Spread the love

මිල්ටෙරි නන්දසේනට හා රජපක්ෂ සනුහරයට එරෙහිව ⁣ගාලු මුවදොර අරගලය අඛන්ඩව පැවැත්වෙි.අද වන විට මේ අරගලයට දින දහතරකි.තවමත් එය නිමාවක් වන බව දකින්නට නැත.එම අරගලයට දිනෙන් දින ජනතා සහභාගිත්වය වැඩිවෙමින් පවතී.ගාලු මුවදොර අරගලය එසේ ඇවිලෙද්දී පවතින අර්බුදකාරී ආර්ථිකයට එරෙහිවද රට පුරාම ජනතා විරෝධයන්
පැතිර යමින් තිබේ.

රට පුරාම පවතින ⁣මෙම ජනතා විරෝධතාවන් පිළිබඳව මිල්ටෙරි නන්දසේන ඇතුළු රාජපක්ෂ සනුහරය
තඹ දොයිතුවකට මායිම් කරන බවක් දකින්නට නැත.මුළු රටේම ජනතාව ජනතාව ඉල්ලා සිටින්නේ රාජපක්ෂ වරුන්ට දේශපාලන භූමියෙන් ඉවත් වන ලෙසටය.ගාලු මුවදොර ප්‍රධාන සටන් පාඨයද එයමය.එහෙත් රාජපක්ෂ සනුහරය බලය අත් හැරීමට කිසිදුු සූදානමක් නැත. මෙරට ඇති ජාත්‍යන්තර වෙළඳ සමාගම් ගනනාවක් අද දින නිවේදන නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ රජයට එරෙහි ජනතා විරෝදතාවන්ට එරෙහිව⁣ කොන්දේසි විරහිතව සහයෝගය දක්වන බවය.

ගාලු මුවදොර ජන සන්නිපාතය නැගෙන ජනතා හඬ වාහන බලපත්‍රයට ,පාර්ලිමේන්තුවෙන් ලැබෙන විශ්‍රාම වැටුපට හා ලැබෙන දීමනා වලට කෑදර කමින් තක්කඩි රාජපක්ෂ පවුල ආරක්ෂා කරමින් සිටින පොදුජන පෙරමුණු බත් බැලයන්ටද තවමත් ඇසී නැත.රාජපක්ෂවරුන් ලැජ්ජා නහර ඇත්තෝ නො⁣වේ.මුළු රටම ඔවුන්⁣ට පාදඩ සොරුන් බවට චෝදනා කෙරුවද ඔවුන් බලය අත් හරින්නේ නැත්තේ ඒ නිසාය.

කෙසේ වෙතත් පාරට බැස ඇති ජනතාව කැමැත්තෙන් සිතා බලා සංවිධාන ගතව පාරට බැස ඇති අයවළුන් නොවෙි.මේ විරෝධතාවන් නිර්පාක්ෂික වීමේ වාසිය ඇත්තේ තක්කඩි රාජපක්ෂ වරු අතය.⁣
මොවුන් සිතා ගෙන සිටින්නේ කාල කළමණාකරණය තුල මෙි ජනතා විරෝදය දිය කර හැකි බවය.ඔවුන් රාජපක්ෂ වරුන් නැති සිඟිති අමාත්‍ය මණ්ඩලයක් පත් කරන්නේ ඒ නිසාය.
අගමැති මහින්ද පාර්ලිමේන්තුවට බලය ලබා ගැනීම සඳහා ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කරන්නේද ඒ නිසාය.

