උණුසුම් පුවත්

නිමල් ලන්සා ඉල්ලා අස්වේ ආණ්ඩුව තුළ දේශපාලන භූ කම්පනයක්….!!

Spread the love

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව දන්වා ජනපති මිල්ටෙරි නන්දසේන ලිපියක් යොමු කර ඇතැයි වාර්තා වේ.රාජ්‍ය අමාත්‍යවරයා විසින් ජනපති මිල්ටෙරි නන්දසේන වෙත යොමු කළ එම ලිපිය මේ වන විට අන්තර්ජාලයේ සංසරණය වෙමින් පවතී.රාජ්‍ය අමාත්‍යවරයා විසින්ම එම අස්වීමේ  ලිපිය පෞද්ගලිකවම අන්තර්ජාලයට යොමු කර ඇති බව සිතා ගත හැකි අතර තවදුරටත් ඉන් අනාවරණය වන්නේ ඔහු හා ආණ්ඩුව අතර විරසකය බොහෝ දුර ගොස් ඇති බවය.  
කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා හා මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අතර අමාත්‍යංශ වගකීම් සම්බන්ධයෙන් දිගින් දිගටම මතභේද පැවති බව රහසක් නොවෙි.රාජපක්ෂ තක්කඩියන්ගේ සමීපතම වහලෙකු වූ ජොන්ස්ටන් අමාත්‍යය වරයා ගේ අධිපතිවාදී ක්‍රියා කළාපයට එරෙහිව ජනපති ම්ල්ටෙරි නන්දසේන මැදිහත් නොවන බවද ඔවුන්ට දේශපාලනික වශයෙන් වැදගත් වන්නේ ජොනී පාර්ශවය මිස ලන්සා පාර්ශවය නොවන බවද ⁣මෙම සිදු වීමෙන් තහවුරු කර ගත හැකිය.
ඇමතිවරයකු ලෙස තමන්ට තවත් වසර තුනකට ආසන්න කාලයක් තනතුරේ රැඳී සිටිය හැකි වුවද  ජනතාව දැඩි ආර්ථික අර්බුදයකින් හා පීඩනයකින් සිටින මේ අවස්ථාවේ ඒ පිළිබඳව කිසිදුු තැකීමකින් තොරව බලා සිටීමට හෘද සාක්ෂිය ඉඩ ලබා නොදෙන බව නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස්වීමේ ලිපියේ දක්වා තිබෙනවා.
පසුගිය මාසයේ 22 වෙනිදා අමාත්‍ය ධූරයේ වගකීම් ඉටු කිරීමේදී  මුහුණ පෑමට සිදු වී ඇති ගැටලු කිහිපයකයට විසදුම් ඉල්ලා ඔහු විසින් මිල්ටෙරි ⁣නන්දසේන වෙත ලිපියක් යොමු කරන ලදී.අද දිනයේ යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපියේ ඉහත ලිපියෙන් විසදුම් ඉල්ලූ කරුණු තවදුරටත් අමාත්‍යංශය තුළ සිදුවන බවද සඳහන් කර ඇත.
පාස්කු ඛේදවාචක⁣යට සාධාරණය ඉෂ්ට නොවීම පිළිබඳව කතෝලික ජනතාව අතර ඇති දැඩි කළකිරීමද නියෝජ්‍ය අමාත්‍ය ලන්සාගේ ඉල්ලා අස්වීම කෙරෙහි අනියම් ආකාරයෙන් බලපාන්නට ඇති බව අ⁣පේ අදහසයි.
කෙසේ වෙතත්  නිමල් ලන්සා රාජ්‍ය අමාත්‍ය වරයාගේ ඉල්ලා අස්වීම හුදකලා සිඳුවීමක් ලෙස නොතකා හරින්නට නොහැකිය.මිල්ටෙරි නන්දසේනගේ ආණ්ඩුවේ භූතලය යට සිදු වෙමින් පවතින මහා දෙදරා යාමක් පිළිබඳව අඟවන  කම්පන තරංගයක් ලෙස නිමල් ලන්සා ගේ ඉල්ලා අස්වීම පෙන්වා දිය හැකිය.එය තනි දේශපාලනික තීරණයක් නොවන බවට ඉදිරි කාලයේදී  තේරුම් ගැනීමට හැකි සිදුවීම්  වාර්තා වෙනු ඇත.
මිල්ටෙරි නන්දසේනලාද නිමල් ලන්සා  රාජ්‍ය අමාත්‍යවරයාගේ කරණම ගැන මිල්ටෙරි නන්දසේන ආණ්ඩුවද ලේසියෙන්  නොසලකා හරින බවද අපට විශ්වාසය.නිමල් ලන්සාගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව සමාජය තුළ මුද්‍රා ගතව තිබෙන කළු පැල්ලම් නැවත සමාජයට මුදා හැරීමේ  රාජපක්ෂ මැර ක්‍රියාන්විතයක් හෙට අනිද්දා වන විට ක්‍රියාත්මක නොවුන හොත් එය පුදුමය.
තක්කඩි රාජපක්ෂ වරුන්ගේ එම මැර ක්‍රියාන්විත⁣ය ඔවුන් විසින්ම සාධාරණී කරණය කරනු ඇත්තේ සැමට සාධාරණ නීතිය යනුවෙන් වූ විහිළුකාර වචන වලින් බව අපි ලියා තියමු.

Spread the love

Leave a Comment

You may also like