උණුසුම් පුවත්

මිල්ටෙරි නන්දසේන තක්කඩි සුසිල් ගේ ඇමති පිරුවටය ගලවයි.

Spread the love

සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා දැරූ අමාත්‍ය තනතුරෙන් ඉවත් කිරීමට මිල්ටෙරි නන්දසේන කටයුතු කර තිබේ.පසුගිය මාසයක දෙකක සිට ආණ්ඩුව හා සුසිල් ප්‍රේමජයන්ත් අතර විරසකයක් තිබූ බව පෙනෙන්නට තිබුණි.ඒ ඔහු දිගින් දිගටම ආණ්ඩුව විවේචනය කළ නිසාය.කෙසේ වෙතත් ඒ ⁣නෝක්කඩුව කෙළවර වී ඇත්තේ මිල්ටෙරි නන්දසේන පුකට පයින් ගසා සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍ය තනතුරන් එළියට විසි කර දැමී⁣මෙනි.
සුසිල් ප්‍රේමජයන්ත් යනු මං මහ වියතා ගනයට අයත් දිය යටින් ගින්දර ගෙන යන තවත් එක් තක්කඩි දේශපාළුවෙකි.
1990 දී කෝට්ටේ නගර සභාවෙි නගරාධිපති ධූරයට පත් මොහු කෝට්ටේ ශ්‍රීලනිප සංවිධායක ධූරයට පත් වූයේද ගේමක් ගසාය.ඒ එවකට කෝට්ටේ ප්‍රබල ශ්‍රීලනිප දේශපාලන චරිතයක් ලෙස මහජන ප්‍රසාදය දිනා ගෙන සිටි  නීතිඥ චන්ද්‍රා සිල්වා කකුල් මාට්ටු දමා බිමට ඇද දමමිනි.නීතිඥ චන්ද්‍රා සිල්වා ඒ හිතේ අමාරුවෙන්ම මිය ගියේය.
කෙසේවෙතත් ජනපති මයිනාගේ කාලයේ බල ශක්ති ඇමතිවරයා වූයේ සුසිල් ප්‍රේම ජයන්ත්ය.මේ කා⁣ලයේදී විදේශයන් ගෙන් ඉන්ධන සංස්ථාවට ඉන්ධන මිලට ගැනීමේදී මොහුගේ බිරිඳ බොහෝ දූෂිත ජාවරම්වල නිරත වූ බවට ඇතැම් මාධ්‍ය මගින් අනාවරණය කෙරිණි.ඒ නොසන්ඩාල ජාවාරම  පත්තු වූයේ බාල ඉන්ධන බෙදා හැරීමෙන් සිය වාහන වලට සිදුවූ හානි පිළිබඳව ජනතාව පැමිණිලි කරන්නට ගත් නිසාය.එහිදී ජනපති මයිනා ගේ නියෝගයෙන් ඒ පිළිබඳව සිදු කළ පරීක්ෂණයේදී  සුසිල් ප්‍රේමජයන්ත් ගේ බිරිද ගෙන ගිය දූෂිත ජාවාරම් ගැන අනාවරණය විය.
මේ සිදුවීම ගැන හොඳම සාක්ෂියක් පසුගිය ජනපතිවරණයේදී සජින් වාස් ගුනවර්ධන වෙතින් හෙළි දරව් කෙරිණි.ජනපති මහින්⁣දගේ අතීසාර සමීපතමයා වූ සජින් වාස් ගූණවර්ධන 2015 පැවැති ජනපති වරණයෙන්  පසුව බන්ධනාගාර ගත කෙරිණි.සජින්වාස් බන්ධනාගාරගතව සිටියදී මෙරට පැවැති පාර්ලිමේන්තු මැතිවරණයට  ඔහු ශ්‍රීලනිප සංවිධායක ධුරය දැරූ බලපිටිය මැතිවරණ කොට්ටාශයට  බිරිඳ වූ ටියාරා ගුණවර්දන ඉදිරිපත් කිරීම ඔහුගේ අපේක්ෂාව විය.එහිදී පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රීලනිප අපේක්ෂකයන් ⁣තේරීමේ සම්මුඛ පරීක්ෂණයට ටියරා ගුනවර්දන සහභාගි වූ අතර එම සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ප්‍රධානියා වූයේ මෙම සුසිල් ප්‍රේමජයන්ත්ය.සජින් වාස් ගේ බිරිඳ වූ ටියාරා ගුනවර්දන අඩුම වශයෙන් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඉදිරියට නොකැඳවීමට මෙහිදී සුසිල් ප්‍රේම ජයන්ත කටයුතු කළ බව  කියවෙි.