දේශපාලනිකව සංවිධාන නොවූ මේ කැරැල්ල මාර්ග සිතියමක් නොමැතිව අයාලේ ගොස් මැකී යනු රාජපක්ෂ තක්කඩියන් ගේ අදහස වී ඇති බව පැහැදිලිය. අශීලාචාර දේශපාලන ගති පැවතුම්
වලින් යුතු රාජපක්ෂ තක්කඩියන් ගේ දේශපාලන කෑදරකම එසේ මෙසේ කෑදරකමක් නොවේ.ජාතිවාදය වැපිරීමෙන් හා ආගමික අන්තවාදයෙන් බල අධිකාරිය ගොඩ නගා ගත් රාජපක්ෂ වරුන් ගාලු මුවදොර ජනතා විරෝධයට එරෙහිව පොලිස් හෝ හමුදාමය ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබඳව සමහර අයවළුන් විමතියට පත් වී සිටිති.රතුපස්වල බීමට වතුර ඉල්ලූ ජනතාවට වෙඩි තැබූ හලාවත ධීවර උද්ඝොෂණයේදී ධීවරයකු මරා දැමූ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයන්ගේ පාමනට වෙඩි
තැබූ විට එම අපරාද සාධාරණී කරණය කළ රාජපක්ෂ සාහසිකයන් මෙතරම් අරගලයක් විසුරවා හැරීමට කටයුතු නොකිරීමද මේ තක්කඩියන් ගේ සැළසුමක් බව අප⁣ට සැකයක් මතු වී තිබේ.

අපගේ මේ සැකය වඩාත් තහවුරු වන්නේ මිල්ටෙරි නන්දසේන ගේ උපාසක භාවය ඒ තරමටම අමුතු ස්වභාවයක් ගන්නා නිසාය.මිල්ටෙරි නන්දසේන හා ඔහු වටා සිටින ඔහුගේ සමීපතමයන් අමු මෙලේච්ඡයන්ය. මේජර් ජනරාල් සලේ ඇවන්ගාඩි සේනාධිපති හමුදාපති ශවේන්ද්‍ර ආරක්ෂක ලේකමි කමල් ගුනරත්න වැනි මිල්ටෙරි නන්දසේන ගේ සමීපතමයන් මනුෂ්‍ය ආත්ම පිළිබදව සිල්ලරට සිතන ලේ පිපාසිතයන්ය.

මෙම ලේ පිපාසිතයන් අතර සිටින හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ගේ සැබෑ ස්වරූපය අනාවරණය වූයේ රඹුක්කන සිදුවූ මිනිස් ඝාතනය පිළිබඳව දැක්වූ ප්‍රතිචාරයෙනි.පොලිස් වෙඩි තැබීමෙන් මිය ගිය රඹුක්කන තරුණයා ගැන වට්ස් ඇප් සමූහයක සටහන් තැබූ හමුදාපතිවරයා කියා තිබුණේ එම තරුණයා මිනීමැරුම් නඩුවක විත්තිකරුවකු හා දේශපාලන ක්‍රියාකාරිකයකු බවය.මෙම අදහස සමාජගත කිරීම තුළින් හමුදාපති ගොබ්බයා සිය අමානුෂික බව මිල්ටෙරි නන්දසේනට ඇති දේශපාලන පක්ෂපාතිත්වය තහවුරු කිරීම හා ඒ ඝාතනය සාධාරණීකරණය කිරීමත් කර ඇති බව අපි අවධාරණය කරමු.කෙසේ වෙතත් මෙහිදී හමුදාපතිවරයා විසින් මියගිය එම තරුණයා දේශපාලන පක්ෂ ක්‍රියාකාරිකයකු බව සඳහන් කිරීම ගැන අපට ඇත්තේ අමුතුම අදහසකි.ඒ මන්ද යත් හමුදාපති වරයාගේ වත්මන් බිරිඳගේ සෙහොයුරා සමගි ජන බලවේගය නියෝජනය කරන පොළොන්නරුව දිස්තික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නිසාය.
මිල්ටරි නන්දසේන ගේ පස්ස හෝදන හදිසිය නිසාම හමුදාපතිට ඒ ඇවැස්ස මස්සිනා ගැන අමතක වුනා වෙන්නට පුළුවන.

