අද මෙරට පොලීසිය මගින් සිදු කරන බලහක්කාරී අත් අඩංගුවට ගැනීම් වලදී ඊට එරෙහිව ගත යුතු අපුරු නෛතික ක්‍රියාමාර්ගයක් පිළිබඳව මැදවච්චියේ නීතිඥ වසන්ත ශ්‍රී වටගොඩ ඔහුගේ මුහුණු පොතෙහි සටහන් කර තිබේ.
එය මෙසේය………
“සාමකාමී උද්ඝොෂණයකට සහභාගිවී සිටියදී යම් හෙයකින් පොලීසිය විසින්
අනීතිකව එහි සිටින ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු පමනක් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන විට එම සැකකරුවන් රිමාන්ඩ් කිරීමේ වුවමනාවෙන් පොලීසිය ගසන්නේ එකම බයිලාවකි.
…එනම්,ස්වාමීනි……… ද.නි.ස යටතේ මොවුන්ව අත් අඩංගුවට ගෙන ඇත්තේ අයුතු ජන රාශියක සාමාජිකයන් වීම මතයි.ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.ඒ අනුව තවත් විශාල පිරිසක් අත් අඩංගුවට ගැනීමට විමර්ශනය සිදු කරමින් පවතිනවා.
මොවුන්ට ඇප දුන හොත් පොලීසියේ ඉදිරි විමර්ශන වලට බාධා ඇති වීම සහ නැවත මහජන නොසන්සුනතාවක් ඇති විය හැකියි…
පොලීසිය මේ විදියට නීතිය නවන්ඩ හදනවනං එම උද්ඝෝෂණයට ඔබ සහභාගි වී සිටියද නැත්ද නොතකා ඔබට ඔබේ අරගලයේ සහායකයන් වෙනුවෙන් මෙසේ කළ හැකිය.
උද්ඝෝෂණයට සහභාගි වුවද නොවුවදඔබ ගේ නීතිඥ වරු හරහා පසුවදාම වෙන වෙනම ගොනු කරන යෝජනා පත්‍ර (Motion)මගින් අධිකරණයට බාරවෙන්න.ඔවුන් ඔබ වෙනුවෙන් නොමිලයේ පෙනී සිටිනු ඇත.
.”…උද්ඝෝෂණයට සහභාගි වීම මත අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් අමතරව ඔබද එයට සහභාගි වූ බවත් පොලිස් විමර්ශන පහසු කිරීම පිණිස ඔබ අධිකරණයට සෙවෙච්ඡාවෙන්ම භාර වූ වගත් ඔබගේනීතිඥවරු හරහා අධිකරණයට ඒත්තු ගන්වන්න
අධිකරණය ඔබට ඇප නියම කර අනතුරුව පොලීසියට ගොස් ප්‍රකාශ ලබා දෙන ලෙස නියෝග කරනු ඇත. මේ විදියට අඩුම තරමේ 1000ක් 2000ක් වත් අධිකරණයට බාර වුවහොත් එක්කෝ මහේස්ත්‍රාත් වරයාට උණ ගැනෙනු ඇත.පොලීසියට හොඳ එකෙන් අහ ගන්නට සිදු වෙනු ඇත.
එතුමාට කෙසේ වෙතත් පොලීසියට නම් ඔය දාහක දෙදාහක ප්‍රකාශ සටහන් කරගන්නට සිදුවීමෙන් සහ වැඩි දුර කරුණු වාර්තා බී වාර්තා චෝදනා පත්‍ර අනං මනං සනිකව සකසන්නට වී හේතුවෙන් උණ සන්නිපාතය වැළඳෙනු ඇත.මලාටවත් උද්ඝොෂණයක් දිහා හැරිලාවත් නොබලනු ඇත.
ස්තූතියි වසන්ත වටගොඩ ලෝයර් මහත්මයෝ