2019 අප්‍රේල් 21 බොම්බ ප්‍රහාරයේ සාරාන් ඇතුළු කණ්ඩායම පිලිබදව මේජර් ජෙනරාල් සලේට සෘජුවම තොරතුරු සැපයීමට යොදවා සිටියේ පුලස්තනී මහෙන්ද්‍රන් නොහොත් සහරා ජෙස්මින්ය.
ඇය ජීවත්ව සිටියානම් සියල්ලම එලියට එනබව බුද්ධියක් නොව සාමාන්‍ය දැනුමක් ඇති ඕනෑම කෙනෙකු දන්නා සත්‍යකි. රාජපක්ෂලා සිදුකල සියළු ඝාතනයන් වලදි වෙඩික් කරු මැරීමට වෙනමම කණ්ඩායමක් යෙදවීම සාමාන්‍ය දෙයකි. එසේ තිබියදි මෙම පාස්කු ප්‍රහාරයේ ප්‍රධානම සැලසුම්කරු වු සලේ “සාරාව” ජීවතුන් අතර තැබීමට තරන් මන්ද බුද්ධිකයෙකු නොවන බව අපි දනිමු.
සහකාර පොලිස් අධිකාරිමෙරිල් රංජන් පොලිස් නිලධාරියෙකු වු ඉන්දික ද සිල්වා යන දෙදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව වෙනුවෙන් මෙම විමර්ෂණයන් සිදු කරන බව පෙනියයි. එදා යුධ හමුදා කදවුරේදි මරාදැමුණු පුලස්තනි මහේන්ද්‍රන් නොහොත් සාරා ගේ මරණයට නිතියානුකූල භාවයක් නිතිපති හරහා තවත් දින කීපයකින් ලැබෙනු ඇත.
ලංකාවේ නිතිපතිය නැමති නින්දිතම ආයතනය අද මිනිමරුවනට පිරිවට අන්දන ඩොබිලා ගානට වැඩි තිබීම සමස්ථ නිති ප්‍රජාවටම සිදුවන අවමානයකි.
කෙසේ වෙතත් තවත් නොබෝ දිනකින් සාරා ගේ ඩී.එන්.ඒ ඇගේ මවගේ ඩී.එන්.ඒ සමඟ ගැලපෙන බව ඉතාම ආඩම්බරයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් හා ඉන්දික ද සිල්වා ප්‍රකාශ කරනු ඇත.
ඉන් සලේලා ,ගෝඨාභයලා හා ජවුෆර්ලා , රොහාන් ගුණරත්නලා හා මෛත්‍රි ලා සැනසුම් සුසුම් හරිනු ඇත. ඒත් දේශපාලකයන් සතුටු කරන මෙවනි පාහර විමර්ෂණයන් අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවෙන් නොවිය යුතුය. ශ්‍රි ලංකා පොලිසියේ ආභරණයක් වු අපරාධ පරික්ෂණ දෙපාරතමේන්තුව අද වනවිට රාජපක්ෂලාගේ ගනිකා මඩමකි.
මෙවනි පාහරවැඩ සිදුකල එම නිලධාරින්ට ඊයේ කැගල්ල මහේස්ත්‍රාත් දුන් තීන්දුව සිහිගන්වන්නේ යුක්තිය රජයන ආණ්ඩුවක් තුල මෙවනි දේශපාකයන්ගේ අධොමුඛය උරා බොන පුද්ගලයන් පොලිස් සේවාවෙන් පන්නා දැමිය යුතුමය. ඊට අප මුලිකත්වය ගන්න බවත් වගකීමෙන් සටහන් කරන්නෙමු.