කොළඹ විශේෂ රාජකාරි ගෙන්වා ඇති විවිධ පලාත්වල නිලධාරින්ට ගෙවන ගමන් වියදම් ඊයේ පොලිස් මුලස්ථානයෙන් ගෙවීමට සුදානම්ව ඊට අදාල චෙක්පත්‍ර බැංකු ගතකොට මුදල් කිරීමට ප්‍රමානවත් මුදල් නොමති බවට අදාල බැංකුවලින් මේ වනවිට දැනුම් දී ඇති බව වාර්තාවේ.
ආණ්ඩුව පොලිස් නිලධාරින් ගේ ගමන් වියදම් ගෙවිමට මේ වනවිට මුදල් ලබාදී නැති බවත් තමන් එම මුදල් ලැබු වහාම ගෙවීමට ක්‍රියා කරන බවත් කොළඹ ප්‍රධාන බැංකු කලමනාකරුවෙකු අප වෙත දැන්විය .
අහිංසක නිලධාරින් පිට පලාත්වලින් පැමිණ මහපාරේ නිදියමින් කරන කැප කිරීමට මේ ආකාරයට සලකන්නේ නම් පොලිස් නිලධාරින් නිලඇදුමින් අරගල භුමියටකැදවිමට ඉඩ ඇති බවත් අපි ආණ්ඩුවට අනතුරු අඟවමු.