උණුසුම් පුවත්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න ගෙනුත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්.

Spread the love

පාස්කු ප්‍රහාර සිදු වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව කටයුතු කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ අධ්‍යක්ෂක ශානි අබේසේකර දෙදෙනාය.

මෙම විමර්ශනයන් සිදු කළ බොහෝ කරුණු හෙළි කර ගැනීම සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම ද මෙහි මහ මොළකරුවන් වශයෙන් හඳුන්වන ලද පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ද අවශ්‍ය සියලුම කටයුතු සිදු කර අවසානය තෙක් ගමන් කළේ ශානි අබේසේකර සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න යන දෙදෙනා ගේ මූලිකත්වයෙන් සහ ඔවුන්ගේ මගපෙන්වීමෙන් පරීක්ෂණ කණ්ඩායම්ය.

ඒ අනුව රවී සෙනෙවිරත්න මහතාගේ සහ ශානි අබේසේකර ගේ මඟපෙන්වීම යටතේ මෙහෙය වූ කණ්ඩායම සියල්ලම ඉතාමත්ම කෙටි කාලයක් තුළදී පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට සත්‍ය ලෙසම හැකිවිය.

එහෙත් අවාසනාවකට සිදුව ඇත්තේ එම අපරාධය ක්‍රියා කරමින් සහ මෙහෙයවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට ආසන්න තිබියදී ආණ්ඩු පෙරළියක් සිදුවිය. 

පාස්කු ප්‍රහාරයෙන් පසුව පැවැති ජනාධිපතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණ ලබා ගැනීමට ගෝඨාභය රාජපක්ෂට හැකිවිය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමට ප්‍රධාන වශයෙන්ම බලපෑ හේතුව නම් පාස්කු ප්‍රහාරයයි .එම පාස්කු ප්‍රහාරය හේතුවක් වීම නිසාම එම ප්‍රහාරය එල්ල කරන ලද, සහ එහි මෙහෙයුම් කරුවන් වූ මහ මොළකරුවන් අත්අඩංගුවට ගැනීමට කිසිසේත් රාජපක්ෂ ආණ්ඩුව ඉඩ නොදෙන බව දැන් සක්සුදක් සේ පැහැදිලිය,

ඒත් මෙම අපරාධයට ලක්වූ අපරාධ වින්දිතයින් සැනසීම සඳහා  හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන දෙදෙනාට චෝදනා 811 කින් යුක්තව චෝදනා පත්‍රයක් ගොනු කරමින් ඔවුන් අධිකරණය ඉදිරිපත් කළේය. එහෙත් අධිකරණය එකම තීන්දුවකට පැමිණ එම දෙදෙනාව නිදොස්ව නිදහස් කළේය.

 නිදොස් කර නිදහස් කිරීමට මූලිකම හේතුව වී ඇත්තේ ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න දෙදෙනා අත්අඩංගුවට ගැනීමට  බව  ලංකා දවස අප පුවත්පත මීට පෙර හෙළි කළ අතරම නැවත විමර්ශන සිදුකරන බවද අපි මීට කලකට පෙරදී කීවේය.

එම හෙළි කිරීමත් සමගම දැන් ඒ සියල්ලම සත්‍ය වී ඇත. පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරමින් තමා අත්අඩංගුවට නොගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස  ශානි අබේසේකර අධිකරණයෙන් ඉල්ලීය.

  එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතා ද අද මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරමින් තමා ද අත්අඩංගුවට ගැනීමට සූදානම් පවතින බවත්, එසේ අත්අඩංගුවට නො ගැනීමට නියෝග නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇති බව ආරංචි මාර්ග තහවුරු කරයි

යම් හෙයකින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩු විභාගයට පැවතිය හොත් රාජ්‍ය දැඩි අපහසුතාවයට පත්වන අතරම මෙහි දී මහ මොල කරුවන් සහ මෙම පාස්කු ප්‍රහාරයේ අපරාධකරුවන් කරළියට පැමිණෙන බව සක්සුදක් සේ පැහැදිලිය


Spread the love

Leave a Comment

You may also like