අනුරාධපුරයේ සල්ගාදු ක්‍රිඩාංගනයට ලංකාවේ හතර දිග්බාගයෙන් ගෙන්වු සමෘද්ධි ලාභී අහිංසක දුප්පත් මිනිසුන් ගෙන්වා මහින්දගේ හයිය පෙන්වීමට ගොස් අද රාජපක්ෂලා පස්ස බිම ඇණගෙනය. ඒ සල්ගාදු පිටියට පැමිණි බොහෝ ගොවියන් ගේ එකම “හු “හඩ මධ්‍යයේ ඇසුනේ අපිට පොහොර දියව් කියාය.
ඒ සමඟම රාජ්‍ය බුද්ධි අංශ අද පිටු 8 ක වාර්තාවක් දි කියා ඇත්තේ දැඩි ජනතා නැගි ටීමකට ඉඩ ඇති බවකි. ඒ අනුව ලංකාව පුරාම පත්කළ ආරක්ෂක සම්බන්ධිකරණ නිලධාරින් වු යුධ හමුදා මේජර් ජෙනරාල්ලා සෙනසුරාදා කොළඹට කැදවා ඇත.
හෙට සවස 06.30 ට ජනාධිපති ගේ ප්‍රධානත්වයෙන් වියත්මඟ නැවත ප්‍රතිසංවිධානය කිරීමට මෙහිදි සුදානම් වේ. පසු ගිය කාලය පුරාවටම රාජපක්ෂලාගේ වියත්මඟ ඔස්සේ ඉවත්ව ගිය සභාපතිලා ඊට සහභාගි වන්නේදැයි අපි දැඩි අවධානයෙන් බලා සිටිමු.

වියත් මගේ සාකච්ඡාවෙන් පසුව සියලු දෙනාටම මධුවිත සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයක් ජනාධිපතිවරයා විසින් පැවැත්වීමට නියමිතය .සල්ගාදු පිටියේදී ජනතාවට දී ඇති බත් පත බල්ලන් නොකන බව එහි පැමිණි ජනතාවගෙන්ම දැනගත හැකි වූ අතර එහෙත් වියත් මගේ වියතුන්ට අද ලැබෙන්නේ නම් ෂැංගිලා හෝටලයේ අති ප්‍රණීත ආහාරයකි.