#GoHomeRajapaksa යන හෑෂ්ටැගය මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ සමාජ මාධ්‍යයන්හී ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින බව අපට දැන ගැන්මට ලැබී තිබේ
අපගේ විදේශ මිතුරන් සදහන් කරන ආකාරයට ලෝකය පුරාම ජීවත්වන ශ්‍රී ලංකිකයන් සමග ජාත්‍යන්තරය පිළිබඳව අවධානයෙන් සිටින විදේශිකයන්ද මිල්ටෙරි නන්දසේන රජයේ ක්‍රියා කළාපයන් පිළිබඳව අප්‍රසාදය පල කරමින් සිටී.මෙරට ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කරමින් මිල්ටෙරි නන්දසේන විසින් ගෙන යන අධිකාරීවාදී පාලනයට එරෙහි විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් ඒ ඒ රට වලදී වීදි බැස මිල්ටෙරි නන්දසේනට ඉල්ලා අස්වන ලෙසට බල කරමින් අඛන්ඩව විරෝධතා පවත්වමින් තිබේ.මිල්ටෙරි නන්දසේන පදිංචිව සිටින කැලිෆෝනියා ප්‍රාන්තයේ ජීවත්වන ශ්‍රී ලංකිකයන් විසින්ද මෙරට ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක් පැවැත්වූ බව මාධ්‍ය වාර්තා කරන ලදී.Go Home Rajpaksa හෑෂ් ටැගය ඇමරිකා එක්සත් ජනපදය තුළ ඉතා ජනප්‍රිය (trending)වෙමින් තිබෙන්නේ මෙම වටපිටාව තුළය.