උණුසුම් පුවත්

“රටවටකර වැට බැන්දත් කටවට කර වැට බදින්න බෑ” -ඉන්දියාවෙන් මිලියන් 750 ක යකඩ එයි

Spread the love

ජීප් රථ 750ක් ඉන්දියානු නය යෝජනා ක්‍රමය යටතේ ලබා දීම සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් කර තිබේ. මෙම ජීප් රථ ලබාදීම අධියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අගෝස්තු මස අවසානයට පෙර ජීප් රථ 250ක් ද සැප්තැම්බර් මස අවසානයට පෙර ජීප් රථ 250ක්ද 2003 වසරේ මාර්තු අවසානයට පෙර ජීප් රථ 250ක්ද වශයෙන් මෙම ජීප් රථ ලබාදෙනු ඇත. මේවයේ මුළු වටිනාකම බිලියන 2.5කි. මෙම වාහන් තොගයෙන් දැනටමත් උසස් පොලිස් නිලධාරීන්ගේ බිරින්දන්ට සහ අනියම් බිරින්දන්ට පවා රියදුරන් සහිතව වෙන්කරගෙන ඇත.

දියුණු රටවල නම් නිලවාහනයක් දී ඇත්තේ පොලිස්පතිවරයාට පමණි. එයද හුදෙක් එම රටේම නිෂ්පාදනය කරන වාහනයකි. පොලිස් අධිකාරි වරුන් නියෝජ්‍ය පොලිස්පතිසහ අනෙකුත් නිලධාරින් යන්නේ එන්නේ මෝටර්සයිකල් වලය. නැත්නම් උන්ගේ පවුද්ගලික වාහන වලය. ඇයි ලංකාවෙත් නියෝජ්‍ය පොලිස්පති ඇතුළු අනෙකුත්  අයට මෝටර් සයිකල් දෙන්න බැරි ? දැනට මොවුන්ගේ බිරින්දන්ට පවා වෙනම වාහන රියදුරන් සමග වෙන්කරවා දී ඇත. දරුවන්ට පාසැල් ක්ලබ් යන්නත් වෙනම වාහන දී ඇත. මා දන්නා රාජපක්ෂ අසුචි බුදින DIG කෙනෙක් වාහන 4ක්ම වෙන්කරගෙන ඇත. ඔහුගේ දහවල් කෑම එක පවා ගෙදර යවා රැගෙන එන්න වෙනම වාහනයක් සහ රියදුරෙක් වෙන්කරවා ඇත. රටට ඩොලර් නැහැ කියා මහා බැංකුවේ අධිපති පිටරටවල ඉන්න විදේශිකයන්ගෙන් මුදල් ආධාර ඉල්ලා අන්දොනාවක් කරද්දී ලැබුනේ ඩොලර් 27000ක පමණ සොච්චමකි.

රාජපක්ෂකාරයන්ගේ විදේශවල පිළිගැනීම කොතෙක්ද කියා අපට තේරුම්ගත හැකිය. IFM ගිය නඩේ ඩොලර් ලක්ෂ 3ක් දින කිහිපයකට වියදම් කර තිබියදී ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි මහා බැංකුවේ අධිපති අඩුම තරමේ එක ඩොලර් එකක්වත් මෙම ආධාරයට දුන්නාද? මුන් අපෙන් හින්ගාකාලා ෆන් ගන්නවා කියා දැන් එවන සොච්චමත් නවතා ඇත.

අලුත්ම නිවුස් එක දැන් ලංකාවේ ජනතාව මර්ධනය කිරීමට යකඩ වැටවල් ගහන්න යකඩ මදිය. ඒ නිසා ඉන්දියාවෙන් ආහාර ගන්න කියා ලබාදුන් ඩොලර් බිලියනයක ණය සහනාධාරය යොදා ගනිමින් යකඩ සඳහා දැනටමත් ඩොලර් මිලියන 250ක් පොලිස් ජීප් රථ සදහා වියදම් කර ඇත. ඉතුරු ඩොලර් මිලියන 750න් ජනතාව මර්ධනය කිරීම සඳහා යකඩ ගෙන්වීමට රාජපක්ෂ සනුහරෙට සම්බන්ධ ව්‍යාපාරිකයන් පිරිසක් සිටින බව වාර්තා වී ඇත.

