උණුසුම් පුවත් දේශපාලන

2013 දී වීරකැටිය කිතුණු දෙවස්ථානයට ගිනිතබා විනාශ කොට පසුව පොලිසියටත් ගිනි තියලා – පොලිසිය ගිනි තිබ්බට විමර්ශනයක් නෑ.

Spread the love

රාජපක්ෂ භීෂණය මෙරට පැලවන්නේ මහින්ද රාජපක්ෂ නැමති පුද්ගලයා මෙරට ජනාධිපති වීමත් සමඟය එම භීෂණයට ආගමක් ධර්මයක් ,යුක්තියක් ,නිතියක් ඇත්තේම නැත .

ආගම රාජපක්ෂාගම වියයුතුවා සේම යුක්තිය තීරණය වන්නේ මැදමුලන වල්ව්වේය. ඊට සමස්ථ ආරක්ෂක අමාත්‍යංශය මෙන්ම ත්‍රිවිධ හමුදාවම යටත්ය. ඒ ඔහු සේනාධිනායකයා නිසාය .

 රටේ බහු භූත ව්‍යවස්ථාවේ ප්‍රකාරව රටේ ජනාධිපතිවරයා රටේ සේනාධිනායකයා වන බවට ඇති නිසාය. ඒ සියළු බල`පුළුවන්කාරකම් ඔවුන් ගේ අතවැසියන් හිතුමතේ භුක්ති විදින්නේ වහලුන්ට වහල් හිමියා දී ඇති අවසරය මතය. ඒ නිසාම   2013 මාර්තු 18 වන් දින එකවරම රාජපක්ෂ හිතවාදි පුද්ගලයන් 400 කට වඩා වැඩි පිරිසක් පැමිණ වීරකැටිය ජීවනාලෝක දේවස්ථානයට ප්‍රහාරයක් එල්ල කලෝය. එය මෙහෙය වු  බොහෝ පුද්ගලයින් අත කැති මුගුරු තිබීම නිසා ජීවනාලෝක දේවස්ථානය විනාශ විය .` යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ පිලිමය පොලොවේ ගසා සුණු විසුණුකොට ගිනි තැබීමට බේබදු උන්මාද පාතාල සාමාජිකයින් රාජපක්ෂලාගේ ආගමික සහජීවන්මයේ හෙළුව ලෝකයාට පෙන්වීමකි.

එදා සිට අද දක්වාම කිසිදු පුද්ගලයෙක් ඊට දඬුවම් නොලබීමම රාජපක්ෂලා ගේ භීෂණයේ තරම කියා පායි. ඒ  වනවිට මෙම දේවස්ථානය භාරව සිටි ප්‍රදීප් කුමාර නැමති දේවගැතිතුමා වෙනත් කටයුත්තකට කොළඹට පැමිණ තිබී ඇත. පසුව ඔහු මේ පිලිබදව සොයා සොයා බැලීමේදී තම බිරිද ගේ ඇසට  බරපතල තුවාලයක් සිදුව තිබෙන බවත්, තම දියනියන් දෙදෙනා බිරිඳ සහ දරුවන් දෙදෙනා මරණෙට බයේ නිවස තුළ සැඟවී තිබේ.

පැමිණි නිල් බලකා සාමාජිකයන් හා අනෙකුත් මැර කණ්ඩායම විසින් බිරිද හා දරුවනට නිවසින් පිටවීමට ඉඩ ඉඩ නොදී නිවසතුලම පුළුස්සා දැමීමට සුදානම් බව දැනගත් වහාම වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරින්ට එම ස්ථානයේ ජනතාව පාලනයට නොහැකි නිසා එම නිවසියන් බේරා ගැනීමට පොලිස් විශේෂ කාර්යය බලකාය කැදවා දැඩි පරිශ්‍රමයකින් තුවාල කරුවන් රෝහල් ගත කොට ඇත.

පසුව  මෙම  2013 වන දින මාර්තු 18  දේවස්ථානයේ දී ප්‍රදීප් කුමාර ඝාතනය කොට දේවස්ථානය ගිනි තබා විනාශ කිරීමට පැමිණි  කණ්ඩායමේ කීප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත . එදින ම රාත්‍රී කාලයේ දී නැවතත් නිල් බලකායේ සාමාජිකයින් සහ තවත් පාතාල මැර කණ්ඩායමක් පැමිණ ඒ වන විට පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරු මුදා ගැනීමට  2013 /03/19 වනදින  එලිවීමට රාජපක්ෂ මැරයන් එක් වරම වීරකැටිය පොලිසියට කඩා වැදි පොලිසියට බරපතල හානි සිදු කොට ඇත.

