උණුසුම් පුවත් දේශපාලන

බැසිල් ගේ ඉන්දියා ගමනින් පසුව ශ්‍රි ලංකාවම උඩු යටිකුරුවෙයි.

Spread the love


13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව උතුරු නැගෙනහිරට ඉඩම් හා පොලිස් බලතල දීම පිලිබදව සකච්ඡා කිරීමට බැසිල් රාජපක්ෂව ඉන්දියාව විසින් කැදවා තිබුබව ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැන ගැනීමට ලැබුණි.

ඒ අනුව පිටව ගොස් සිටින බැසිල් ඇතුළු දුතපිරිස අද ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීය. ඉන්දියානු අගමැති හමුවේදි රාජපක්ෂලා විසින් ඉන්දියාවට පොරොන්දු වු ආකාරයටම දැන් ඉන්දියානු මෝදි ආණ්ඩුව වැඩ ගනිමින් ඇත. බැසිල් රාජපක්ෂ විසින් අද පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවේදි 13වන ව්‍යවස්ථා සංශෝධන ප්‍රකාරව උතුරු නැගෙනහිරට මේ තාක් අහිමිව තිබු ඉඩම් බලතල මෙන්ම පොලිස් බලතලද ලබා දීමට නියමිත සියළු තීරණාතමක් සාකච්ඡාවලට අනුමතිය ලබාදිනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

එසේම ඉතාම නුදුරේදීම දෙමළ ඩයස්පෝරාව ජනාධිපති ගේ ආරාධනයට අනුව මෙරටට පැමිණීමට නියමිතය. බැසිල් රාජපක්ෂ මෙම ඉන්දියානු සංචාරයට පෙර විමල් වීරවංශ හා ගම්මන්පිල්ල ඇමති තනතුරෙන් ඉවත් කල බව සත්‍ය කරුණකි. ඒත් එම දහතුන්වැනි සංශෝධනය සඳහා ම ඔවුන් ඉවත් කළ බව තාමත් ගම්මන්පිල සහ වීරවංශ  සඟවමින් සිටී. එසේ කරන්නේ රාජපක්ෂලාට ඇති බැදියාව නිසාබව තතු දත්තෝ පවසයි.

බැසිල්ගේ මෙම සියලූ සාකච්ඡාවලින් පසුව ඔහුට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක  මුදලක් ඉන්ධන සහ අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර  ලබා ගැනීම සඳහා ඉන්දියානු රජය විසින් ණය වශයෙන් ලබාදීමට නියමිතය.

අද දින ජනාධිපතිවරයා විසින් ජාතිය ඇමතීමෙන්පසුව ඔහු විසින් යම්කිසි ඉඟියක් කරමින් ඔහු රටට දැනුම්දී සිටියේ ඉදිරියේදී ඉතාමත්ම තීරණාත්මක තීන්දු තීරණ ගන්නා බවයි. ඒ අනුව බැසිල් රාජපක්ෂ ඉදිරි දිනයකදී  ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමට නියමිතව සිටි.

බැසිල් රාජපක්ෂ සමග මෙම  ඉන්දියානු සංචාරයේ නිරත වන්නේ ඉන්දියානු ශ්‍රි ලංකා තානාපති මිලින්ද මොරගොඩ ගේ සහභාගිත්වයෙන්ය. මිලින්ද මොරගොඩ ගෝඨාභය ජනාධිපති  වු වහාම තානාපති සේවාවට පතකල පුද්ගලයෙකි.


Spread the love

Leave a Comment

You may also like