හමුදාපති සාහසිකයාගේ මෙම වට්ස්ඇප් සටහන ගැන පාර්ලිමේන්තුවේදී හරීන් ප්‍රනාන්දු මහතා මහතා ආවේගයෙන් කළ ප්‍රකාශය අපි අසා සිටියෙමු.එහෙත් ඒ ආවේගය පැවතුණේ පැය ගනනාවකි.
ඊ ළඟ සභා වාරයේදී හරීන් ප්‍රනාන්දු මහතා ඉතා සන්සුන්ව ප්‍රකාශ කරන ලද්දේ හමුදාපති වරයා තමාගෙන් සමාව ගත් බවය.ව්‍යවස්ථානුකූලව ස්වාධීනව රාජකාරි කළ යුතු රාජ්‍ය නිළධාරියකු ඉතා පිළිකුල් සහගත අසික්කිත හා සාහසික ආකාරයෙන් මිනිස් ඝාතනයක් සාධාරණීකරණය කිරීම ඉතා බරපතල වරදක් වන බව අපේ විශ්වාසයයි.

එහෙත් මහජන නියෝජිතයකු වූ හරීන් ප්‍රනාන්දු එය වරදක් ලෙස දකින්නේ දේශපාලන ආවේගශීලිත්වය හා සමාව ගැනීම අතර වූ කාල පරාසය තුළ පමණි.ඒ ගැන අපට කිව හැක්කේ ඉතිං එයාල යාළුවොනේ මල්ලී කියා විතරමය.

මේ හමුදාපතිවරයා සේවයේ නිරත වන්නේ නිත්‍යනුකූල සේවා දිගුවක් නොමැතිවය.ඔහුගේ මෙම අනීතික පත්වීම ගැන ජන⁣මාධ්‍ය වාර්තා කළ පසු ආරක්ෂක අමාත්‍යංශය ලහි ලහියේ පුවත් පත් නිවේදනයක් නිකුත් කරන ලද අතර ඉන් හමුදාපති වරයාගේ සේවා දිගුව පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන තොරතුරු අසත්‍යය බව සදහන් කර තිබුණි.හමුදාපති වරයාගේ සේවා දිගුව පිළිබඳව ජනමාධ්‍ය ප්‍රශ්ණ කර තිබුණේ එම සේවා දිගුවට අදාල ගැසට් නිවේදනයක් නැති බවය.

යුද හමුදා අධිකාරී ලත් නිළධාරීන්ගේ පත්වීම් උසස්වීම් විශ්‍රාම යෑම් සේවය දීර්ඝ කිරීම හා සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනපති වරයාගේ අනුමතියට යටත්ව ජනපතිවරයා විසින්
ගැසට් නිවේදන ප්‍රකාශයට පත් කළ යුතුය.

මේ ගැසට් නිවේදන ගැන හා ඒ සම්බන්ධයෙන් පවතින නෛතික ක්‍රියාවලිය ගැන 1993 අගෝස්තු 17 වැනිදා අංක 780/7 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන්ය.මෙම ගැසට් පත්‍රය යුද හමුදා පනත යටතේ ජනාධිපතිවරයා විසින් ප්‍රකාශිත නියෝගයකි.

“….වැඩ බැලීමේ පත්වීම්ද ඇතුළුව සියලු යුද හමුදා පත්වීම් මාරු කිරීම් ඉල්ලා අස් වීම් ඡ්‍යෙෂ්ඨතාව ප්‍රතිශෝධනය කිරීම් ධුරයේ කටයුතු කිරීමෙන් අත් හිටුවීම් ඉවත් කිරීම් ද්විතීනය කිරීමි මේජර් නිලය ඇතුළු ඊට ඉහල නිලවලට උසස් කිරීම් ජනපතිවරයා අනුමත කිරීමෙන් පසු ගැසට් පත්‍රයේ පල කළ යුතුය.

