උණුසුම් පුවත්

සියඹලාන්ඩුවේ දී ජනාධිපති කතා කළේ හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ බිරින්දෑවරුන්ට හා දෙමව්පියන්ට.

Also available in: English (English)

Spread the love

මෙහිදී ජනාධිපතිවරයා ගොවියන් ලෙසට සමාජයට සහ රටට පෙන්නා සිටියේ පොලිස් නිලධාරීන්ගේ සහ හමුදා නිලධාරීන්ගේ බිරින්දෑවරුන් ,දෙමව්පියන්ය. මෙහිදී නම හෙළි කිරීමට නොහැකියි  පොලිස් සැරයන්වරයෙකු අප හට කියා සිටියේ ඔහුගේ බිරිඳ ද ඒ අතර සිටි බවයි.

සියඹලාණ්ඩුව 9 කණුව, මහකළුගොල්ල,පොතුවිල් පාරප්‍රදේශවල ජීවත්වන යුධ හමුදා සෙබළුන්ගේ දෙමව්පියන් සහ බිරින්දෑවරුන් මෙම ස්ථානයට කැඳවාගෙන පැමිණ ඇත.

මෙම පැමිණි පිරිසට පොලිසියෙන් දැනුම් දී ඇත්තේ තම දු,පුතුන් හෝ ස්වාමියා පොලිසියේ හෝ හමුදාවේ යැයි කොයිම විටකවත් නොකියන ලෙසටය.

එදින නියම ගොවියන් කිසිවෙකුටත් ජනාධිපත්වරයා පැමිණෙන අවස්ථාවට හෝ ඒ අසලවත් ඒමට ඉඩ නොදී ඇත. 3 කනුව විශේෂ කාර්යය බලකායේ සෙබළුන් 75 කට ආසන්න පිරිසක් කැදවා සිට ඇත.

ගෝඨාභය රාජපක්ෂට ඡන්දය ලබා දී ජනාධිපති බවට පත්කල හැට නම ලක්ෂය මෙයාකාරයෙන් ගොනාට අන්දවන බව ඉතා කණගාටුවෙන් සිහි කළ යුතුය


Spread the love

Leave a Comment

You may also like