තක්කඩි රාජපක්ෂලාට එරෙහිව පවරා තිබූ නඩු එකින් එක නිදහස් වෙමින් තිබේ.එම නඩු පෝලිමේ තිබූ මල්වාන නඩුවද අද ගම්පහ මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබේ.
ගමිපහ මල්වාන මාපිටිගම ප්‍රදේශයෙන් ඉඩමක් මිලයට ගෙන එහි සුවිසල් නිවසක් පිහිනුම් තටාකයක් පවත්වගෙන යමින් රුපියල් මිලියන 250 ක රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධි කිරීමේ පනත යටතේ වර්තමාන මුදලි අමාත්‍යය බැරිසිල් රාජපක්ෂට හා තිරුකුමාර නඩේෂන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.
බැරිසිල් රාජපක්ෂ හා ඔහුගේ ඥාති දියණියක වන නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් සහ ගෘහ නිර්මාණ ශිල්පියකු වන මුදිත් ජයකොඩි නැමැත්තා මෙම නඩුවේ විත්තිකරුවන් වූ අතර පසුව මුදිත ජයකොඩි රජයේ සාක්ෂි කරුවකු විය.එවකට රාජපක්ෂ පවුලේ දෛවඥයා ලෙස කටයුතු කළ සුමනදාස ද මෙම නඩුවේ සාක්ෂි කරුවකු විය.අධිකරණයේ පැවැති සාක්ෂි විභාගයේදී මෙම නිවස බැරිසිල් රාජපක්ෂට අයිති බව තහවුරුව තිබිණි
අදාල නඩුවට සම්බන්ධ නිවස ඉඳිකිරීම් කටයුතු කර තිබුණේ කොන්ත්‍රාත් කරුවකු වූයේ රාමවික්‍රම නැමැත්තෙකි.මෙම රාමවික්‍රම යනු එවකට රූපවාහිනියේ නිවේදකයකු වූ සමන් කුමාර රාමවික්‍රමගේ සහෝදරයාය.පසුගිය යුද සමයේ උතුරේ සිට එල්ටීටීයේ රන් භාන්ඩ රහසේ ප්‍රවාහනය කිරීමේ චෝදනාවකට සම්බන්ධ තොරතුරු අනාවරණය වීමෙන් පසු සමන් කුමාර රාමවික්‍රම ඇමරිකාවට පලා යන ලදී.මෙම රන් බඩු රහස් ගණුදෙනුවට සම්බන්ධ අනෙකා වූයේ වර්තමාන හමුදාපතිවරයාය.
මල්වාන නිවසේ කොන්ත්‍රාත් කරු වූ රාමවික්‍රම නැමැත්තා ප්‍රසිද්ධ ඉඳිකිරීමි වලට සම්බන්ධ වූ අයකු නොවෙි. එහෙත් මල්වාන නිවස ඉඳිකිරීමට ඔහු සම්බන්ධ කර ගැනීම තුළ මේ තක්කඩි හොර දෙටුවන්ගේ ජාලය පිළිබඳව යමි වැටහීමක් ගත හැක.