ජනාධිපතිවරයාට මිරිහානේදී කිරි පිටි පෝලිමක සිටි ජනතාව හූ කීවේයැයි කියවෙන සිදුවීමක් පිළිබඳව මුහුණු පොතෙහි පල වූ වාර්තාවක් බෙදා හරින ලදැයි චෝදනා කරමින් සිවිල් සමාජ ක්‍රියාකාරිණියක වන ආශා පෙරේරාට මිල්ටෙරි නන්දසේන ගේ පොලිස් දඩයම් බල්ලන් පිරිසක් විසින් අමානුෂික ආකාරයෙන් හිරිහැර කර ඇතැයි වාර්තා වේ.ආශා දිල්රුක්ෂි පෙරේරා පොලීසියේ දඩ බල්ලන් රැළ විසින් තමන්ට සිදු කළ හිංසාව සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඒ ගැන මෙසේ
අනාවරණය කරන ලදී.
“….මම ආශා පෙරේරා.මා එක්සත් ජාතික ස්වයං රැකිය වෙළඳ ව්‍යාපාරිකයන් ගේ සම්මෙිලනයේ කාන්තා සංවිධානයේ ජාතික කැඳවුම්කාරිණී හා ජාතික සංවිධායකවරිය.ඇත්තටම කියන්න කණගාටුයි.ඊයේ දවසෙදි අපරාදයක් කරපු කාන්තාවක් ඩැහැගෙන යනවා වගේ දෙයක් තමයි මට සිද්ධ වුනේ.ඒ සිදුවීම පැහැදිලි කරනවනම් මා ආබාධිත දරුවන් වෙනුවෙන් කැප වුන කෙනෙක්.සමාජයේ නොපිලිගත් පිරිසක්
යහ මගට යවන්නට කැප වී සිටින කෙනෙක්.මේ සිද්ධිය වෙද්දි මම ඒ දරුවන් එක්ක වැඩ කරමින් හිටියෙ.ඒ වෙලාවෙ පිරිමි පහලොස් දෙනෙක් එක්ක එක කාන්තාවක් එතැනට ඇවිල්ලා ඔයාගෙ ෆෝන් එක පෙන්නන්න ඔයා වැරැද්දක් කරල තියෙනවා එන්න අපි එක්ක යන්න කියල කතා කෙරුවා.ජනාධිපතිතුමාට
අපහාස වෙන දෙයක් තමයි ඔයා කරල තියෙන්නෙ ඒ ගැන ප්‍රශ්ණ කරන්න ඕනෑ
කියලත් කිව්වා.මං කිව්වා ඒ වෙලාවෙ එන්න බෑ වෙලාවක් කියන්න මම එන්නම් කියලා.ඒත් කීවා බෑ එහෙම කරන්න බෑ අපි එක්ක දැන් යන්න ලෑස්ති වෙන්න කියලා.මම ලොකු අපහසුතාවකට පත් වුනා.ඒ දෙසැම්බර් තිස් එක් වෙනිදා.මම අම්මා කෙනෙක්.ගෙදරවත් අළුත් අවුරුද්දට කිසි දෙයක් සූදානම් කරල තිබුනෙත් නෑ
පහුගිය දවස්වල ගෑස් සිලින්ඩර් පිපිරීම නිසා කාන්තාවන්ට වෙච්චි අසාධාරණය වෙනුවෙන් හඬක් නගන්න එළියට ආවා
ඒ වෙලාවෙදි පවා මට තව අසාධාරණයක් වුනා.නොසිතූ විදියට කහඳගම මහත්තය මට විරුද්ධව පැමිණිලි කරල තිබුන මම හූ කිව්ව කියල.ඒ මම නොකරපු දෙයක්.