හමුදා පතිවරයා ලෙස පත් කරන නිළධාරීයා ඔහුගේ වයස අවුරුදු පනස්පහ ඉක්මවීමෙන් පසු නිල කාලය
දීර්ඝ කිරීමෙන් පසු හෝ විශ්‍රාම යාමෙන් පසු ඔහු නැවත පත් කිරීමෙන් ජනපතිවරයාට සේවයේ රඳවා ගත හැකි බවය.තවදුරටත් එහි විශ්‍රාම ගැන්වීම් ඉල්ලා අස්වීම් හා ඉවත් කිරීම් යටතේ සදහන් කර ඇත්තේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට යටත්ව සිටින නිළධාරියකු එසේ විශ්‍රාම ගැන්වීමේ දිනට කලින් දිනට පසුව රාජකාරියේ රඳවා නොගත යුතු බවය…”

මෙි ගැසට් පත්‍රයට අනුව හමුදාපතිගේ සේවා දිගුව ගැන අනිවාර්යයෙන්ම රජයේ ගැසටි පත්‍රයේ පලකිරීමි පල කර තිබිය යුතුමය.එහෙත් එවැනි සඳහනක් සහිත ගැසට් පත්‍රයක් නැති බව අපේ අවධාරණයයි.එය වඩාත් තහවුරු වන්නේ හමුදාපති පත්වීම අනීතික බවට ජනමාධ්‍ය පල කළ වාර්තාවන් අසත්‍ය යැයි ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කරන ලද මාධ්‍ය නිවෙිදනයේද එවැනි ගැසට් පත්‍රයක් ගැන කිසිදු සඳහනක් කර නැති නිසාය.ආරක්ෂක අමාත්‍යංශයද එම මාධ්‍ය නිවේදනය නිකුත් කර ඇත්තේ කොළය වසා බව පෙනී යයි.

මෙලෙස හමුදාපති වරයා අනීතිකව ධූරයේ කටයුතු කිරීම ව්‍යවස්ථානු කූලව ඉතා බරපතල කාරණයකි.ඒ රාජපක්ෂ සනුහරයට හා හමුදාපති වරයාට මෙරට වෙනම නීතියක් නැති බැවිනි.ජනමාධ්‍ය හමුදාපතිවරයාගේ මෙම අනීතික පත්වීම පිළිබදව ජනමාධ්‍ය මගින් අනාවරණය කොට මේ වන විට සතියක් ගෙවී ඇතත් ඒ ගැන මෙරට කිසිදු දේශපාලන නායකයෙක් හෝ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙක් ප්‍රශ්ණ නොකිරීමද අපට බරපතල සැකයක් මතුවී ඇති කාරණයකි.

මෙි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා යනු හොඳ ගේම් කාරයෙකි.මෙරට පැවැති යුද සමයේ මීඩියා කාරයන්ට සෑහෙන්න බොන්නට දී ජනප්‍රිය වූ පත්තර වීරයෙකි.ඒ අතරම රූපවාහිනියේ නිවේදකයකු වූ සමන් කුමාර රාමවික්‍රම සමග උතුරේ මුදා ගත් ප්‍රදේශවලින් සොයා ගත් රත්තරන් ජාවාරම් කළ හොර තඩියෙකි.බැසිල් රාජපක්ෂගේ මල්වාන නිවස ඉඳිකිරීමෙි කොන්ත්‍රාත් කරු මේ සමන් කුමාරගේ සොහොයුරාය. සමන්කුමාර ඇමරිකාවට පලා ගියේ ශවේන්ද්‍ර සිල්වා සමග කළ රත්තරන් ජාවාරම රහස් පොලීසිය විසින් විමර්ශන ආරම්භ කිරීම නිසාය.

