උණුසුම් පුවත් දේශපාලන

පක්ෂ දේශපාලනය පැත්තකින් තබා, පළමුව තක්කඩි රාජපක්ෂ පවුල එළවා ඉතිරිය පසුවට තබමු

Spread the love

වඳ සැත්කම් කළ බවට චෝදනා ලැබ බන්ධනාගාර ගත කළ දොස්තර ෂාපිට හිඟ වැටුප් ගෙවීම පිළිබඳව රජයේ විරුද්ධතාවක් නැතැයි නීතිපතිවරයා විසින් පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබුණි.ඒ අනුව දොස්තර ෂාපිට අහිමි කළ හිඟ වැටුප් ගෙවන ලෙස  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කෙරිණි.   

වඳ සැත්කම් නාටකය ජාතිවාදය පතුරවමින් ⁣පොදු ජන පෙරමුණ බලයට පත් කරවීම සඳහා මූලික අඩිතාලම ලෙස සකස් කරන ලද නන්නාතර දේශපාලනික මගෝඩි සැලසුමකි.එම මගෝඩි නාටකයට මාධ්‍යවේදීන්ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන්ද අධිකරණ විනිශ්චය කරුවන්ද වෛද්‍යවරුන්ද රංගනයෙන් දායක විය.⁣මෙය අතන මෙතන රතන චන්න ජයසුමන විමල් වීරවංශ වැනි දේශපාලන පාදඩයන් ගේ නිශ්පාදනයක් බව මෙම නාටකය ගැන හොදින් හදාරන්නෙකුට තේරුම් ගත හැක.මෙම වඳ සැත්කම් පැමිණිල්ල සම්පූර්ණයෙන් අසත්‍ය පදනම් විරහිත චෝදනාවක් බවට තහවුරු කරන ලද්දේ ⁣ඡෙ.පො.අධිකාරී ශානි අබේසේකරය.

ශානි අබේසේකර පැමිණිල්ලට අගතියක් වන ආකාරයට පරීක්ෂණ පවත්වන බවට එක් අවස්ථාවකදී කාලකන්නි අතන මෙතන රතන චෝදනා කරන ලදී.

දැන් එම සිදුවීම ගැන එම කාලකණ්නියාගේ කටට ඉබි යතුරු වැටී තිබේ.එසේ නැති නම් ශානි අබේසේකර වඳ සැත්කම් චෝදනා ගැන හරියට ඒ දිනවල රාජකාරි කරේ නැතැයි දැන් අත් අඩංගුවට ගන්නට පුළුවන.වඳ සැත්කම් නාටකය දියත් කළ වුන් දැන් ඇටි කෙහෙල් කෑ රිළවුන් මෙන්ය.ඒ ගැන නෝ කතාය.නෝ සිනාය.මේ තක්කඩි කාලකණ්නියන් දැන් ඉන්නේ මර බියෙන් බව අපට සිතා ගත හැකිය.
මේ සිද්ධියට සම්බන්ධ සියළුම අයවළුන් සාහසික අපරාද කරුවන් ලෙස සැළකිය හැකිය.මොවුන් 2007 අංක 56 දරනසිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර පනතේ 3 වගන්තිය (1) කිසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැළකීමට එදිරිවාදිකම් වලට හෝ ප්‍රචන්ඩ ක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත  වන ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම නොකළ යුතුය යන විධානය අමු අමුවේ උල්ලංඝනය කර තිබේ.
මෙම වරද සිදු කිරීමට තැත් කරන  සිදු කිරීමට ආධාර හෝ අනුබල දෙන සිදු කරන බවට තර්ජනය කරන සෑම තැනැත්තෙක්ම මෙම පනත යටතේ වරදකරුවන බව පනතේ (2)(1)උප වගන්ති වල සදහන්ය.මෙම පනත යටතේ චෝදනා ලැබූවෙකුට බරපතල වැඩ ඇතුව අවුරුදු දහයකට කාලයකට බන්ධනාගාර ගත කළ හැකිය
මෙම සිද්ධියට නිර්මාණය කළ සාහසිකයන්ට එරෙහිව අනාගතයේදී හෝ නීතිය ක්‍රියාත්මක විය යුතුය.පටු දේශපාලන වාසි සඳහා ජාතීන් අතර අසමගිය හා බෙදීම ඇති කරමින් සිදු කරන ලද වඳ සැත්කම් සිද්ධිය වැනි කැත අසික්කිත අවලස්සන සිදුවීම් මේ රටේ තවදුරටත් ඇති වීම වලක්වා ගත හැක්කේ මේ අපරාද කාරයන්ට කවදා හෝ ජම්පරය ඇන්දූ විටය.

