අප දැන් මුහුණ පා සිටින්නේ බබිත් සුන් බබීගේ අම්මාත් සුන් යැයි පැවසෙන ආර්ථික අර්බුදයකය.රාජපක්ෂ සනුහරේ පෝරිසාදයන්ට නම් මෙම ආර්ථික අර්බුදය පිළිබඳව තවමත් දැනීමක් අවබෝධයක් නැති බව පැහැදිලිය.තිබුනා වුව ඒ පිළිබඳව ඔවුන්ට විසඳුම් නැතුවා සේම එය කළමනාකරණය කොට ජනතාව මේ පීඩාවන් ගෙන් මින් මුදවා ගන්නට කිසිදු අදහසක් නැත.රාජපක්ෂ පෝරිසාදයන් තවමත් බලන්නේ කොමිස් මුදලක් හෝ අත යට ගනුදෙනුවක් පික් පොකට් ගහන්නේ කෙසේද යන්න පිළිබඳවය.
අද ජනතාව විඳවන්නේ ඔවුන් විසින්ම වැපිරූ වගාවේ අස්වැන්නය.ඒ ගැන කිසි තර්කයක් නැත.ගොබ්බයෙකු වීරයා ලෙස ඇඳ ජනපති පුටුවට ගොඩ නැග ගත්තේ ජනතාවගේ කතිරයෙනි.
මේ ගොබ්බයා සමාජය තුල මුද්‍රාවක් බවට පත් ව තිබුණේ යුද්ධය මෙහෙයවූ වීරයා විදියටය.එහෙත් මෙරට යුද්ධය ජනරල් ෆොන්සේකාගේ තනි අතේ ගේම් එකක් විය.මාවිල්ආරු මුදා ගැනීමෙන් පසුව රාජපක්ෂ පෝරිසාදයන් ගේ අදහස හා අරමුණ වී තිබුණේ එල්ටීටීය හා සාකච්ඡාවට යාමටය.ඒ වන විටත් රාජපක්ෂ සනුහරය එල්ටීටී නායකයන් අතර සුහද සම්බන්ධතාවක් පැවතුනි. තක්කඩි මහින්ද රාජපක්ෂ රටේ ජනපති වරයා වූයේ එල්ටීටීයට කප්පම් ගෙවීමෙනි.මාවිල්අරුව එල්ටීටිය අත් පත් කර ගැනීමද රාජපක්ෂ තක්කඩියන් ගේ දැනුවත් කම සිදු වූ බවක් බවද අපට සැකයක් පවතී.ඒ පිළිබඳව හොඳම සාක්ෂිය වන්නේ මාවිල් ආරුව මුදා ගැනීමෙන් පසුව හමුදාපති ජනරාල් ෆොන්සේකා මුලතිව් හා එලිෆන්ට් පාස් වලට සිදු කළ ප්‍රහාරයන් ගැන තක්කඩි මහින්ද රාජපක්ෂ කෝපයට පත්වීමය.
එහිදී හමුදාපතිගේ පිළිතුරු වූයේ තමන් විසින් කවුරු නියෝග කලද යුද්ධය නතර නොකරන බවය.ඊට පෙරද ජවිපෙ හා කළ සාකච්ඡාවකදීද තක්කඩි මහින්ද රාජපක්ෂ ජවිපෙ නායකයන් ගේ ඇඟට කඩා පැන තිබුණේ යුද්ද කරන්නේ ලබ්බෙන්ද යන්න යත විමසාය.එහිදී එවකට ජවිපෙ නායකයාගේ පිළිතුර වී තිබුණේ තිබෙන ලබ්බෙන් යුද්දෙ කරනවා යන්නය.යුද්ධය අවසන් වීමෙන් පසුව තක්කඩි රාජපක්ෂ සනුහරය එල්ටිටී නායකයන් සමග සිදු කළ ගනුදෙනු ගැන අවදානය යොමු කරන්නෙකුට මොවුන් හා එල්ටිටී නායකයන් අතර මනා සම්බන්ධතාවක් පැවැති බව තහවුරු කර ගත හැකිය.
