උණුසුම් පුවත්

දෙරණ නයා දිලිත් හා නාමල් බබා අතරේ සයිබර් ආරවුලක් යාළුකම් පිස්සු පීකුදු වෙලා….

Spread the love

රට ගිණි ගනිද්දී එක පතේ කෑ එවුන් අතරද ආරවුල් හට ගනිමින් තිබෙන බව අපට අසන්නට ලැබේ.ඒ ප්‍රවෘත්තිය ගැන අවධානය යොමුකරන විට අපට හැඟී යන්නේ ගිලෙන නැවෙන් මීයන් පැන යන බවය.අද උදෑසන වන විට තොරතුරු තාක්ෂණ අධිකාරියේ සභාපති වරයා වූ ඕෂධ සේනානායක ඉල්ලා අස්විය.

මෙරට ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වරයා නාමල් බබාය.අද මෙරට සමාජ මාධ්‍ය අවහිර කිරීම ගැන නාමල් බබා අමාත්‍යවරයා ට්වි⁣ටර් පණිවුඩයකින් පවසා තිබුණේ “සමාජ මාධ්‍ය අවහිර කිරීම තමා කිසිසේත්ම අනුමත නොකරන” බවය.

මෙම ට්විටර් පණිවුඩයට ප්‍රතිචාර දක්වමින් දෙරණ දිලිත් ජයවීර ට්විටර් පණිවුඩයකින් ප්‍රශ්ණ කර තිබුණේ “ඩිජිටල් තාක්ෂණ අමාත්‍යවරයා ඔබ නොවන්නේද ……? මෙම ගැටළුව ඔබේ බාප්පාට පැවසිය නොහැකිද?”යන්නය.

නාමල් බබා අමාත්‍යවරයා එයට පිළිතුරු දී ඇත්තේ “මා මේ වන විටත් මගේ විරෝධතාව ප්‍රකාශ කෙරුවා.ඔබේ හොඳ මිතුරෙකු වන මගේ බාප්පාට ඔබ මේ ප්‍රශ්ණය කතා නොකරන්නේ ඇයි” යන්නෙනි.

එම පණිවුඩයට පිස්සු පීකුදු ලෙස හෑෂ් ටැගයක් නාමල් බබා ඇමතිවරයා විසින් එල්ලා ඇත්තේ දෙරණ දිලිත් ජයවීරට උපහාසාත්මකවය.

මෙි දෙදෙනා අතර ඇති වී තියෙන පණිවුඩ හුවමාරුවෙන් අපට එක දෙයක් සිතා ගන්නට හැකිය.ඒ මිල්ටෙරි නන්ද සේනගේ ආණ්ඩුවේ යටි බිම් ගතව ශක්තිමත්ව තිබූ පදනම පවා මේ වන විට දෙදරා යමින් තිබෙන බවය.


Spread the love

Leave a Comment

You may also like