උණුසුම් පුවත්

රද්දොළුගම ප්‍රසිද්ධ වැසිකිලිය විවෘත කිරීමට දේශපාලකයන් දෙන්නෙක් කඹ අදී – උරණ වු කාන්තාවක් ගොඩනැගිල්ලට අසුජි ගසයි.

Spread the love

රද්දොළුගම අළුතින් ඉදිකල බස් නැවතුම්පල හා පොදු වැසිකිලිය මෙතෙක් විවෘත නොකිරීම නිසා ඊට උරණ වු කාන්තාවක් අද එම ගොඩනැගිල්ලට අසුජි ප්‍රහාරයක් එල්ලකිරීම මත පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

පලාතේ ආණ්ඩු පක්ෂයේම ප්‍රභල දේශපාලකයන් දෙදෙනෙකු ගේ කඹ ඇදිල්ලක් හේතුවෙන් මෙම බස් නැවතුම්පල හා ප්‍රසිද්ධ වැසිකිලි විවෘත නොකර කල් මරමින් ඇති බවට පලාතේ ජනතාව චෝදනාකරයි.

මෙම ස්ථානයට දිනකට මගින් 1000 කට ආසන්න පිරිසක් පැමිණියත් ප්‍රසිද්ධ වැසිකිලියක් නැති අඩුපාඩුවට මහජන මුදලින් ඉදිකර ඇති මෙම වැසිකිලි විවෘත කිරීමට පවා අද දේශපාලකයන් අතර දැඩි කඹ ඇදීමක් හට ගෙන ඇත.බස් නැවතුම් පොළ සහ පොදු වැසිකිලිය පළාතේ ප්‍රබල දේශපාලකයකුගේ ප්‍රධානත්වයෙන් මාර්තු මස 10 වන දින විවෘත කිරීමට සූදානම් බවද වෙත වාර්තා වේ.

ඊට උරණ වූ කාන්තාවක්   එල්ල කල අසුජි ප්‍රහාරය නිසා අළුතින් ඉදිකල ගොඩනැගිල්ලට හා අවට සිටි බස් මගීන්ටද එම අසුජි වැදි ඇත. අත් අඩංගුවට ගත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


Spread the love

Leave a Comment

You may also like