මුළු ලොවම කොවිඩ් වසංගතයෙන් පෙළෙද්දී එන්නත් ඇනවුම් කර සිටියදී රාජපක්ෂලා ඩොලර් බිලියන් ගණන් වියදම් කර හයිවේ සදා බිලියන ගණන් කොමිස් ගසා කොවිඩ් වසංගතයෙන් බේරෙන්න හට්ටි මුට්ටි ගංගාවල් වලට විසිකරමින් (ඔවුන් ෆයිසර් එන්නත් ගසාගනිමින්) පිස්සු කෙලියා මිනිසුන්ට තවමත් අමතක නැත. වසර එකහමාරකට පෙර සිට විපක්ෂයේ මන්ත්‍රීවරු IMF යන්න කියා ඉල්ලා සිටියත් කලින් ලැබී ඇති ඩොලර් න්බිලියන ගණනක ආධාර වලට ආගිය අතක් නොමැති නිසා ඔවුන් විගණන වාර්තා ඉල්ලන නිසා බියෙන් IMF ගියේ නැති නිසා දැන් දවසට තුන්වේලක් කාපු එවුන්ට කන්න සිද්ද වී ඇත්තේ සතියකටම තුන් වේලකි.

අසරණ රෝගීන්ට බෙහෙත් නැතිව දහස් ගණන් රෝහල්වල මැරී වැටෙනු ඇත. රාජපක්ෂ කාරයෝ අරලියගහ මන්දිරේ වසර 2කකට ඉන්ධන සහ ආහාර ගබඩා කරගෙන ඇත. දැන් ලංකාවේ මිනීපෙට්ටි හිඟයක්ද ඇත. වඳ කොත්තු, වඳ ශාෆි කියා බොරු බේගල් ඇද ජනතාව කොටවා මුස්ලිම් වරුන්ගේ ආගමටද අපහාස කර ඇති නිසා මැදපෙරදිගින් පවා කිසිම ආධාරයක් ලැබී නොමැත. මෙයට රාජපක්ෂලාගේ අසුචි බුදින (දැන් ඉන්ටර්වල්) විමල් වීරවංශ වාචාලයා සහ ගම්මන්පිල හොර ගෙඩියාය.

දැන් දැන් රාජපක්ෂ සනුහරේට සොහොන් ලකුණු පහළවී ඇති නිසා මර බියෙන් පොලිස් ජීප් ගෙන්නමින් බැරියර් වලට යකඩ ගෙන්වමින් පිස්සු කෙළිනු ඇත. අරලියගහ මන්දිරේ පිරිත් පවා දමා පිරිතට විරුධ්ධ වුවොත් ආගම් බේදය අවුස්සා ගේමක් ගහන්න බැලුවත් එයද පුස්සක් වී ඇත. චීනෙට ඇති බය නිසා ගෝල්ෆේස් එකේ සහ චීන දේශ සීමාව ළඟ (පොර්ට් සිටි) පිරිත් නැත.

එමෙන්ම පුළුවන් විදියකට නැති බැරි අයට කුසට ආහාර වේලක් දී පින් රැස් කර තව්තිසා ලොවට යන ලෙසයි. බැරිවෙලාවත් පව් කරලා අපායට ගියොත් රාජපක්ෂලා සනුහරේම එතන ඉන්න නිසා අපායෙත් විසුමක් නැත. දැනටමත් අපායේ භාණ්ඩාගාරයේ ආරක්ෂාව තරකර ඇති බව අපට රාජපක්ෂ හෙන්චයියෙක්ම කියා ඇත.

රාජපක්ෂ පිළිකාව සදහටම ලංකාවෙ දේශපාලනයෙන් තුරන් කලයුතු කාලය ඇවිත් ඇත
අවසන් වශයෙන් මා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අරගලයෙන් තොර ජයග්‍රහණයක් නැත කියාය. .


Spread the love

Leave a Comment

You may also like