අද වන විට පෝරිසාද රාජපක්ෂ සනුහරයේ විදේශගත දේපොල බලා කියා ගන්නේද මෙරට සිදුවන බොහෝ ජවාරම් පිටුපස සිටින්නේද එල්ටීටියේ හිටපු නායකයන්ය.
කෙසේ වෙතත් එතැන් සිට යුද්දයේ ප්‍රහාරයන් සියල්ල සැළසුම් කරන ලද්දේ හමුදාපති වරයාය.තක්කඩි මහින්ද රාජපක්ෂ ජනපති වරයා යුද්ධය ඇවිලීමට සාපේක්ෂව කටයුතු කරන ලද්දේ බල්ලෙකු නෑවීමට ගෙන යන ආකාරයෙනි.යුද්ධය පැවති කාලයේදී ආරක්ෂක ලේකම් වරයා වූ මිල්ටෙරි නන්දසේන යුක්රේන මිග් යානා ගනුදෙනු වක් සිදු කොට බිලියන ගනනාවක් වංචා කරන ලදී.මාධ්‍යවේදී ලසන්ත මෙම අබිරහස් වංචාකාරී ගනුදෙණුව අනාවරණය කරන ලදී.මෙහිදී මාධ්‍යවේදී ලසන්ත අනාවරණය කළ අකාරයට මෙම මිග් මිලයට ගෙන ඇත්තේ යුක්රේනයේ ලියාපදිංචි බස් සමාගමකිනි.එම ගනුදෙනුවෙන් පසුව එවැනි සමාගමක් යුක්රේනයේ නැති බවද හෙළි වී තිබුණි. වීරයෙකු ලෙස හැට නව ලක්ෂයක් උඩ දැම්මේ මේ ආකාරයේ නීල කාස හොරෙකි.
යුද්ධය පැවැති සමයේ සිදුවූ තවත් අපූරු සිදුවීමක් අපගේ මතකයට ඒ.එම සිදුවීම නම් එවකට කොළඹ කොල්ලුපිටියේ පිත්තල හන්දියේදි ආරක්ෂක ලේකම් ඉලක්ක කර ගනිමින්
පිපුරවූ බෝම්බයයි.මේ බෝම්බ ප්‍රහාරයෙන් ආරක්ෂක ලේකම් වරයාට මයිලක හානියක් සිදු වූයේ නැත.එහිදී තුවාල සිදුවූ කමාන්ඩෝ භටයෙකුගේ රුධිරය ආරක්ෂක ලේකම් වරයා ඇඳ සිටි කමීසයේ අතක ගෑවිනි.ඔහු එය මාධ්‍යවේදීන්ට පෙන්වමින් කළ රඟපෑම වීරයකු සමාජ මනස තුළ නිර්මානය කරන්නට හේතුවක් විය.සැබැවින්ම මෙම බෝම්බ ප්‍රහාරය සැලසුම් සහගතව කළ දෙයක්ද යන්න අපගේ සැකයට හේතු වී තිබේ.එම බෝම්බ ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක ලේකම්වරයා සිදු කළ එම ව්‍යාජ රංගනය නිසාය.එය ඒ වන විටත් යුද බිමේ වීරයා ලෙස සමාජගත මුද්‍රාවක් වෙමින් හමුදාපති ලබා ගනිමින් තිබූ ප්‍රසිද්ධිය අන් අතකට හරහා තමන් කෙරෙහි නැඹුරු කරවා ගැනීමට ආරක්ෂක ලේකම් වරයා විසින්ම සිදු කළ මෙහෙයුමක් බවද සිතා ගත හැකිය.මිල්ටෙරි නන්දසේන යනු ගූ බය ගුල්ලෙකි.ඔහුට එරෙහි වන ප්‍රතිවාදියා කෙරෙහි දැඩි කෝපයට පත් වන චරිත ස්වභාව ඇත්තෙකි.පිත්තල හන්දියේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව සිය කමීසයේ රැඳුන කමාන්ඩෝ භටයෙකු ගේ රුධිරය පෙන්වා හිනාවෙන ආරක්ෂක ලේකම් මිල්ටෙරි නන්දසේන සැබෑ ජීවිතයේ එවැනි සිදුවීමක් එතරම් සැහැල්ලුවෙන් සිතන ජාතියේ අයෙකු නම් නොවේ.එම බෝම්බ ප්‍රහාරය මනාව සැළසුම් කළ එකක් බව අප කියන්නේ ඉහත කාරණා පදනම් කර ගනිමිනි.