සජින් වාස් හා සුසිල් ප්‍රේම්ජයන්ත අතර බරපතල විරසකයක් පැවැති බව එම සිදුවීමෙන් තහවුරු වූ අතර ඒ ආරවුලේ සුල මුල කුමක්ද යන්න හෙළිදරවු වූයේ පසුගිය ජනාධිපති වරණයේදීය.එම ජනාධිපතිවරණයේදී සුසිල් ප්‍රේමජයන්ත මාධ්‍ය සාකච්ඡාවකදී සජින් වාස්ට එරෙහිව අපහාසාත්මකව චෝදනා එල්ල කරන ලදී.සුසිල් ප්‍රේමජයන්ත විසින් තමන්ට එරෙහිව සිදු කළ අපහාසාත්මක චෝදනාවන්ට පිළිතුරු දීම සඳහා සජින්ද වාස් ද අම්බලන්ගොඩ දී මාධ්‍ය  සාකච්ඡාවක් පැවැත්වීය.
එහිදී සජින් වාස් තමන්ට එරෙහිව අපවාද නැගූ  සුසිල් ප්‍රේමජයන්ත්  පිළිබඳව කිව්වෙි මෙපමනය.
“…මේ ඇමතිතුමාට මතකද ඇමතිතුමා මහින්ද ජනාධිපතිතුමාගෙ කාලෙ බලශක්ති ඇමතිවරයා ඉන්න කාලෙ  බාල ඉන්ධන ගෙනැල්ල රට පුරා බරපතල අර්බුදයක් ඇති වුනා.මතකද ඒ වෙලාවෙ ඇමතිතුමාට ජනාධිපතිතුමා ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න කියල කිව්ව.ඒත් ඇමතිතුමා අස්වුනේ නැතුව පොර ටෝක් එකක් දුන්නනේ.ඉන් පස්සෙ මට මහින්ද ජනාධිපතිතුමා සීඩී එකක් දුන්න ගෙනිහිල්ල ඔබතුමාට ⁣බලන්න දෙන්න කියල.මම ඒ සීඩී   එකත් අරගෙන ඇමතිතුමා හම්බවෙන්න බලශක්ති අමාත්‍යංශයට ආව මතක ඇතිනේ.ඒ ඇවිල්ල ජනාධිපති තුමා දුන්න සීඩී එක ඔබතුමාට බලන්න දුන්න.ඒ සීඩී එක බලල ඔබතුමා⁣ට මූනින් කටින් දාදිය දාල සිහිය විකල් වුනා මතකය.ඉන්පස්සෙ මම ඔබතුමාට ⁣එතැන මේස උඩ තිබුණ වතුර වීදුරුව බොන්න දීල තමයි සිහිය ආවෙ.එදා එ වෙලාවෙ ඇමති තුමා මට ඇමතිකමෙන් අස්වීමේ ලියුම ටක්  ගාල ලියල දුන්න.මතකද ඇමති තුමා.හරි දැන් ඊළඟට ඇමතිතුමා මට පිළිතුරු දෙන්නකො .ඉන් පස්සෙ මම ඒ සීඩී එකේ තිබුණ ඒව ගැන හෙලි කරන්නම්. ඒ වගේම ඇමතිතුමා ඒ සීඩී එක තවමත් මගේ ගාව තියෙනවා……. “
සජින් වාස්ගේ මේ අනාවරණයත් සමග සුසිල් ප්‍රේමජයන්ත් ගේ මුඛය හා අධෝ මුඛය දෙකම වැසිණි.අද වන තෙක් සජින් වාස්ට එරෙහිව මේ වීරයා වචනයක් කතා කළ බවක් නම් අපට දැන ගැන්මට නැත.කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තියෙනවා යැයි කියවෙන කතාව සජින් වාස් ගේ සීඩී එකට අපූරුවට ගැලපෙන්නේය.