උණුසුම් පුවත්

පල්ලියේ බෝම්බයත් මාලක – ඕෂල ව්‍යාපාරික ගැටුමෙන් වසා දමයි ද……? 

Spread the love

සියළු සාන්තවරුන්ගේ දේවස්ථානය තුල බෝම්බයක් තැබීමේ වරදට මේවනවිට ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වු ඕෂල් හේරත් ගේ පියා වන අවුරුදු 86 ක් වයසති විශ්‍රාමික වෛද්‍යවරයෙකු වු හේරත් මහතාව දැන් රදවා ගැනීමේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාශයේ රදවා ගෙන ප්‍රශ්ණ කරමින් ඇත.

මේ පිලිබදව ලංකා දවස විසින් විශේෂ විමර්ෂණයක් කළෙමු. එහිදි හෙලිවු කරුණු සමාජ ගත කිරීම අපගේ  වගකීමකි. ඕෂල හේරත් පසු ගිය කාලයක් පුරාවටම  සියළු දේශපාලකයන් ගේ දුෂිත ක්‍රියාවන්ට විරුද්ධව ප්‍රභල මතයක් සමාජ ගතකල අයෙකි. ඒත් ඔහු ගේ මව ගේ අභාවයත් සමඟම සියළු දේශපාලන ක්‍රියාකාරකම් නතර කොට ඇත.

ඒත් ඔහු ව්‍යාපාරික කටයුතුවල නිරත සිට ඇත. අපගේ තොරතුරු කරුවන්ට දැන ගැනීමට ලැබි ඇත්තේ මාලක චන්ද්‍රදාස හා ඕෂල හේරත් දෙදෙනා කුමන හෝ ව්‍යාපාරික කටයුත්තක නිරත්ව සිට ඇත. 

කව්ද මේ මාලක චන්ද්‍රදාස;

මොහු ගෝඨාභය රාජපක්ෂ ගේ සොහොයුරිය වු ප්‍රිති හා වෛද්‍යචන්ද්‍රදාසගේ පුත්‍රයාය. මාලක චන්ද්‍රදාස පිලිබදව අපි ප්‍රභලවම හෙලිකල කරුණ වුයේ පාස්කු ප්‍රහාරය වනවිට ඔහු ෂැන්ගිල්ලා හෝටල් ජාලයේ ආරක්ෂක කටයුතු භාර අධ්‍යක්ෂක්වරයෙකි. එසේම එදින ඔහු නිවාඩු දමා විදෙස්ගතව සිටියේ මෙම සිද්ධිය දැනගෙන දැයි විවිධ ප්‍රශ්ණ මතුවිය. ඒ පිලිබදව අදටත් කිසිදු ප්‍රකාශයක්  ලබා ගැනීමට පොලිසිය ක්‍රියා නොකිරීම එක් පැත්තකින් අපරාධ විමර්ෂණයේ ප්‍රබල හිඩැසකි.

එසේම මාලක ගේ උපාධිය ඊටත් වඩා අරුම පුදුම උපාධියකි. ඒ කුඩා කණ්ඩායම හා පිපිරවීම හා ප්‍රහාරයන් පිලිබදව ඇති උපාධියකි. මොහු යුධ හමුදාවේ හෝ වෙනත් ආරක්ෂක අංශයක අයෙකු වුවානම් ඒ උපාධිය ඉතා වටිනවා ඇත.

එසේම වර්තමානයේ මාලක චන්ද්‍රදාස ගෝඨාභය මමාගේ ප්‍රධාන ආරක්ෂක උපදේෂකය. ඕෂල ත්‍රස්තවාදියෙකු නොවන බව අපිට කිව හැකිය. ඒත් මාලකලා පිලිබදව අපිට ඇත්තේ දැඩි සැකයකි. ඕෂදගේ නිවසේ ඇත්තටම ප්‍රභල අවි ගබඩාවකි . ඒ අපරාධ විමර්ෂක යෙකුට නොව .

පොලිස් විමර්ශන පිලිබදව මළ පොතේ අකුරක් නොදන්නා දේශ බන්දුටය. මහා අවි ගබඩාවම තම 11 වයසති දරුවා ගේ යකඩ මිශ්‍රිත සෙල්ලම් පිස්තෝල 03 හා විදේශ රටක නිෂ්පාදිත වායු රයිපලයක් ය.