අන්තර්ජාලයේ නිකම් පලවුන පෝස්ට් එකක් ෂෙයා කෙරුව කියල තමයි මම ගෙනිච්චෙ.මගේ ෆෝන් එක ගත්තා සියලු දේවල් කොපි කර ගත්තා.ඒව කොපි කරගෙන කිව්වෙ ඉස්සරහටත්
මේ වගේ දේවල් කරන්න එපා.මින් ඉදිරියට ඔය වගේ දේවල් කරල අහු වෙන්නත් එපා කියල.වගකීමෙන්ද මේ පෝස්ට් එක දැම්මෙ කියල ඇහෑව්වා. ජීවිත විනාශ වෙනවානම් මේ වගේ පෝස්ට් එකකට වගකීමක් සඳහන් කරන්නෙ ඇයි සහෝදරයා කියල මං ප්‍රශ්න කරා.මම මේ ගැන ගොඩක් කණගාටු වෙනවා.මට ලොකු බයක් තියෙනවා.ඒ වගේ පොඩි දේකට මගේ පස්සෙන් පන්නනවානම් ඊට වඩා දේවල් කරපු මිනිස්සු ඉන්නවද.
මම මිනීමරල අපරාද කරල නෑ.සිවිල් සංවිධාන නායකයන් එළියට ඇවිල්ල
මා වෙනුවෙන් පෙනී හිටියා.විපක්ෂ නායක තුමා කිව්වා මේව මෙහෙම වෙන්න දෙන්න බෑ.ඔයා කතා කෙරුවෙ සාමාන්‍යය මිනිස්සු වෙනුවෙන් කියලා…”
ඒ ආශා ප්‍රසිද්ධියේ මාධ්‍යයට අනාවරණය කළ විස්තරයයි.ලංකාවෙි අපහාස නීතියක් නැත.යම් කෙනෙකුගේ කීර්ති නාමයට හානි වන ලෙස තව පුද්ගලයෙක් අපහාසයක් සිදු කෙරුවේනම් ඒ සම්බන්ධයෙන් සිවිල් අධිකරණයේ පෞද්ගලික නඩු කරයක් පවරා නෛතික කටයුතු කළ හැකිය.එහෙත් මිල්ටෙරි නන්දසේන ගේ පොලිස් දඩ බල්ලන් රැළට මෙරට පවතින නීතිය අදාල නොවේ.මේ දඩබල්ලන් රැළ සිටින්නේ තම ස්වාමියා උසී උසී යැයි කී විට බුරන්ටය.හපා කන්ටය.
පොලිස්පති වරයාට හා ඒ පාදඩ පොලිස් දඩ බල්ලන් රැළට අපි මෙසේ ලියමු.ඒ
හැමදාම ඔය සෙල්ලම් බැරි බවය.මිලිටෙරි නන්දසේන ඉන්නේ ජම්පරය ඇඳ වැලිකඩට යන්න ඔන්න මෙන්න වාගේය.ඔහු ජම්පරය අඳින විට ඔය පොලිස් දඩයම් බල්ලන්ට රෙන්න බර වෙන එකනම් සිකුරුය.අන්න එදාට යුනිෆෝම් කලිසමේ අසූචි තවරාගෙන ඒවා හෝදාගන්නට වතුර නැතුව අඬා වැලපෙන්න එපා කියාද අපි පවසමු.
ඒ අතරම අප විපක්ෂයේ දේශපාලන නායක කාරකාදීන්ට හා සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ට කියන්නේ දේශපාලනික වාද බේද වලින් තොරව සාමූහිකව එකට එක්ව මිල්ටෙරි නන්දසේනගේ ඕනෑ එපා කම් අනුව අනීතිකව හැසිරෙන පොලිස් දඩ බල්ලන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් සැමගේ සියළු වතගොත හා ඔවුන් සිදු කරන ලද වැරදි පිළබඳව වාර්තා ගොනු කෙරෙන වැඩසටහනක් මුළු රටම ආවරණය වෙන ආකාරයට අරඹන ලෙසය.
වැඩිදුරටත් එය යාවත්කාලීන කරමින් එහි ඇති තොරතුරු මාධ්‍ය වෙතටද අනාවරණය කරන ලෙසටය.එය “රතු කොඩිය” RED PLAG යනුවෙන් හඳුන්වන ලෙසටද අපි යොජනා කරමු.