උණුසුම් පුවත්

නැදුන්ගමුවේ රාජාගේ ඇත් දළ යුගලය මාටියා ගහන්නට තක්කඩි රාජපක්ෂලා සූදානමේ.

Spread the love

මහනුවර පැවැත්වෙන දළදා පෙරහැරේ ප්‍රධාන කරඬුව 12 වතාවක් රැගෙන ගිය නැදුන්ගමුවේ හස්ති රාජයා 17 වසරක් පුරාවට එම පෙරහැරට සම්බන්ධ වී ඇත.1953 වස⁣රෙහි මයිසූ⁣රයෙහි උපන් ඉන්දියානු දළ ඇතෙකු වූ නැදුන්ගමුවේ හස්ති රාජයා මයිසූර් හි මහාරජා විසින් පිලියන්දල නීලම්මහර පන්සලේ වැඩ වාසය කළ වෙදැදුරු හිමි නමකට පරිත්‍යාග කොට ඇත්තේ මහරාජා වරයාගේ සමීපතම ඥාතියෙකුට වැළඳී තිබුණ රෝගයක් සුවපත් කිරීම නිසාය.

1978 වසරේදී නැදුන්ගමුව පදිංචිව සිටි ආයුර්වේද වෛද්‍යවරයකු වූ ධර්ම විජය වෙද රාළහාමි විසින් මෙම හස්ති රාජයා මිලට ගෙන තිි⁣බේ.එතැන් සිට නැදුන්ගමුවේ රාජා නමින් හැඳුන්වුන මෙම හස්ති රාජයා අඩි 11.5ක් උස දැවැන්තයෙක් විය.නැදුන්ගමුවේ රාජා මිය යන විට වයස අවුරුදු 69 කි.මිය ගිය හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කොට සිරුර  සංරක්ෂණය කරන ලෙසටද ජනපති මිල්ටෙරි නන්දසේන ⁣බුද්ධශාසන අමාත්‍යංශයේ ලේකම් වරයාට උපදෙස් දෙන ලදී.
ඒ අනුව නැදුන්ගමුව හස්තිරාජයාගේ සිරුර සංරක්ෂණය කිරීමට පෙර මාස තුනක් වල දැමීමට කටයුතු කරන ලද අතර එසේ වල දැමුණු ස්ථානය මාධ්‍ය වෙත අනාවරණය කිරීමක් සිඳු නොකිරිණි.ඒ කාර්යය ඉටු කිරීම සඳහා පැවරුණ කණ්ඩායම හැර වෙනත් පිටස්තර කිසිවකු එම ස්ථානයට කැඳවා තිබුණේ නැත.මෙහිදී එහි ආරක්ෂාව බාර පොලිස් කණ්ඩායමක්ද එම ස්ථානයේ රාජකාරියේ යොදවා තිබුණි.එම කාර්යය සිදු කරමින් තිබෙන අවස්ථාවේ එහි පොලිස් කණ්ඩායම භාරව සිටි පොලිස් පරීක්ෂක වරයාට එහි  රාජකාරියට පිටස්තර තැනැත්තකු එතැන සිටින බව නිරීක්ෂණය විය.

එසේම සැකයට බඳුන් වූ තැනැත්තා එහි සිදුවන දෑ වීඩියෝ කරමින් සිටි බවද පොලිස් පරීක්ෂක වරයාගේ අවධානයට යොමු විය.හස්තිරාජයාගේ සිරුර වල දමන ස්ථානය වීඩියෝ නොකළ යුතුය යන නියෝග පනවා තිබුණ හෙයින් පොලිස් පරීක්ෂක වරයා එම සැක කටයුතු තැනැත්තා ප්‍රශ්ණ කොට ඇති අතර එහිදී ඔහු එම ස්ථානයෙන් පලා ගොස් තිබේ.පොලීසියද වහාම එම පලායන පුද්ගලයා ලුහු බැඳ  ඇති අතර ඔහු ගොස් සැඟවී ඇත්තේ කොළඹ හත තිබෙන අවන්හලකය.පොලීසියද එම අවන්හලට ගොස් සැක  කටයුතු තැනැත්තා ප්‍රශ්ණ කිරීමට ගත් උත්සාහයේදී අවන්හලේ හිමිකාරිණිය බව පැවසෙන කාන්තාවක පොලීසියේ රාජකාරියට බාධා කරමින් පොලිස් පරීක්ෂකවරයා⁣ට තර්ජනය කොට ඇත්තේ තමන් යෝෂිත රාජපක්ෂගේ බිරිඳගේ ඥාතිවරියක බවය .

