හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට කොළඹ මහගම සේකර මාවතේ පිහිටි නිල නිවස ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරන ලදී.එම අමාත්‍ය මණ්ඩලය තීරණය අනුව කටයුතු කිරීම වලක්වාලමින් වග උත්තරකාර පාර්ශවයන් වෙත තවත් අතුරු නියෝගයක්ද නිකුත් කෙරිණි.
එම නියෝග අද (29)සිට සති හතරකට පසු ක්‍රියාත්මක කළ යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරන ලදී
මෙම අතුරු නියෝග පෙත්සම් විභාගය අවසන් වන තුරු බල පැවැත්විය යුතු බවටද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වැඩිදුරටත් නියෝග පැනවිනි.
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට මෙම නිල නිවස ලබා දීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නෛතික ප්‍රතිපාදනයන්ට පටහැනිව අමාත්‍ය මණ්ඩලය කටයුතු කර ඇතැයි සදහන් කොට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය මගින් මෙම පෙත්සම ඉදිරිපත් කොට තිබුණි.මෙම පෙත්සම් විභාගය නැවත මැයි 18 වනදා කැඳවීමට නියමිතය