Spread the love

අයියේ……………
“ගෙදර හිටපු අහිංසකම එකා ඔයා” කියලා කිව්වෙ මහින්ද ලොකු අයියාය.
ඉස්කෝලෙ ආව දවස් වල කාලයක් යනකම් “සාරි පොටේ එල්ලීලා ඇඬුවා” කිව්වේ සෝමා මැඩම්ය.
දියතලාවේ කෙඩෙට් ට්‍රේනිං ගිහිල්ලා ඉන්න කොට “කලිසමේ චු ගියා” කිව්වෙ ආරක්ෂක ලේකම් කමල් අයියාය .
1991 දි යුද්ධෙ ගජරාමෙට යන කොට “තමන්ට තද බල මානසික රෝගයක් තියෙනවා” කියලා මෙඩිකල් කන්ඩෙම් කරන් රට පැන්නා”කියලා කිව්වේ  හමුදාවය.
“එහෙම කරමු ඩාලිං” කියලා කිව්වේ අයෝමා අක්කාය.
“මට කඩේ ගිය නිසා මුරුත්තෙට්ටුවේට කුලපතිකම දුන්නා” කිව්වේ ඔබතුමාමය .
උදේ ගහන ගැසට් රෑට රිවර්ස් කලේ ඔබතුමාය .
“පෝර නිකං දෙනවා” කියලා ඇවිත් 
ගොවීන් නැත්තටම නැති බංගස්ථාන කලේ ඔබතුමාමය.
දෙරණ එක්ක එකතුවෙලා කෝවිඩ් වලට අපිට පැණි පොවලා, හොරෙන් ෆයිසර් විදන් ශේප් වෙන්න ගියේ ඔයාලාමය .
රටේ මිනිස්සු පාන් කියාගන්න බැරුව ඉන්න කොට, 
ගෑස් පෝලිමේ ඉන්න අයට අතවන්න යන මෝඩයා කවුද?
රටේ මිනිස්සුන්ගෙ නහය ලඟට ප්‍රශ්න ගොඩගැහිලා, 
අද බංකලොත් වෙයි හෙට බංකලොත් වෙයි කියලා ඉන්නකොට ” පද්ම විභූෂණ” සම්මාන උත්සව තියන්නේ මොන බූරුවාද ?
කට ඇරියොත් කියන්නේ ගොං කතාවක්ය .
හයෙන් දෙකක් අඩු කර ගන්න බැරිය.
එක්කො හක් හක් ගායි, නැත්නම් හුක් හුක් ගායි.
“මං තමයි හොදටම කලේ ” කියයි.
ඉතින් හරියට බැලුවොත් ජනාධිපතිවරයාට අපහාස කරලා තියෙන්නේ එයාගේ ලඟම යාලුවොයි , ඔයාමයි තමයිය .
අනිත් එක අයියා ඔය FB කාරයන් එක්ක පැටලෙන්න යන එක තමන් දරන පෝස්ට් එකටත් හරි නෑය .
මොකද කන්නත් නැතිව, බොන්නත් නැතිව ඉන්න උන්ට තියෙන එකම විනෝදේ ඔබතුමාය!
මොන තරම් සැපක් එයාලා ගන්නවද 
පොඩි විහිළුවක් කරලා,
රට කරන විදිය ගැන උපදේසයක් එහෙම ඔයාට  දීලා.
ඔයා තමයි ජනතාවගෙ Stress releasing factor එක.
ඔයා නැත්නම් උන්ට පිස්සු හැදෙනවාය.
ඒක නිසා උපහාසයයි අපහාසයයි පටලො ගන්න එපාය.
හිර ගෙවල් වල ඉඩ තියෙනවානම් ඒ ගැනත් වැඩිය කලබල වෙන්න එපාය.
හෙට අනිද්දා තව කන්න බොන්න නැති වුනාම පොලිස් ජීප් එකට ගල් ගහලා හරි මිනිස්සු බලෙන්ම හිරේට ඒවිය.
ඇයි එතනනේ නිකං කන්න පුලුවන් තැනකට තියෙන්නේ !
හිත ඔච්චරම රිදෙනවනම් අර මෛත්‍රිපාල ලොක්කා වගේ පවුලේ ඔක්කොම අය එක්ක FB නොබලා ඉන්න.
10 ට බුදියලා, උදේට පත්තරෙ බලන්න.
අපහාසයක් වෙලානම් ඔයාගෙ ගමේ එකා සකල්බර්ග්ට කියන්න.
මිනිහා කොමියුනිටි ස්ටෑන්ඩර්ඩ්ස් වයලේට් කරා කියලා මොකක් හරි දඩුවමක් දෙයි.
ඔයත් ෂතුටින් !
අපිත් ෂතුටින් !
මීට නිලංග මල්ලි.

Spread the love

Leave a Comment

You may also like