උණුසුම් පුවත්

පස්කු ප්‍රහාරය ගැන පාප් වහන්සේව දැනුවත් කිරීමට අගරදගුරු හිමිපාණන් ඇතුළු දූත පිරිසක් වතිකානුවට යයි

Spread the love

කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් හිමිපානන් හා  තවත් පියතුමන්ලා කණ්ඩායමක් සමඟ සුද්ධෝතම පාප් වහන්සේ බැහැ දැක  පාස්කු ප්‍රහාරය පිලිබදව උන්වහන්සේව දැනුවත් කිරීමට පෙරේදා වතිකානුව බලා පිටත් වී ඇත.

පාස්කු ප්‍රහාරය පිලිබදව විමර්ෂණය සිදුවන්නේ රජයේ අවශ්‍යතාවයන් මත පමණක් බවත් අධිකරණමය ක්‍රියාමාර්ග නොගනීම දැඩි දෝෂ දර්ෂණයට ලක්ව ඇති කරුණකි.  දේශපාලකයන් ගේ උවමනාවමත විමර්ෂණයන් සිදු කර ඇති බව මීට පෙර විමර්ෂණයන් සිදුකල නිලධාරින් ඉන් ඉවත්කොට ඔවුන් සිරගත කිරීම ,පවා   සිදුකර ඇත.

 මෙම හමුවට කිතුණු සමාජය නියෝජනය කරමින් එම ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් ඉතාලිය හා වතිකානුව ,රෝමය අවට සිටින බොහෝ  පිරිසකට වතිකානුවට පැමිණෙන ලෙසට දැනුම් දී ඇත. මේ වනවිට පාස්කු ප්‍රහාරය පිලිබදව මුලික අපරාධ විමර්ෂණයන් කල එවක අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ද ,එහි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්නද අත් අඩංගුඅවට ගැනීමට සුදානම්ව සිටින බවත් දැන් වාර්තාවේ.

කෙසේ වෙතත් ශ්‍රි ලංකා ආණ්ඩුවෙන් නිසි විමර්ෂණයක් හෝ ඒවනි විමර්ෂණයකට සහාය දීමට බැදි සිටින අධිකරණයක්වත් නැත. එපමනක් නොව ලංකාවේ නිතිපති දෙපාර්තමේන්තුව අද පොහොට්ටු සාමාජික අපරාධකරුවන් නාවා පිරිසිදු කර රෙදි අපුල්ලන ස්ථානයකි.

එවනි නිතිපති ඇතුළු නඩයකින් රටේ ජනතාවට යුක්තියක් ඉටුවේ යැයි කවරෙකු හෝ සිතනවානම් ඔහුට මොලේ අමාරුවක් තිබිය යුතුය. ඒ නිසාම පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ඇල්ලීමට කිසිදවසක ගෝඨාභය නොයන්නේම ඉන් රටේ ජනාධිපති වුයේ ගෝඨාභය නිසාය.

මෙහිදි පාස්කු ප්‍රහාරය පිලිබදව නිවරදිව විමර්ෂණය කල විමර්ෂණ නිලධාරින්ට දැන් අත්වන ඉරණම පිලිබදවද ලෝක කතෝලික සභාව හා පාප් වහන්සේ දැනුවත් කිරීමට නියමිතව ඇත. එසේම පාස්කු වින්දිතයන්ට ශ්‍රි ලංකා රජයෙන් යුක්තිය ඉඅෂ්ඨ කරවීමට බලකිරීමට යුරෝපයේ වෙසෙන ශ්‍රි ලාංකිකයන්ටද

පෙබරවාරි 27 වන ඉරුදින ශාන්ත පීතර දේවස්ථානය අසලට පැමිණෙන ලෙස දැනුම් දෙයි.

අධිකරණයෙන් යුක්තියක් ඉෂ්ඨ නොවුනත් අද ගෝඨාභයව සිංහාසනාරූඩ කල වුන්ද, සිංහාසනාරූඩ වු එකාද විදවීම දිට්ඨධම්ම වේදනීය කර්මය විදවමින් ඇති බවනම් පෙනීමට තිබේ.

—————————————————————————————————

පාස්කු ඉරුදින ප්‍රහාරයේ අවනඩුව සුදතුම් පියාණන්ට කියන්න 

යුරෝපයේ වෙසෙන සියලුම ශ්‍රී ලාංකික ජනතාවෙනි එක්වන්න 

දිනය – 2022 පෙබරවාරි මස 27 වැනි ඉරිදා 

වේලාව – උදෑසන 11.00

ස්ථානය – වතිකානුව (පේදුරු පාවුළු බැසිලකා පරිශ්‍රය)

—————————————————————————————————


Spread the love

Leave a Comment

You may also like