මිල්ටෙරි නන්දසේන යනු අමු තිරිසන් මෙලෙච්ඡයෙකි.ඔහුගේ හමුදා ජීවිතය ආරම්භ වන්නේද හමුදා සෙබලකු මරා දැමීමෙනි. සිංහ රෙජිමෙන්තුවේ ලුතිනන් වරයකු ලෙස සේවය කළ මිල්ටෙරි නන්දසේන මින්නේරියේ පැවැති වනගත පුහුණු මෙහෙයුමකදී අසනීප වූ කෝප්‍රල් වරයෙකුට ජලය පානය කිරීමට නොදී පහර දී තිබේ.එහිදී එම කෝප්‍රල් වරයා මිය ගොස් ඇත.මිල්ටෙරි නන්දසේන හා තවත් ලුතිනන් වරයකු වූ ලක්ෂ්මන් වීරක්කොඩි මෙම සිද්ධියට චෝදනා ලැබූවන් වූ අතර එම සිදුවීමෙන් පසුව කොළඹ ඇචිලන් චතුරශ්‍රයේ පිහිටි සිංහ රෙජිමෙන්තුවෙි මූලස්ථාන කඳවුර ගිණි ඇවිලිනි.සාමාන්‍ය සෙබළුන් නිළධාරී නිවස්නයට කඩා පැන නිළධාරීන්ට පහර දීමට වෑයම් කරන ලදී.එහි සිටි මිල්ටෙරි නන්දසේන හා ලක්ෂමන් වීරක්කොඩි යන දෙදෙනා කඳවුරෙ පිටුපස කම්බි වැටෙන් පලා ගියේ සෙබළුන්ට හසුවෙතැයි බියෙනි.පසුව ලක්ෂ්මන් වීරක්කොඩි හමුදාවෙන් ඉවත් කළ අතර මිල්ටෙරි නන්දසේන තම දේශපාලන සබදතා භාවිතා කොට සිංහ රෙජිමෙන්තුවෙන් ඉවත්ව රජරට රයිෆල් නම් රෙජිමෙන්තුවට අනුයක්ත වෙන ලදී.රජරට රයිෆල් රෙජිමෙන්තුව 1983 වර්ෂයේදී විනය හේතූන් මත විසුරවා හරින ලද අතර එහි සිටි සෙබළුන් යොදවා ගජබා රෙජිමෙන්තුව ස්ථාපිත කරන ලදී.
කයිට්ස් ප්‍රදේශයේ සිදු වූ මෙහෙයුමකදී මිල්ටෙරි නන්දසේන ඇතුළු සෙබල කණ්ඩායමක් එල්ටීටිය විසින් වට කෙරිණි.මේ කණ්ඩායම බේරාගත්තේ ජනරල් ෆොන්සේකා විසිනි.ඒ වන විටත් දැඩි බියට පත්ව සිටි මිල්ටෙරි නන්දසේන කලිසම පුරා හුජ්ජ ගොස් තිබූ බව හමුදා ප්‍රවාද වල සදහන්ය.ඒ ප්‍රවාදය සත්‍යයද යන්න අප නොදන්නා මුත් මිල්ටෙරි නන්දසේන ඇමරිකාවට පැන ගියේ ඒ සිදුවීමෙන් පසුවය.ඒ දිනවල ආරක්ෂ ඇමති රන්ජන් විජේරත්න විසින් හමුදාවේ නිළධාරීන් හා සෙබළුන්ට සේවයෙන් ඉවත් වීම වලක්වා නියෝගයක් පනවා තිබුණි.