වඳ සැත්කම් සිදුවීම සමානව සංජීවනී වීරසිංහ නම් කාලකණ්නි ගැහැණිය පොදු ජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ඉදිරිපත් කළ මාධ්‍ය   සංදර්ශනයද අපට අමතක කරන්නට නොහැකිය.මේ වැස්සිය එදා ප්‍රකාශ කරන ලද්දේ කාන්තාවන් වඳ කරන බ්‍රෙෂියර් ඇති බවත් එම බ්‍රෙෂියර් නිෂ්පාදනය කරන සමාගමක් තමන්ට වෙළඳ දැන්වීම් සඳහා පෙනී සිටීමට ආරාධනා කරන ලද මුත් ජාතිය ගැන සිතා තමන් ඒ ඉල්ලීම ප්‍රතික්ශේප කරන ලද බවය.පොදු ජන පෙරමුනට අවශ්‍ය වූයේ තනි තීරුවේ සිංහල බෞද්ධ ඡන්ද තම පෙට්ටියට දමා ගැනීමටය.සංජීවනී වීරසිංහ වැනි වැස්සියන් මූලිකත්වය ගත්තේ ජාතීන් අතර එම විරසකය ඇති කො⁣ට ඒ ඡන්ද පදනම සකස් කරවීමටය.දැන් විදේශගතව ⁣බබා ටෝක් දී හුරතල් වී තමන් කළ පාප කර්ම අමතක කරන්නට වෑයම් කෙරුවාට සංජීවනී වීරසිංහ වැස්සියද කවදා හෝ අධිකරණයකට දැක්කිය යුතුමය.

පොදු ජන පෙරමුණ බලයට පත් කර වීමට ජාතීන් අතර  ඇති කළ මේ මහා පාපකාරී විරසකය පිපිරී ගියේ පාස්කු බෝම්බයෙනි.ඒ මහා ඛේදවාචකයේ පළමු වගඋත්තර කරුවන් වූ යහපාලනය බිඳ වැටී එම ⁣කුමන්ත්‍රණය සැළසුම්කළ වුන් බලයට පත් විය.දැන් මේ තිරිසනුන් තමන් සිදු කළ අපරාදය පිළබඳව විඳවමින් සිටී.මේ අපරාද කරුවන්ට එරෙහිව මහ පොලොවේ මහා විරෝධයක් දැල්වෙමින් පවතින්නේ කළ කළ දේ පල පල දේ යන්න තහවුරු කරනවා වාගේය.
පසුගිය දවසක මිල්ටෙරි නන්දසේනගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීමකදී සමෘද්ධි ජගත් කුමාර මන්ත්‍රීවරයා පවසා ඇත්තේ මෙරට සමාජය තුල ඇවිලෙමින් පවතින විරෝධය කිසිදු දේශපාලන පක්ෂයක මෙහෙයවීමකින් සිඳු නොකරන බවය. ඒ නිසා පාකිස්ථානයේ මන්ත්‍රීවරයකු මහ මගදී මරා දැමූ ආකාරයේ බිහිසුනු අත් දැකීමකට ආණ්ඩු  පක්ෂයේ  මන්ත්‍රීවරුන්ටද  මුහුණ පෑමට සිදු වෙතැයි තමන්ට සැකයක් පවතින බවද ජගත් කුමාර මන්ත්‍රීවරයා වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කර තිබේ.ඔහුගේ ප්‍රකාශය තුළ සත්‍යතාවක් ඇත.

ඒ සමාජය තුළ හුදකලාව මතුවන විරෝධතා දේශපාලන පක්ෂයකින් සංවිධානය කෙරෙන විරෝධතාවකට වඩා බරපතල වන නිසාය.යම් දේශපාලන පක්ෂයක් මෙහෙයවන විරෝධතාවක මාර්ග සිතියමක් තිබේ.ඒවා තුළ හිංසනය අවමය.එහෙත් හුදකලාව ප්‍රචන්ඩ වන සමාජ විරෝධයක සීමා මායිම් නැති බව 

කවුරු කවුරුත් දැන ගත යුතුය.

මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවට එරෙහිව ඇති විරුද්ධ පක්ෂ දේශපාලනය තුළ පවතින්නේ මං පොර ජාතකය රඟ දැක්වීමක් බව අපගේ අදහසයි.එහෙත් සිදු විය යුතු වන්නේ මිල්ටෙරි නන්දසේන ගේ පජාත  ආණ්ඩුවට එරෙහි සියළුම දේශපාලන පක්ෂ මේ හෝරාවේ කොන්දේසි විරහිතව එකතුව  සටන් බිමට  අවතීර්ණ විය යුතු බවය.මෙහිදී ප්‍රථමයෙන් සිදු කළ යුත්තේ තක්කඩි රාජපක්ෂවරුන් බලයෙන් පහ කිරීමයි.

රාජපක්ෂවරුන්ගේ පවුලේ අරයා හොඳයි මෙයා නරකයි යනුවෙන් අදහසක් සමාජ ගත කරමින් සිටින්නේ රාජපක්ෂ වරුන් ගේ පැවැත්ම තව දුරටත්  පවත්වා⁣ගෙන යාමට උපකාර කරන ඔවුන්ගේ වහළුන් බව අප හදුනාගත යුතුමය.


Spread the love

Leave a Comment

You may also like