පොලිසියේ දේපලවලට පහරදි ලක්ෂ ගනනක විනාශයක් කර ඇත. ඒ රටේ ජනාධිපතිවරයාගේ උපන් ගමේ දිමය ඉන් පසුව කැරලිකරුවන් පොලිස් තනිකඩ භට නිවසනයට පහර දි නවතා තිබු පොලිස් ජීප් රථයට පවා බරපතළ හානි සිදුකොට දීවනාලෝක දේවස්ථානය විනාශ කොට එහි භාර කරු දේව ගැති ප්‍රදිප් කුමාරව මරාදැමීමට පැමිණි ඒ වන විට වීරකැටිය පොලිස් සිරමැදිරිය තුල සිටි සැකකරුවන් 05 දෙනෙකු පැහැර ගේන ගොස් තිබේ.

 ජාතියෙම අවාසනාව 2013 /03/19 සිදු වු එම සිදිධිය පිලිබදව කිසිවෙකුත් අත් අඩංගුවට ගැනීමක් නොකර පොලිස් දෙපාර්තමේන්තුව සිද්ධිය වූ දින රාත්‍රියේම ලහි ලහියේ  ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ නියෝගයෙන් සියල්ලම පිලිසකර කිරීමට තරන් නිවට නියාළු පොලිස්පතිලා එදත් ,අද මෙන් සිට ඇත්තේය. ඉන් පසුව රාජපක්ෂ මිනිමරුවන්ගේ තම ජීවිතය බේරා ගැනීමට ප්‍රදීප් කුමාර දේවගැතිවරයා මරණ භයට රටින් පැන ගොස් ඇත.

එදා රාජපක්ෂලා මිනිමැරුවේ ප්‍රසිද්ධියේය . ඒ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම දේශපාලනීකරණය වී ඇති නිසාය. අදවන විට මහින්දගේ දිගුවක් ලෙසට ගෝඨාභය හමුදා ජුන්ටාවක් නිර්මානය කොට එදාට වඩා ඉක්මනින් අද ගෝඨාභයලා නිවන් දැකීමට සමතය.

 

එදා 20 වන සංශෝධයෙන් අද තරන් මහින්දට බලතල නැත, අද පොලිසියේ පොලිස්පති පත් කිරීම, ඉවත් කිරීම, සියල්ලම ඇත්තේ ජනාධිපති ගෝඨාභය අතය. ඒ නිසාම අද වන විට ප්‍රදීප් කුමාර දේව ගැතිවරයා සිටියා නම් ගෝඨාභයලා නොමිලේම ස්වර්ගයට යවා මේ වන විට සැනසිල්ලේ සැතපෙනවා ඇත.

රාජපක්ෂ භීෂණය තවත් එක් ජීවත්ව සිටින කෙනෙකු ගේ කතාවකි. ඒ නිසාම යම් හෙයකින් දේව ගැතිවරයා පැමිණිය හොත් කටුනායකදීම ස්වර්ගයට අද නොමිලේම යාමේ පහසුව ගෝඨාභයලා සලසා ඇත. රටේ ජීවත්වන ජනතාවට පොලිස්යේ කිසිදු ආරක්ෂාවක් ඇත්තේම නැති බවත්, සමස්ථ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම දේශපාලන භූවල්ලා වෙලා ගේන ඇති බව කිව යුතුමය .

අද රටේ ජනතාවට සිදුව ඇත්තේ පොලිසියෙන් ආරක්ෂාවි තම ජීවිත බේරා ගැනීමකි. පොලිසියක් ,දේවස්ථානයක්  සිනිතබා විනාශ කොට තිබියදි අපරාධකරුවන්ට ආරක්ෂාව ලබාදෙන පොලිස්පතිලා සිටින පොලිසියක රටේ ජනතාව ආරක්ෂාවක් ඉල්ලනවා නම් උන්ට මොලේ අමාරුවක් තිබිය යුතුය.

මෙම රාජපක්ෂ භීෂණයට ජනතාව එරෙහි වී සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව ම දේශපාලනයෙන් මුදාගත යුතුය


Spread the love

Leave a Comment

You may also like