හමුදාවේ සේවය කරන්නෙකුට ඉන් ඉවත්වීමට තිබූ පහසුම මාර්ගය වූයේ මානසික ආබාධයකින් පෙළෙන බවට වෛද්‍ය නිර්දේශයක් ලබා ගැනීමයි.
දේශපාලන සබඳතා උපයෝගී කර ගනිමින් මිල්ටෙරි නන්දසේන තමන්ට මානසික ආබාධයක් ඇතැයි ලියකියවිලි ඉදිරිපත් කොට හමුදාවෙන් ඉවත් වීමට මග පාදා ගන්නා ලදී.ඔහු ඇමරිකාවට ගියේ ඉන් පසුවය.ඉන් අනතුරුව මොහු මවුබිම පිළිබදව තඹ දොයිතුවක අවධානයක් ගත්තේද නැත.අඩුම වශයෙන් සිය සහෝදර තක්කඩි මහින්ද රාජපක්ෂ ජනපතිවරණයට ඉදිරිපත් වෙන විට පවා මොහු ලංකාවට ආවේ නැත.
මේ කතා දේශපාලන පුයර බබ්බුන්ට නම් සුරංගනා කතා විය හැකිය.එහෙත් සත්‍යය ලේ සාගරයක ගිල්වා හෝ යටපත් කරන්නට නොහැකිය.මිල්ටෙරි නන්දසේන ආරක්ෂක ලේකම් වරයා කාලයේදී කොළඹ පදිකයේ සිඟමන් යදිමින් සිටි අසරණයන් නව දෙනෙකු රාත්‍රී කාලයේදී නිදා සිටින විට හිසට කලු ගල් තඩි අත හැර මරා දැමීමට කටයුතු කර තිබේ.මෙවැනි මෙලේච්ඡ වැඩ කිරීම සඳහා මිල්ටෙරි නන්දසේන දෙන උපදෙස් ක්‍රියාත්මක කරන ලද්දේ ජනරල් කපිල හෙන්දවිතාරණ අණ දුන් සෙබළ කණ්ඩායමකි.ලසන්ත හා එක්නැලිගොඩ ආදී මාධ්‍යවේදීන් මරා දමන්නේද මෙම සාහසික කණ්ඩායමයි පෝද්දල ජයන්තට දස වද දෙන්නේ මොවුන්ය.
ජෙනරල් හෙන්දවිතාරන යනු හමුදාවේ පාබල රෙජිමෙන්තුවක සේවය කළ නිළධාරියෙක් නොවේ.ඔහු හමුදා සේවා බලකායේ සේවය කළ හමුදා සැපයුම් ලිපි ගොනු වලට අත්සන් තබමින් සිටි නිළධාරියෙකි.මොහු යටතේ දුර දිග මෙහෙයුම් කණ්ඩයක් ක්‍රියාත්මක කරන ලද බව හා එය රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යය වරයා විසින් අනාවරණය කරන ලදැයි ඒ දිනවල සමාජය තුල මහා ආන්දෝලනයක් පැතිරිණි.
සැබැවින්ම ඒ දිනවල දුර දිග මෙහෙයුම් හමුදාවේ සේවා බලකායේ නිළධාරියකු හරහා සිදු නොවුන අතර මෙම ආයුද තොගය යම් තක්කඩි දේශපාලන ක්‍රියාදාමයක් සඳහා උපයෝගී කරගත් මෙවලම් විය. හමුදාවේ සේවා බලකායේ නිළධාරියෙකු යොදවා දුර දිග මෙහෙයුම් කිරීමට තරමේ ඔළුව අමාරුවක් තිබුණ හමුදාපතිවරයෙක් මෙරට නොසිටි බව නම් අපි දනිමු.