කෝවිඩ් සමයේදී හමුදා පදක්කම් එල්ලාගෙන නිල ඇඳුමෙන් සැරසී දෘෂ්‍ය මාධ්‍ය වල ⁣නිතර පෙනී සිටි හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට තමන් මහා වීරයකු ලෙසට සමාජගත වීමේ සැලසුමක් තිබූ බව අපට නිරීක්ෂණය වී තිබුණි.අප ඒ පිළිබඳව ගවේෂණය කළ අතර ඉන් අප විසින් සොයා ගත් තොරතුරු ඉතා හාස්‍යජනකය.

⁣එහිදී හමුදාපතිවරයා තක්කඩි ගේම් කාරයෙක් බවට අපට තහවුරු වුන හොඳම සාක්ෂිය වූයේ යහපාලනය කාලයේ තම සේවා දීර්ඝය සඳහා ජනපති සිරිසේන ගේ දියණිය වූ චතුරිකා සමග ඇති කර ගන්නා ලද අනියම් සමිබන්ධයයි.එම සේවා දීර්ඝය ගොඩ දා ගත්තේ චතුරිකා සමග ඇති කරගත් ඒ අනියම් සම්බන්දය හරහාය.

සිය සේවා දිගුව ලබා ගත් හමුදාපති වරයා චතුරිකා සමග සීනිගම දේවාලයට සතියකට වාරයක් පැමිණ තිබේ.සීනිගම දේවාලයට හමුදාපති හා චතුරිකා පැමිණ ඇත්තේ අම්බලන්ගොඩ පැත්තේ කට්ටඩි වැඩ කරන ගැටයෙක් සමගය.මෙි කට්ටඬි ගැටයා සහන් නම් අයෙකි.අප විසින් සොයාගත් ආකාරයට මේ කට්ටඬියා උපතින්ම මානසික ආබාධිතයෙකි.මොහුගේ මවද සොයුරියද අනෙක් සොහොයුරාද ජානගත මානසික ප්‍රතිකාර සඳහා වෛද්‍ය සායන ප්‍රතිකාර ලබන්නන් වේ.
⁣⁣මෙි කට්ටඬියා වාචාලයෙකි.⁣ මහින්ද ජනපති වරයාගේ සම්බන්ධීකරණ ලේකම් වරයා වූ සජින් වාස් ගේ කාර්යාලයේ කාර්යාල කාර්ය සහායක ලෙසද කාලයක් මොහු සේවය කර ඇති බවද අපට වාර්තා විය.

මේ කට්ටඬි පිස්සා සිය දන්නා හඳුනන අයට අහවල් අහවල් ඇමතිගේ නෝනා අමාත්‍යංශ ලේකම් ගේ නෝනා මේජර් ජනරාල්ගේ නෝනා එසේත් නැතිනමි අහවල් නිලිය සමග බුදියාගත්තා යැයි පවසමින් විකෘති ආස්වාදයක් ගන්නා අයෙකි.උසින් අඩු මිටි කම නිසා ඇති වූ පෞරෂය භින්නය හා ජානගත මානසික ආබාධය මොහුගේ එම විකෘති මානසික වින්දනයට හේතුවක් වන්නට ඇති බව අප මේ ගැන විමසූ මානසික වෛද්‍යවරයෙකු ගේ අදහස විය.

මේ කට්ඬියා සීනිගම දේවාලයේ කපු මහතුන් සමග පවසා ඇත්තේ හමුදාපති වරයා සීනිගම දේවාලයේ පූජා වලට කැඳවා ගෙන එන්නේ මෙරට අගමැති කිරීම සඳහාය කියාය.තමන් හමුදාපති අගමැති කිරීම සඳහා ගුරුකම් කරන බවද එම කපු මහතුන් සමග පවසා තිබෙි.මෙවැනි ගුරුකමක් සදහා එක් අවස්ථාවක මේ කට්ටඩි පිස්සා ගජබා රෙජිමෙන්තුවේ හමුදා භටයන් ලවා වී ඇට කෝටියක් ගනන් කරවා ගෙන තිබේ.