ඇමති තනතුරෙන් එළියට විසිවී අද අඹ ටෝක් දෙන්නේ  සිල් රෙදි පොරවා ගත් මෙවැනි තක්කඩියන්ය.හැබෑවටම දේශපාලන භූමියේදී ජනතාව වඩාත් ප්‍රවේශම් විය යුතු වන්නේ මෙවැන්නන් ගෙනි.කාගේ හෝ පොකට්ටුවක් හීන් සීරුවේ ⁣සොරකම් කොට ඒ පොකට්ටුව ඉණේ ගසාගෙන දුවන අතරේම අන්න පොකට් කාරයෙක් දුවනවෝ යැයි කෑ ගසමින් දුවන්නේ මෙවැනි ගේම් කාරයන්ය.ඒ අතින් මෙරට දේශපාලනයේ නාම ධාරී හොර දෙටුවන් ගැන සමාජය බියක් ඇති කර ගත යුතු නැත.සමාජය බිය විය යුතු වන්නේ සිල් රෙදි පොරවාගත් සුසිල් ප්‍රේමජයන්ත් වැනි තක්කඩි කපටියන්ගෙනි.ඇතැම් විට හෙට අනිද්දා වන විට මේ තක්කඩියා විපක්ෂ දේශපාලන වේදිකාවක මං පොර ⁣ජාතකය වදාරනු ඇත්⁣තේය.
මිල්ටෙරි නන්දසේනට උහුලාගෙන ඉන්ට බැරි තරමේ විධායක බලය  ලබා දෙන්නට සිදු කළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පැවැති පාර්ලිමේන්තු විවාදයේදී සුසිල් ප්‍රේමජයන්ත් විපක්ෂයට චෝදනා කරමින් 20 සංශෝදනයට අත් එස වූ හැටි අමතක කරන්නට අපට බැරිය.
මේ තක්කඩියා එදා  මිල්ටෙරි නන්දසේන පුම්බන්නට   දැගලූ දැඟලිල්ලේ හැටියට ⁣අද කතා කරන්නේ අධෝ මුඛයෙන්දැයි  අපට සැකයකි.විසිවන සං⁣ශෝධනයෙන් පසුව තමන්ට වගකිව යුතු ප්‍රබල අමාත්‍ය තනතුරක් ලැබෙනු ඇතැයි සුසිල් ප්‍රේමජයන්ත සිතා ගෙන සිටින්නට ඇත. සැබැවින්ම එහෙම ප්‍රබල ඇමතිකමක් ලැබුණේ නම් මෙි තක්කඩි වාහේ  වර්තමානයේ ජනතාව විඳින දුක ගැන ඇහැක් ඇරලා බලන්නේ නැති බව අපට හොඳටම විශ්වාසය.
මේකා හිටියේ වෙනදා දැරූ ප්‍රබල ඇමතිකමක් වර්තමානයේදි නොලැබීම නිසා  දරා ගත නොහැකි ශෝකයෙනි.මුන්දෑට වඩා මෙි ගැන ශෝකයෙන් පසුවෙන්නට ඇත්තේ ජාවාරම්කාර ගෙදර උන්දෑය ඇමැති කමෙන් එළියට විසි වී ගෙදර යන.ගමන් මේ තක්කඩියා කිව්වේ මං ඉතින් හෙට අනිද්දා ඉඳලා උසාවි යනවා කියලාය. අපටත් කියන්න තියෙන්නේ උඹලා වගේ මගෝඩියන් එකා දෙන්නා හරි දේශපාලනයෙන් චුත වී යන එක මේ රටේ ජනතාවට සෙතක් බවය.මෙි  තක්කඩියා ඇමති කාර්⁣යාලයේ බඩු බාහිරාදිය බාර දී ගෙදර ගියේ තුන් රෝද රථයකින් බව මාධ්‍ය වාර්තා වල පල විය.එතැනැදිත් මොහු කරන්නේ ජනතාව රැවටීමය.අනේ මේ මනුස්සයා ඇමතිවරයෙක් වෙලා ඉඳලාත් වාහනයක් වත් තිබිලා නෑ කියන අදහසක් සමාජය තුල වපුරවන්ටය.⁣අර බාල ඉන්ධන ගෙන්වා යටි මඩි ගැසූ මුදල් කන්දරාව කොහේදැයි මෙි උන්නැහේගෙන් අහන්නට අපට සිද්ධ  වෙන්නේ මෙවැනි මගෝඩි රගපෑම් දකින විටය. 

 


Spread the love

Leave a Comment

You may also like