කෙසේවෙතත් ජනරාල් හෙන්දවිතාරණ ගේ හමුදා ජීවිතය තුළ ඇත්තේ එවැනි තක්කඩි කම් වලට ගෑවුන සිදුවීම්ය.පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වූ ශැන්ග්‍රිල්ලා හෝටලයේ ප්‍රධාන විධායක නිළධාරියා වන්නේ මෙම ජනරාල් වරයාය.ශැන්ග්‍රිල්ලා හෝටලය පිහිටා ඇත්තේ හමුදා මූලස්ථානය පිහිටා තිබුණ ස්ථානයේය.මෙහි හිමි කරු මවුජිඩ් නම් මුසල්මානු ව්‍යාපාරිකයකු පෙනී සිටියද එහි සැබෑ හිමි කරුවන් වන්නේ තක්කඩි රාජපක්ෂ සනුහරේ බව හොදටම තහවුරු කර ගත හැකි සාක්ෂිය වන්නේ රාජපක්ෂ ඔඩොක්කු කුක්කකු වූ මේ ජනරාල්වරයාය.
එය ගලපා ගත යුත්තේ ජනපති මිල්ටෙරි නන්දසේන මෙරට ප්‍රධාන රාජ්‍ය ආයතන වලට ජනරාල් වරු තොගයක් පත් කිරීම හා සම්බන්ධ කර ගනිමිනි.
තක්කඩි රාජපක්ෂ සනුහරේ බිස්නස් සිද්ධ වන්නේ මුළු රටේම ඇස් වලට වසන් වෙමිනි.ශැන්ග්‍රිල්ලා හෝටලයේ හිමිකරු ලෙස පෙනී සිටින මවුජුඩ් විසින් සිදු කළ සීනි වංචාව බැඳුම්කර වංචාව මෙන් තුන් ගුණයකි.එහෙත් එම වංචාව සම්බන්ධයෙන් මිල්ටෙරි නන්දසේන ඉන්නේ ඇහැක් ඇර බලන්නේ නැති ගානටය.ඉන් අපට හැඟී යන්නේ මවුජුඩ් සිදු කරන ව්‍යාපාර වල සැබෑ මුදලාලි මිල්ටෙරි නන්දසේන බවය.මිල්ටෙරි නන්දසේන බලයට පත් වීමට පෙර මුසල්මානුවන් අතර සිංහල බෞද්ධයන් අතර බරපතල බෙදීමක් නිර්මාණය කරන ලදී.මේ බෙදීම ඇති වූයේ සාමාන්‍ය ජනතාව අතර වුවද රාජපක්ෂ සනුහරේ අඹ යහළුවන් වූයේ මුසල්මානුවන් බව කවුරුත් නොදැන සිටි කාරණයකි.මිල්ටෙරි නන්දසේනට එරෙහිව පවරා තිබූ නඩු තිස් පහකට නොමිලයේම පෙනීසිටියේ අලි සබ්රි නීතිඥ වරයා වේ.රටට මුසල්මානුවන් තිත්ත කරවිල කොට මේ තක්කඩියන් ගජ මිතුරන් කරගත්තේ මුසල්මානු ව්‍යාපාරිකයන්ය.ජාත්‍යන්තර එල්ටීටී ව්‍යාපාරිකයන්ය.මේ සියලු ගනුදෙනු අස්සේ ඇත්තේ රාජපක්ෂ සනුහරය මේ රටේ පොදු දේපොල වංචා කොට ලබාගත් මුදල්ය.
ඩුබායි මැරියට් හෝටලය මිලදී ගත් නන්දන ලොකුවිතාන ද රාජපක්ෂ වරුන් නිර්මාණය කළ එවැනි ඩමියකි.මේ පුද්ගලයා රාජපක්ෂවරුන්ට හදුන්වා දෙන්නේ හිටපු මන්ත්‍රී සජින් වාස් ගුනවර්දනය. ඩුබායි මැරියට් හෝටලය මිලදී ගන්නට නන්දන ලොකු විතානට මුදල් ලැබෙන්නේ ඩේසි ආච්චිගේ මැණික් මල්ල වාගේමය.මේ සුරංගනා කතන්දර විශ්වාස කරන්නන් මෙරට තවමත් සිටී.
