සරා සොඳින් මහ සයුරත මුළුල්ලේ
පෙරා රැගෙන රන් මිණි මුතු සියල්ලේ
සරා තිබූ මෙන් සල්පිල් උදුල්ලේ
පුරා මෙසිරි දැක යාගන් ගාල්ලේ
මේ කවිය තොටගමුවේ රාහුල හිමියන් රචිත පරෙවි සංදේශයේ 84 වෙනි පද්‍යයයි.
මහ සමුද්‍රසන්නය දක්වා හොඳින් සැරිසරා රන් මිණි මුතු ආදී සියළු වස්තූන් පෙරා රැගෙන තිබුවාක් මෙන් උර්චලිත සල්පිල් හා ආපන ශාලාවන්ගෙන් යුතු ගාල්ලේ සිරිය සම්පූර්ණයෙන් දැක පියඹා යන ලෙස රාහුල හිමියන් පෙරෙවියාට කියයි.මේ එදවස ගාල්ලය.ගාල්ලේ ඇත්තන් හොදටම ප්‍රසිද්ධ වී ඇත්තේ “වැඩ බැරි වුනත් ගම ගාල්ලේ” යැයි කියවෙන හරුපය නිසාය.මේ හරුපයෙන් අදහස් වන්නේ ගාලු වාසීන් දක්ෂයන් බවය.කෙසේ වෙතත් ඒ දක්ෂකම තහවුරු කෙරෙන ප්‍රවෘත්තියක් අප වෙත ලැබී තිබේ.ජනපති මිල්ටෙරි නන්දසේනට එරෙහිව ගාළු මුව දොරට එක්වූ ජනතාව විවෘත කළ “ගෝඨා ගෝ හෝම් ගම” එම විරෝධතා බිම තුළ පිහිටවූ නිර්මාණ ශීලී සංකල්පයකි. මේ වන විට එම “ගෝඨා ගෝ හෝම් ගම” ජාත්‍යන්තරයේ පවා ප්‍රසිද්ධ වී තිබේ.රාජපක්ෂ සනුහරයට එරෙහි ජනතාව ඒක රාශී වන්නේ ගාළු මුවදොර පිහිටි මෙම “ගෝඨා ගෝ හෝම් ගම”කේන්ද්‍රීය කර ගනිමිනි.එම විරෝධතාවට එක් වීමට අපහසුතා ඇති තම ප්‍රදේශවාසීන් වෙනුවෙන් දෙවන “ගෝඨා ගෝ හෝම් ගම” පිහිටුවීමට ගාල්ල තරුණයන් පිරිසක් කටයුතු කර තිබේ.මිල්ටෙරි නන්දසේනට විරෝධතාව දැක්වීම සදහා මෙරට විවෘත කරන ලද දෙවන “ගෝඨා ගෝ හෝම් ගම” මෙය ලෙස හැඳින්විය හැක.මේ සිදුවීම ආදර්ශයක් කර ගනිමින් මිල්ටෙරි නන්දසේනට එරෙහිව ගෝ ගෝඨා ගම්මාන රට පුරා ඉඳිවෙන්නට ඉඩ ඇති යැයිද අපට සිතේ.