මේ වැඩේ පක්ෂ පාට නැතිව කෙරෙන්නක්.
ඕන පුරවැසියෙකුට ස්වෙච්ඡාවෙන් සහාභාගි වෙන්න පුළුවන්.
තමන්ගේ නායකයා තමන්.
තමන් තනියම හිතලා බලලා හිතට එකඟ නම් සම්බන්ධ වෙන්න.
සමහර විට ඇතැම් පක්ෂ වලින් තමන්ගේ පාක්ෂිකයන්ට කියනවා ඇති ” මෙහෙම මිනිස්සු විසින් මිනිස්සුම සංවිධානය කරන් බහින එක පක්ෂයයට පාඩුයි” කියලා.
එහෙම “රටට වඩා පක්ෂය” වැදගත් අය තම පක්ෂය සංවිධානය කරන උද්ඝෝෂණ වලට විතරක් යන්න.
කමක් නෑ.
එක්කො එයාලටත් බල කරන්න, සම්බන්ධ වෙලා පෙරමුණ ගන්න කියලා.
හැබැයි මේක කඩාකප්පල් කරන්න එන්න එපා.
“අපි නැතිව ලංකාවේ විප්ලව සුම්මා”
කියලා හිතෙන මානසිකත්වයෙන් එලියට එන්න.
නැත්නම් කුපාඩි කම එලියට පේනවා. කැතයි .
මේකට සංවිධාකයන් ඉන්නවා.
වගකීම ගන්න අය ඉන්නවා !
ඒ අපි.
ඔබ සහ මම .
බය වෙන්න එපා
ආපහු 87 -89 ක් වෙන්න දෙන්නේ නෑ.
ඒ එහෙම දේකට උසිගන්වන පක්ෂයක්
තනියෙන් බුදු වෙන්න හදන පුද්ගලයන්, පිරිස් මේක පිටි පස්සෙ නැති නිසා.
මේ වැඩෙන් තමන්ගේ පක්ෂයට පාඩුයි කියලා හිතන අයට තියෙන්නෙ තම පක්ෂ නායකත්වයට කතා කරලා පක්ෂයේ සංවිධාන ශක්තිය මේකට දෙන එක.
අහක බලන් ඉන්න එක නෙමෙයි.
බොරුවට හරි අරගලය අයාලේ යයි කියලා
කැරලිකාරි වෙයි කියලා හිතෙනවා නම් මැදට පැනලා හරි මගට ගන්න කියන්න.
තමන්ගේ වහල් බුකී ලියන්නන් දාලා
අල කරන්න හදන්න එපා.
එහෙම කලොත් ඔයාලා හදන ආන්ඩුවකටත් ඕකේ දිට්ඨි දම්මවේදනීය කර්ම ගෙවන්න වෙයි.
දැක්කනේ යහපාලනයට වෙච්චි දේ
දැක්කනේ සර්ට වෙච්චි දේ.
බලු වැඩ කෙරුවොත් තමන්ටත් පලදෙනවාම තමයි.
එන්න අනුර
එන්න සජිත්
එන්න කුමාර්
එන්න සම්බන්ධන්
එන්න හකීම්
අපි එකතු වෙලා මේක කරමු.
ඔයාලමනේ කියන්නේ ” ජනතාව උගත් බුද්ධමත්” කියලා.
එයාලගේ විරෝධය එයාලට පාන්න දෙන්න.
ඔයාලා නැතිව එයාලට මුකුත් බැහැ කියන “වහල්හිමි ” මානසිකවත් ඔයාලට ආවේ කෝමද?
මේක ආරාබි වසන්තය නෙමෙයි.
මේක ලංකාව !
Chamira Nilanga Samarasinghe…