරුන්ගෙන් කරුණු විමසා තිබේ.එහිදී මිල්ටෙරි  නන්දසේන හට ආඥාපතිවරු ප්‍රකාශ කර ඇත්තේ   හමුදාපතිවරයා තමන් හට කිසිම නියෝගයක් නුදුන් බවය.අනතුරුව මිල්ටෙරි නන්දසේන ආරක්ෂක ලේකම් අමතා වහාම රට පුරා පැතිරී යන ප්‍රචන්ඩත්වය වැලැක්වීමට හමුදා සේනාංක යොදවන ලෙසට නියෝග කර තිබේ.
රට පුරා දැඩි ප්‍රචන්ඩත්වයක් පැතිරී යද්දී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා රටේ ජනාධිපති හා සේනාවිධායකගේ නියෝග තඹ දොයිතුවකට නොසැළකීම
ඉතා බරපතල කාරණයකි.හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කෝවිඩ් පැවැති කාලයේ සිටම අමුතුම හීනයක් දකිමින් සිටි බව අපි දනිමු.ඒ ඔහු ගේ සමීපයේ කට්ටඬි ගුරුකම් කරන පිස්සාගේ අනාවැකි නිසාය.මේ කටිටඩි පිස්සා සමග සතියකට වරක් කෙම්මුර දිනයක සීනිගම දේවාලය⁣ට එන ශවේන්ද්‍ර සිල්වා එහි බාර හාර වූයේ රටේ අගමැති වීමේ අපේක්ෂාවෙන්ය.අප මේ ලියන තොරතුරු වල සත්‍යය අසත්‍ය තාව සීනිගම දේවාලයේ කපු මහතුන්ගෙන් තහවුරු කර ගත හැකිය.
පසුගියදා රට පුරා ඇවිලී ගිය ප්‍රචන්ඩත්වය තමන්ට වාසි විදියට කෙළවර වෙනු ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ගණන් හදා ගෙන සි⁣ට ඇති බව අපට සිතා ගන්නට පුළුවන. උත්සන්න වන ප්‍රචන්ඩත්වය හරහා මිල්ටෙරි නන්දසේන ජනපති තනතුරෙන් ඉල්ලා අස්වෙනු ඇතැයිද අනතුරුව රට පුරා හමුදා මෙහෙයුම් යොදවා තමන් වීරයෙකු බව ජනතාවට ඇඟවීමටත් ශවේන්ද්‍ර ගේ සැලසුමක් තිබෙන්නට ඇත.කට්ටඩි පිස්සාගේ අනාවැකිය ටක්කෙටම හරියාගෙන යන බවක් මේ මෝලා සිතා ගෙන හිටියා වෙන්නත් බැරි නැත.ජනපති මිල්ටෙරි නන්දසේනගේ නියෝග පවා හමුදාපතියා නොසලකා හැරියේ දහසක් බලාපොරොත්තු ඇතුව බව අපට සීයට සීයක්ම විශ්වාසය.
ජානගත පරම්පරා මානසික ආබාධයකින් පෙළෙන අම්බලන්ගොඩ පැත්තේ කට්ටඬියකුගේ ගුරු හරුකම් මත රාජකාරි කරන හමුදාපතියෙකු  සිටින රටක ජාතික ආරක්ෂාව තියා තනි පුද්ගල ආරක්ෂාවත් සැලසෙන්නේ ⁣නැති බව  සහතිකය.හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ගේ කෙරුවාව ගැන හමුදාවේ සෑම නිලයක්ම  තුළම පවතින්නේ දැඩි පිළිකුලකි.ඔහුගේ බිරිඳගේ කෙරුවාව ඊට එ⁣හාය.මේ ගැහැණිය හමුදාව ඉස්ම යන තුරු මිරිකා හමිබකරන එකියකි.
ශවේන්ද්‍ර සිල්වා තවදුරටත් හමුදාපති කමේ සිටියහොත් රට බරපතල අවදානමකට ලක්වෙන බව කිව යුතුමය. මානසික ආබාධිතයකු ගේ කට්ටඩ්
ගුරුකම් උපදෙස් අනුව හැසිරෙන  හමුදාපතියෙකු තම වාසියට පරමානු බෝම්බයක්  පවා පුපුරවන්නට බැරි නැත.
හමුදාපති  ඉතා ඉක්මනටම පැන්ෂන් යැවීම රටේ ජනතාවගේ ආරක්ෂාව පැත්තෙන් හොදය.නැතිනම් මේ අගමැති හීන දකින්නා රට මහා විනාශයකට දක්කාගෙන යන්නට පුළුවන් බවට අපි අනතුරු අඟවමු.
පැන්ෂන් යන හමුදාපති ශවේන්ද්‍රට ගැලපෙන රස්සාවක් අපට සොයා දෙන්නටද පුළුවන.ඒ සීනිගම දේවාලයේ කපු කමය.හමුදාපති ශවේන්ද්‍රට ගැලපෙන රස්සාව ඒකය.

Spread the love

Leave a Comment

You may also like