යුද්දය සදහා කසි කබල් මිග් යානා ගෙන්වමින් මේ රටෙි තරුණ ජීවිත අවදානමට ලක් කරන ලද පාහරයකු මහා දේශප්‍රේමියකු ලෙස ඔසවා තැබීමේ පාපය අද සමාජය භුක්ති විඳී.
රාජපක්ෂ සනුහරය සිය තක්කඩි කම් ආවරණය කරගන්නේ බෞද්ධ චීවරයෙනි.මේ තක්කඩියන්ගේ සැලසුම් තුල කහකඩයන් රොත්තක් මිලයට ගෙන තිබේ .ඒ අතරේ අස්ගිරි හා මල්වතු ගොබ්බ වහන්සේලා දෙදෙනාද සිටී.
මෙරට කහකඩයන් යනු බදු රහිත වාහන බලපත්‍රයකට වහලෙක් කර ගත හැකි වුන්ය.වත්මන රාජපක්ෂ තක්කඩියන් වෙනුවෙන් පෙනී සිටින්නේ එලෙස දීන වහල් භාවයට පත් වූ කහකඩයන් කිහිප දෙනාය.
අද මෙරට සමාජය දුක්විඳින්නේ මේ තක්කඩි රාජපක්ෂ වරුන් නිසා බව අමුතුවෙන් සදහන් කළ යුතු කාරණයක් නොවේ.මේ පාදඩයන්ට මනුෂ්‍ය ජීවිත වල වටිනා කමක් නැත.කෝවිඩ් සමය ආරම්භයේදී එය වලක්වා ගැනීමට මිල්ටෙරි නන්දසේනලා සිදු කළ කට්ටඬි ගුරුකම් වැඩ ගැන සමාජයට දැන් අමතකය.අවලස්සන ඇමරිකානුවා කිව්වේ කෝවිඩ් රෝගයෙන් මිය යාම සම්බන්ධයෙන් තම රජය පරීක්ෂණ පවත්වමින් සිටින බවය.මේ පාහරයා ජනතාව පර්යේෂණාගාර මීයන් ලෙස සැලකූ බව පැහැදිලිය.රට මෙතරම් අර්බුදයක පැවතියදී බබා නාමල් යතුරු පැදි සංචාර සංවිධාන කරයි.පැරචුට් ජම්ප් දමයි.ජල ක්‍රීඩා කරයි.මේ බබාට රටේ ජනතාව විඳින දුක ගැන වගේ වගක් නැත.
රාජපක්ෂ තක්කඩියන් අධෝවාතයක් ඇරියද අනේ හරි සුවඳයි කියන ජනතාවක් තවමත් සිටී.මේ ගොන් හැත්ත සිටින තුරු උඹටත් මටත් උන්ටත් අපි හැම දෙනාටමත් දුක් විඳීම අනිවාර්ය කාරණයක් වනු ඇත. තැනින් තැන ආණ්ඩුවට එරෙහිව වොයිස් කට් දුන්නාට තක්කඩි රාජපක්ෂලාගේ ජොලිය කෙළවර නොවේ.උන් බලයේ සිටීමට හැම ගේමක්ම ගසනු ඇත.ඒ සඳහා ඉන්දියාවට හා චීනයට මෙරට දේපොළ විකුනනු ඇත.මේ රාජපක්ෂ වියරුව නැවැත්වීමට බෙහෙත් ඇත්තේද ජනතාව අසලය.
අරයා එක්ක අපි පාරට බහිමු.අප පාරට එන්න මෙයා එක්ක යන කයිවාරු දැන් අදාල නැත.මේ පාහර තක්කඩියන් එළවා දැමීමට නම් කොන්දේසි විරහිතව සියළු දෙනා අත් වැල් බැඳ ගත යුතු යැයි අපේ අදහසයි.
03 වනදා 3 ට ඔබත් පාරට බහින්න යැයි සම්ස්ථ ජාතියෙන්ම අපි ඉල්ලා සිටිමු.