2022 වන වසරේ රජයේ ඇමතිවරු සියල්ලම අද තම තමන්ගේ අමාත්‍යංශවල නැකතට හොරා කෑමට වැඩ ආරම්භ කලෝය. ඒ ලෝකයෙන්ම ශ්‍රි ලංකාව නැමති අමුතු ඇටේ දුපත්වාසින්ම පමණි.
මෙම ලිපිය ලියන ලියුම් කරු ද එංගලනතයේ ප්‍රධාන පෙලේ ආයතනයකට සම්බන්දව රාජකාරි කලත් පැමිණි දින සිට කිසිම වසරක ලංකාවේ සේ නාඩගම්සිදුකර නැත. ඒත් අද මුළු දවසම වෙන්ව තිබුනේ ඇමති පිලිගැනිම හා කතාවන්ට සවන් දීම හා කිරිබත් කෑමටය.
ඒත් අවාසනාව ඒවනි කිසිදු පොට්ටනිකාර ගනින්නාන්සේලාගේ අවවාද අනුශාසනා නැති මේ රටවල් දියුණුවේ හිනිපෙත්තටම ගොස් ඇති අතරම ගනින්නන්සේලාගේ අවවාද අනුශාසනා කියනා පාහරන් එකට ගිලින්නේ රටේ ජනතාවගේ සල්ලිය.
ඒත් අද ඇමතිවරු කිරිබත් කනවිට අහිංසක දුප්පත් ජනතාවට පාන් කෑල්ලක් කෑමට බැරිව ,දරුවාට කිරි ටිකක් දීමට බැරිව සිටින අහිංසකයන් මැති ඇමතිවරුන්ගේ පවුල්වලට හෙන ඉල්ලමින් ගෑස් පෝලිම් වල කිරිපිටි පෝලිම් වල ලැග අලුයම කාලයේ සිට ලත වෙවී සිටිනවා ඇසීම ඉතාම ඛේදජනකය .
දැන් වසරේ මුල් සතියම ගෙවෙන්නේ වසරේ අළුත් ආරම්භයට වැඩ ඇල්ලීමටය. මේ සියල්ලම රටට දේශපාලකයා ගෙනා කාලකන්ණි මනස්ගාතය. මෙම ලිපිය ලිවීමට පෙර ආසියාවේ හා යුරෝපයේ රටවල් වල වසරක් ගෙවී වසරක් උදාවන විට අමාත්‍යවරුන් මෙසේ අමාත්‍යංශවලට පැමිණ උත්සව තිබේදැයි පරික්ෂා කළ නමුත් ඇත්තේ ශ්‍රී ලංකාවේ ම පමණි.
තමාට gas silindar ගැනීමට කිරිපිටි පැකට්ටුවක් ගැනීමට ජනතාව අළුයම් කාලයේ සිට දුක් අඳෝනා දිදී පෝලිම් වල ඉද්දි, ඇමතිවරුන් අමාත්‍යංශවලට පැමිණ සතුටු සාමීචියේ යෙදෙමින් කිරිබත් කෑම මොනතරම් අසීලාචාර, නින්දිත දැයි කිව හැක්කේ ඒ පිළිබඳව සොයා බලන්නකුට ම පමණි
ගැස් මරුවාව රැගෙන යාමට වලිකන ජාතියක් සිටින රටේ තම ඡන්දයෙන් පත්කල ඇමතිවරු කේක් ,කිරිබත් කමින් මහා උජාරුවෙන් රට සිංගප්පුරුවක් කිරීමට රාජ්‍ය සේවකයාගේ සහාය ඉල්ලයි.
දැන් රටේ ජනතාවට ඇත්තේ ජීවත් වෙනවාද….? මිය යනවාද ……?යන්න තිරණය කිරීමට පමණි. තවත් නොබෝ දිනකින් නැවත වතාවක් ඉන්දන මිල ඉහල යනබවට දැන් හතර වටින්ම ඉඟි ලැබෙමින් ඇත. මෙවන් අසිරිමත් ජාතියක් ලොවෙත් නැත.
මියගිය සුනිල් පෙරේරා කීවේ එංගලන්තේ එහෙම උනාට ලංකාවේ එහෙම වෙන්නේ නැ..නෑ…නෑ……… කියාය.
විශේෂ ස්තුතිය ඡායා රූප වෙනුවෙන් සිරස මාධ්‍යයට.