මේ සිදුවීම සිදුවෙමින් පවතින අවස්ථාවේ පොලිස් පරීක්ෂක වරයා⁣ට පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිළධාරියකු නියෝග කොට ඇත්තේ වහාම එම ස්ථානයෙන් පිටත්ව යන ලෙසය.එම නියෝගයත් සමගම පොලිස් කණ්ඩායම එම ස්ථානයෙන් පිටත් වී ඇති අතර අනතුරුව අපට වාර්තා වී ඇති ආකාරයට  කණ්ඩායම බාරව සිටි පොලිස් පරීක්ෂක වරයාට හදිසි ස්ථාන මාරුවක්ද ලැබී තිබේ.
කාලකණ්නි රාජපක්ෂවරු යනු පුරාවිද්‍ය භාණ්ඩ හා නිදන් මං⁣කොල්ල කරුවෝ වෙති.කෞතුකාගාරයේ තිබු දුටු ගැමුනු රජුගේ කඩුව හොරකම් කෙරුවේද පැපිලියාන විහාරස්ථානයක තිබූ දුටුගැමුණු රජුගේ යෂ්ටිය හොරකම් කිරීමට නිළමේ නම් පුද්ගලයා යෙදෙව්වේද මේ කාලකණ්නියන් බව අනාවරණය වී තිබේ.කෙසේ වෙතත් හිමි නමක ඝාතනය කිරීම නිසා නිළමේ බන්ධනාගාර ගත කෙරුණි.පසුව
 වැලිකඩ හිරගෙදර සිදු කළ සිරකරු ඝාතනයේදී නිළ⁣මේ මරා දමන ලදී.නිළමේ මරා දැමීමට පසු දිනයේදී ඔහුගේ නඩුව කැඳවුන දිනය වන  අතර එම දිනයේදී ඔහු විනිශ්චයකරුට රහස් කට උත්තරයක් දීමට සැළසුම් කර තිබි බවද කියවේ.
වැලිකඩ සිරකරුවන්  ඝාතනය සම්පූර්ණයෙන්ම නිළමේ මරා දැමීමට කළ සැළසුමක් බව අපට හෙළි වී ඇති අතර එම සැළසුම ක්‍රියාත්මක කළ  පොලිස් පරීක්ෂක රංඟජීව ඔහුට එරෙහිව සිටි හොරොයින් ජාවරම්කරුවන්ද එහිදී  ඝාතනය කරන ලද්දේ දඹුල්ල වන්දනාවේ ගොස් තලගොයින් ද මරාගෙන එනවා වාගේය.වැලිකඩදී සිරකරු ඝාතනයේදී මරා දැමුණ නිළමේ ගේ පවුලෙන් සත්‍යයය අනාවරණය වීම වැළැක්වීම සඳහා නිළමේගේ සොයුරිය කෝට්ටේ නගර සභාවට පොදුජන පෙරමුණු මන්ත්‍රීවරියක ලෙස පත් කර ගැනීමට මධුර විතානගේ කටයුතු කරන ලදී.ඒ කාලකණ්නි රාජපක්ෂ වරුන්ගේ මැදිහත් වීම නිසාය.මේ වන විට මධුර විතානගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අනියම් බිරිඳ නිළමේගේ මන්ත්‍රී නැඟනියයි.
කාලකණ්නි රාජපක්ෂවරු ගේම් දෙන්නේ එහෙමය.නැදුන්මුවේ හස්තිරාජයාගේ දළ යුගලයටද මරිසි පාරක් දැමීමට මේ කාලකණ්නි රාජපක්ෂ වරුන්ගේ සැළසුමක් ඇතැයි අපට සැකයක් මතු වී තිබේ.මෙහිදී කෘතිම ඇත් දළ යුගලයක් සකස් කොට හස්තිරාජයා වල දැමූ තැන දමනවා  යනු  කාලකණ්නි රාජපක්ෂ වරුන්ට ඊසි ගේමකි.හස්තිරාජයා ගේ සිරුර ඉතා රහසිගත ස්ථානයක සිදු කරන විට එම ස්ථානයේ තක්කඩි යෝෂිතගේ පිල්ලියක් ගැවසීම නොසළකා ඉන්නට බැරි ඉතා බරපතල කාරණයකි.
එබැවින් නැදුන්ගමුවේ හස්ති රාජයගේ දළ යුගල ගැන දැඩි අවධානයෙන් සිටින ලෙස අපි  ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
  

Spread the love

Leave a Comment

You may also like