කෙසේ නමුත් දැන් විමර්ෂණය, නිරික්ෂණය, සම්පුර්ණය. නිගමනය වන්නේ පල්ලියේ බෝම්බකරු පිලිබදව විර්ෂනය කල හරක් – වීරසේකර එදා මාධ්‍යයට කියාසිටියේ රුපියල් පනස් දහසක් ලබා ගත් පුද්ගලයෙක් විසින් එම බෝම්බය පල්ලිය තුළ අටවා ඇති බවට එම පුද්ගලයා මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන බවයි.එසේ නම් තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඔහු බෝම්බය තැබූ බවට  කරන ප්‍රකාශයේ හෙළි වන්නේ කුමක්ද……? මෙයින් කුමක් සත්‍ය දැයි දැන් රටේ ජනතාවට හරක් වීරසේකර හෙළි කළ යුතුය.

සවස  03 ඇරඹූ විමර්ශනය වෙනත් අතකට යොමු කළේ කාදිනල් උන්නාන්සේ සහ එම පල්ලියේ පියතුමන්ලා බව  අපි ඉතා හොඳින් දන්නේය.  සරත්ලා – මාලකලා – දේශ බන්දුලා දැන් යන්නේ වෙනත් දිසාවකට බව අපට කිව හැකි ය.

ඒ ඉතාම නුදුරේ දී ජාත්‍යන්තර විමර්ශනයක දී මොවුන් පෙන්වා දීමට සූදානම් වන්නේ පල්ලිවලට බෝම්බ ගහන්නේ කතෝලිකයන් ම බවට සාක්ෂි සහිතව, ලේඛන සහිතව ලෝකයට ඉදිරිපත් කිරීම මොවුන්ගේ සූදානම බව අප හට ඉතා විශ්වාසවන්ත තොරතුරු ලැබී ඇත. ඕෂල හා ඔහුගේ පවුලේ සියල්ලම කතෝලික භක්තිකයින්ය.

ඉතාම නුදුරේදීම පාප්වහන්සේ හරහා  ජාත්‍යන්තරයට යාමට තීන්දු කොට ඇති බැවින් ජාත්‍යන්තරයට යනවිට මුස්ලිම් අන්තවාදින් නොව කතෝලිකයන්ම තම පල්ලිවලට බෝම්බබ තැබු බවට ලිඛිතවම දැන් පොලිසියට වාර්තාවන් දීමට හැකිය. ඕෂල හා පියා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වීමටත් බැරි නැත.

දේශ බන්දුව ඉතාම ඉක්මනින් ශ්‍රි ලංකාවේ පොලිස්පති කරනබව සහතිකය. ඒ දේශබන්දුට තරන් රාජපක්ෂලාගේ අසුජි රෙදි සේදීමේ හැකියාවක් පොලිසියේ වෙනත් කාටවත්ම නැති නිසාය. ඕෂල හේරත්ව අත් අඩංගුවට ගැනීමට ඊයේ රාත්‍රියේ දේශ බන්දු දැනුම් දුන් අතරම ඕෂලගේ පියා සතුව තිබූ ප්‍රභල ප්ලාස්ටික් අවි ගබඩාව පිලිබදව රජයේ රසපරික්ෂක වාර්තාවක් කැදවනු ඇත.

මේ පිලිබදව ඕෂල හේරත් ගෙන් විමසීමට අපි උත්සහා කල නමුත් ඔහු ගේ දුරකතනයන් පොලිසිය රැගෙන ගොස් ඇත. මාලක- ඔෂල ව්‍යාපාරික ගැටුම කෙලවර වන්නේ බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ  දේවස්ථානයේ තැබූ බෝම්බයේ මහමොළකරු ලොතරැයියේ තෑග්ග ලබාදීමෙන් බවට අප වෙත තොරතුරු ලැබී ඇත.

කෙසේ වෙතත්, මෙම බෝම්බ තැබුවා යැයි කියන සිද්ධිදාමය තුළම ඇත්තේ  මෙය හුදෙක් ප්‍රබන්ධයක් මිස සත්‍යයක් නොවන අතරම මෙහි ඇති බරපතළ තත්ත්වය නම් මෙහි ප්‍රධාන අපරාධකරු නීතියෙන් සහ සමාජයෙන් සඟවා ගැනීමට පොලිසියම අවාසනාවන්ත උත්සාහයක් ගෙන ඇති අතරම, මෙයින් පෙනී යන්නේ කාගේ හෝ අවශ්‍යතාවයක් මත මෙම කතා ගොන්නක් ගොඩනඟා ඇති බවයි.

මුළුමනින්ම සකස් කරන ලද කතා ගොන්නක් බව අප වෙත ලැබුණු තොරතුරු අනුව අපගේ නිගමනයයි.


Spread the love

Leave a Comment

You may also like