කට්ටඬි මානසික ආබාධිතයකු සිය ගැලවුම්කාරයා කරගත් හමුදාපති ශවේන්ද්‍ර ගේ සිල්වාගේ මානසික ස්වභාවය කෙතරම් ⁣විහිළුකාර හා බොළඳද යන්න විද්‍යාත්මකව සිතන පතන සමාජයට තේරුම් ගත හැකිය.
යුද හමුදාවෙි විශිෂ්ඨ බුද්ධි සේවාවක් පවා තිබියදී මේ කට්ටඬි පිස්සාගේ පවුල් පසුබිම පිළිබඳව සොයා නොබලන තරමට හමුදාපති වරයා අගමැති තනතුරට වහ වැටී තිබෙි ⁣.පුකේ සිට ඔළුව දක්වා පදක්කම් එල්ලාගෙන සිටියද හමුදාපති මී හරකෙක් බව මේ තොරතුරු වලින් තහවුරු කර ගත හැකිය.

අද මෙරට හමුදාපති වරයාගේ කෙරුවාව මෙලෙසය.කෙසේ වෙතත් මෑතකදී හමුදාපතිවරයා විසින් ඩුබායි රාජ්‍යයෙන් මිලයට ගත් අවන්හල් දෙකක් බලා කියා ගන්නේ අප ඉහතින් සඳහන් කළ කට්ටඬි මානසික ආබාධිතයා බවට අපට තොරතුරු ලැබී තිබෙි.සමාජයට බාහිරව නොපෙනෙන මානසික ආබාධයකින් හමුදාපතිවරයාද පෙළෙන වායැයි අපට සිතේ.මෙවැන්නකු හමුදාපති වරයා ලෙස සිටීමද අනතුරු දායකය.ඒ මන්ද යත් දෙවියන් අණ කෙරුවායැයි කියා සමුලඝාතනයක් කිරීමට හමුදාවට අණ දිය හැකි බැවිනි.

ඒ හා සමානව අප හට රට මුහුණ දිය හැකි තවත් අවදානමක් පිළිබඳව සැකයක් මතු වී තිබේ.ගාලු මුවදොර ජනතා අරගලය ගැන රාජපක්ෂ සනුහරය එතරම් අවධානයක් නොදක්වන්නේ මෙය තවදුරටත් දිග් ගස්සවා භූමියේ බලය ගැනීමට හමුදාව යොදවීමට මිල්ටෙරි නන්දසේන හා ඔහුගේ මිල්ටරි සගයන් කල්පනා කරන නිසා වෙන්නට පුළුවන.සැබැවින්ම එය සෘජු හමුදා මැදිහත් වීමක් නොවනු ඇත්තේය.⁣ගාලු මුවදොර සටන්කාමීන්ගේ එක් සටන් පාඨයක් වී ඇත්තේ පාර්ලිමේන්තු මහජන නියෝජිතයන් 225 ම එපා යන්නය.හමුදා ක්‍රියාන්විතය මුදා හැරෙනු ඇත්තේ එම සටන් පාඨයට ගැලපෙන විදියටය. එම මෙහෙයුමේදී රාජපක්ෂ වරු තිරයෙන් පිටුපසට ගිය විට ජනතා අප්‍රසාදය හමුදාවට බලපාන්නේ නැති විය හැකිය.

මෙම හමුදා මැදිහත් වීමට සිංහල බෞද්ධ සාමාන්‍ය මිනිසුන් බොහෝ සතුටු වීමටද ඉඩ තිබේ.හමුදා පාලනය පිළිබදව මහපාරේ කිරිබත් දන්සැල් පවත්වන්නටද ඉඩ තිබෙි.

නමුත් හමුදා පාලනයේ පල විපාක ජනතාව තේරුම් ගන්නා විට ඉස්තාලයෙන් අශ්වයා පැන ගොස් අවසන් විය හැකිය.

 

 


Spread the love

Leave a Comment

You may also like